En  |  தமி



බාධාවකින් තොර සරල රාජ්‍ය ගෙවීම් පහසුකමෙන්, ඔබේ ගනුදෙනුකරුවන්ට වැඩි කාර්යක්ෂමතාවයක් ලබා දිය හැක

රාජ්‍ය ගෙවීම් වේදිකාව

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශනය යටතේ 2017 වසරේදී දියත් කරන ලද රාජ්‍ය ගෙවීම් වේදිකාව, සම්බන්ධිත රාජ්‍ය ආයතන වෙත බාධාවකින් තොරව මාර්ගගත ගෙවීම් සිදු කිරීමට පහසුකම් සලසයි. සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) පද්ධතිය මඟින් බල ගැන්වෙන මෙම වේදිකාව හරහා, සතියේ දින 7ම පැය 24 පුරාවටම එසැණින් ගනුදෙනු සිදුකිරීමේ හැකියාව ලැබේ. මෙය රාජ්‍ය ගෙවීම්වල විනිවිදභාවය තහවුරු කරනු ලබන අතර වැඩි කාර්යක්ෂමතාවයක් හා පහසුවක් ද සහතික කරයි. රාජ්‍ය ගෙවීම් සඳහා ඉදිරි පියවර අත්විඳීමට අප සමඟ එක්වන්න.

මූල්‍ය ආයතන සඳහා ඇති වාසි

  • වැඩි දියුණු කළ කාර්යක්ෂමතාව: මූල්‍ය ආයතනවලට බාධාවකින් තොර ගනුදෙනු පහසුකම් සැලසීමට ඉඩ ලබා දෙන අතර මිනිස් වෙහෙස අවශ්‍ය කටයුතු සහ මෙහෙයුම් පිරිවැය අඩු කරමින් ගෙවීම් ක්‍රියාවලිය විධිමත් කරයි.
  • තත්කාලීන ගනුදෙනු: සතියේ දින 7ම පැය 24 පුරා එසැණින් සිදුවන ගනුදෙනු සමගින්, මූල්‍ය ආයතනවලට තම ගනුදෙනුකරුවන්ගේ ක්ෂණික ගෙවීම් තහවුරු කිරීම්, සේවාවේ ගුණාත්මකභාවය සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩි දියුණු කළ හැකියි.
  • වැඩිදියුණු කරන ලද පාරිභෝගික තෘප්තිය: LankaPay රාජ්‍ය ගෙවීම් වේදිකාව මගින් පිරිනමනු ලබන පහසුව සහ ආරක්‍ෂාව පාරිභෝගිකයන් අතර වැඩි තෘප්තියක් සහ පක්ෂපාතීත්වයක් වර්ධනය කරමින් සමස්ත පාරිභෝගික අත්දැකීම වැඩි දියුණු කරයි.
  • සම්මත ගාස්තු: නොවෙනස්(flat) ගනුදෙනු ගාස්තු, සාධාරණත්වය සහ විනිවිදභාවය ප්‍රවර්ධනය කරයි. මේ හරහා මූල්‍ය ආයතනවලට ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට ලාභදායී ගෙවීම් විසඳුම් ලබා දීමට හැකි වේ.
  • තරගකාරී වාසිය: නව්‍ය සහ කාර්යක්ෂම රාජ්‍ය ගෙවීම් විසඳුම් ලබා දීම, පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සහ රඳවා ගැනීම සඳහා තරගකාරී වාසියක් ලබා දීම ආදියෙන් මූල්‍ය ආයතනවලට වෙළඳපොළ තුළ තමන් විශේෂ වන්නේ කෙසේදැයි පෙන්විය හැකියි.

දැනට LankaPay රාජ්‍ය ගෙවීම් වේදිකාව සමග සම්බන්ධ වී ඇති රාජ්‍ය ආයතන

  • ශ්‍රී ලංකා රේගුව
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • සේවක අර්ථසාධක අරමුදල
  • ආයෝජන මණ්ඩලය
  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය (යාත්‍රා/ භාණ්ඩ යාත්‍රා සහ ඇතුල්වීමේ බලපත්‍රය)
  • ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
  • ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව
  • වාණිජ දෙපාර්තමේන්තුව
  • මධ්‍යම තැන්පතු ක්‍රමය
  • පළාත් පාලන ආයතන සහ රාජ්‍ය ආයතන

වැඩි විස්තර සඳහා LankaPay සහාය අමතන්න.


පුළුල් සෙවීම

අංකය මූල්‍ය ආයතනය අන්තර්ජාල බැංකු කටයුතු ජංගම බැංකු කටයුතු කවුන්ටරයෙන්

සෙවුම් ප්‍රතිඵල කිසිවක් හමු නොවිණි

ඔබටට සහය විය හැක්කේ කෙසේද?

LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!

ඊමේල් ලිපිනය

  |  lankapaysupport@lankapay.net

මුල්‍ය ආයතන සඳහා අදාළ විය හැකි වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander