En  |  தமி



ලංකා සයින් (LankaSign) ඩිජිටල් අත්සන් සමඟ පහසුවෙන් ලේඛන අත්සන් කර හුවමාරු කරගන්න

ලංකා සයින් (LankaSign) ඩිජිටල් අත්සන් සමග කඩදාසි භාවිතයෙන් තොර අනාගතයකට පිය නගන්න. අපගේ ඩිජිටල් අත්සන් විසඳුම්, ඔබේ මුල්‍ය ආයතනයේ සියළුම ලේඛන අත්සන් අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නිර්මාණය කර ඇති අතර, සේවකයින්, සහකාරයින්, සහ ගනුදෙනුකරුවන්ගේ දිනපතා කාර්යයන් කාර්යක්ෂමව හා ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීමට උපකාරී වේ. ලංකා සයින් (LankaSign) හි විශ්වාසනීය ඩිජිටල් අත්සන් විසඳුම් සමඟ ඔබේ ආයතනයේ විප්ලවීය පෙරලියක් ඇති කරන්න.

ඩිජිටල් අත්සනක් යනු කුමක්ද?

ඩිජිටල් අත්සනක් යනු ඩිජිටල් ලේඛනයක කතෘභාවය සහ සත්‍යතාවය තහවුරු කිරීම සඳහා භාවිතා කරන විශේෂිත ඉලෙක්ට්‍රොනික අත්සනකි. මෙය ක්‍රමලේඛිත තාක්ෂණික ක්‍රියාවලියක් භාවිතයෙන් නිර්මාණය කරන අතර, එය අනවසර සංශෝධනය වලින් ලේඛන ආරක්ෂා කරගැනීමට සහ අන්තර්ජාලය හරහා ආරක්ෂාකාරීව ලේඛන බෙදාහරිම සඳහා භාවිතා වේ.

ඔබේ මුල්‍ය ආයතනයේ ගනුදෙනුවල රහස්‍යභාවය, අඛණ්ඩතාව සහ නිරවද්‍යතාව තහවුරු කිරීමට ඩිජිටල් අත්සන ඉතා වැදගත් සහ අත්‍යවශ්‍ය මෙවලමකි.

ඩිජිටල් අත්සන් භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

විශ්වාසනීය බව සහ ප්‍රමිතීන්ට අනුකූල වීම

ලංකා සයින් (LankaSign) ඩිජිටල් අත්සන් ඉහළම ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වන අතර, සෑම ගනුදෙනුවක්ම ආරක්ෂිත හා නියාමන අවශ්‍යතාවලට අනුකූල බව සහතික කරයි

සුරක්ෂිත බව

උසස් ක්‍රිප්ටෝග්‍රැෆි තාක්ෂණය භාවිතා කරන ඩිජිටල් අත්සන් මගින් ඔබේ ලේඛන වල ආරක්ෂාව සහතික කරනු අතර, ඒවා කිසිදු ආකාරයකින් අවසරයකින් තොරව වෙනස් කළ නොහැකි බව සහතික කරයි

පරිශීලකයා වෙනුවෙන්ම නිර්මාණය කළ ඩිජිටල් අනන්‍යතාවය

ඔබේ ඩිජිටල් අත්සන තහවුරු කර ගැනීමට සහ බලය පැවරීමට ඔබේ අනන්‍ය ඩිජිටල් අනන්‍යතාවය භාවිතා කරන්න

ඔබේ මුල්‍ය ආයතනය සදහා ලංකා සයින් (LankaSign) ඩිජිටල් අත්සන් තෝරා ගත යුත්තේ ඇයි?

  • නීතිමය පිළිගැනීම
  • ශ්‍රී ලංකාවේ National Certification Authority Task Force විසින් අනුමත කරන ලද, පළමු සහ එකම අවසර ලත් සහතිකකරණ සේවා සැපයුම්කරු (CPS) වීම
  • ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට (Electronic Transactions Act) අනුකූල වීම
  • ඉහළම ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල වන අතර, වංචා වළක්වන තාක්ෂණයන්ගෙන් බලගන්වා තිබීම
    • ISO 27001:2013 සහතිකය
    • Web trust සහතිකය
    • ඉතා දියුණු තාක්ෂණයෙන් යුත් ආරක්ෂණ උපකරණ භාවිතයෙන් දත්ත මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම
  • භාවිත කිරීම පහසු වීම
  • Desktops, laptops, android සහ iOS වැනි ඕනෑම ස්මාර්ට් උපාංගයන්/ වේදිකාවන් හරහා භාවිතා කළ හැකි වීම
  • සාධාරණ මිල
  • ඩිජිටල් අත්සන් කිරීමේදී කාලය ඉතිරි කරන බැවින්, ඔබේ ව්‍යාපාර කටයුතු වල කාර්යක්ෂමතාව ඉහළ යාම
  • ඩිජිටල් අත්සන් කිරීම කාලය ඉතිරි කරන බැවින් ඔබේ ව්‍යාපාර කටයුතු වල කාර්යක්ෂමතාවය ඉහළ යාම
  • පරිපාලන වියදම් අඩු වීමෙන් පිරිවැය ඉතිරි වීම
  • ඕනෑම තැනක සිට බාධාවකින් තොරව සහ පහසුවෙන් කටයුතු කිරීමේ අවස්ථාව හිමි වීමෙන් නම්‍යශීලීභාවය ඉහළ යාම

ඔබේ ලේඛන අත්සන් කිරීමට හොඳම සේවාව තෝරා ගන්න

අපගේ ලේඛන අත්සන් කිරීමේ සේවාව ලංකාව තුළ සහ ලෝකය පුරා විශ්වාසයට සහ පිළිගැනීමට ලක්ව ඇත. ඔබේ අවශ්‍යතා සඳහා ගැලපෙන සේවා විසඳුම අදම තෝරා ගන්න.

දෘඩ ටෝකනය

බලන්න

මෘදු ටෝකනය

බලන්න

වෙනත් නිෂ්පාදන







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander