We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
මූල්‍ය ක්ෂේත්‍රය තුළ, සාම්ප්‍රදායික ඇමරිකානු ඩොලර් අණකර හා චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය සැලකිය යුතු අභියෝග මතු කළ අතර, බොහෝ විට ගනුදෙනුකරුවන්ට චෙක්පත්/අණකර වලට නිශ්කාෂණයෙන් පසු මුදල් ලැබීමට සති තුනකට වඩා කාලයක් ගත විය. මෙම ප්‍රමාදයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි 'නොස්ට්‍රෝ' ගිණුම් හරහා නිෂ්කාෂණ කටයුතු පවත්වාගෙන යාමයි..
මෙම අපහසු ක්‍රියාවලියට පිළියමක් වශයෙන් LankaPay විසින් 2002 දී දේශීය ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශණ ක්‍රියාවලිය හඳුන්වා දෙන ලදී. මෙම අර්ධ පරිගණක ගත නිෂ්කාශන ක්‍රමය මෙම කාලය තුල විප්ලවීය වෙනසක් ඇති කල අතර, මෙමගින් ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශනය සඳහා ගතවන කාලය සති තුනේ සිට දින හතරක් දක්වා අඩු කරන ලදී. තවද නිෂ්කාෂණය සහභාගී වන වාණිජ බැංකුවලට නිෂ්කාශන ගාස්තු සැලකිය යුතු ලෙස ඉතිරි කරගත හැකි විය.
සේවාවන් වඩාත් කාර්යක්ෂම හා නව්‍යකරණයට ලක් කරමින්, 2019 ජූලි 24 වන දා LankaPay ආයතනය මාර්ගගත ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශන පද්ධතිය (UITS) හඳුන්වා දෙන ලදි. මෙම පද්ධතිය, බැංකු අණකරයේ ඡායාගත පිළිබිඹුව බාවිතා කරන අතර, බැංකු අණකර නිෂ්කාෂණයේ ප්‍රමාදයන් සැලකිය යුතු ලෙස අවම කර නිෂ්කාෂණය සදහා ගතවන කාලයේ විප්ලවීය වෙනසක් සිදු කරණ ලදී. මෙම පරිවර්තනීය ක්‍රියාවලිය මගින් නිෂ්කාශණය කිරීමේදී චෙක්පත් හා අණකර භෞතිකව එහා මෙහා යෑමේ උවමනාව ඉවත් වූ අතර, ඒ ආශ්‍රිත ප්‍රමාදයන් සහ මෙහෙයුම් වියදම් අඩු කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්කාශන ක්‍රියාවලිය කිසිදු බාධාවකින් තොර එක්දින ක්‍රියාවලියක් දක්වා විධිමත් විය.
සහභාගී වන ආයතන සඳහා බාධාවකින් තොරව ගනුදෙනු පියවීම් සහතික කරමින් මාර්ගගත ඇමරිකානු ඩොලර් බැංකු අණකර නිෂ්කාෂණය සඳහා ශුද්ධ බේරුම්කරණය කටයුතු සඳහා ලංකා බැංකුව (BOC) පත් කර ඇත. වර්තමානයේ, බලපත්‍රලාභී වාණිජ බැංකු 22 ක් මෙම නිශ්කාෂණ ක්‍රමයට සම්බන්ධ වී ඇත.
අපි පහත කාල පරාසයන් තුළ ඇමරිකානු ඩොලර් බැංකු අණකර නිෂ්කාෂණය සිදු කරන්නෙමු.
නිෂ්කාශන සැසිය | නිෂ්කාශන උප සැසිය | දත්ත ලබා ගැනීම ආරම්භ කිරීම | දත්ත ලබා ගැනීම අවසන් කිරීම | ක්‍රියාකාරකම |
---|---|---|---|---|
මූලික නිෂ්කාශනය | දත්ත උඩුගත කිරීම | 03.00 p.m | 05.30 p.m. | බැංකු අණකර වලට අදාල දත්ත LankaPay වෙත සැල කීරීම |
දත්ත බාගත කිරීම | 06.30 p.m. | 09.30 a.m.(ඊළඟ ව්‍යාපාරික දිනය) | බැංකු අණකර වලට අදාල දත්ත භාගත කිරීම | |
පියවීම් නිෂ්කාශනය | අගරු දත්ත උඩුගත කිරීම | 10.00 a.m. | 11.30 a.m. | අගරු බැංකු අණකර වලට අදාල දත්ත LankaPay වෙත ලබා දීම |
අගරු දත්ත බාගත කිරීම | 12:30 p.m. | 02:30 p.m. | අගරු බැංකු අණකර වලට අදාල දත්ත භාගත කිරීම |
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු.
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලයලත්ඇමරිකානු ඩොලර් මුදල් හුවමාරු මධ්‍යස්ථාන.
සම්මත ප්‍රමාණයේ ඇමරිකානු ඩොලර් අණකරය හෝ චෙක්පත 3.5" උස සහ 7 "පළල වේ.
චෙක්පතක්/ බැංකු අණකරයක් අදාල බැංකුව මගින් LankaPay වෙත නිශ්කාෂණයට එවූ දින සිට එක් ව්‍යාපාරික දිනයක් තුළ නිෂ්කාශනය සිදු වේ.
මාර්ගගත ක්‍රම භාවිතයෙන් දත්ත ඉදිරිපත් කළ යුතු අතර හදිසි අවස්ථාවකදී සංයුක්ත තැටි හරහා දත්ත ඉදිරි පත් කල හැක.
LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.