En  |  தமி



පහසුදායී ගෙවීම් වෙනුවෙන් ඔබට සිටින විශ්වාසවන්තයා!

ජස්ට්පේ (JustPay)

ජස්ට්පේ (JustPay) සමගින් පහසුවෙන්ම ඔබේ බැංකු ගිණුම ඔබ කැමති ජංගම දුරකථන යෙදවුමකට හෝ විද්‍යුත්-වාණිජ වෙබ් යෙදුමකට සම්බන්ධ කර ආරක්ෂිතව ගෙවීම් සිදුකරන්නට දැන් ඔබට හැකියාව ඇත. අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් සිදුකරන විට දී මෙන්ම, වෙළඳසැලක් තුළ දී ලංකා QR(LANKAQR) කේතය ස්කෑන් කිරීමේදී ද ජස්ට්පේ (JustPay) හරහා බාධාවකින් තොරව ගෙවීම් සිදුකළ හැකියි. සංකීර්ණ ගෙවීම් ක්‍රමවලට සමු දී ජස්ට්පේ (JustPay) සමගින් කවදාටත් වඩා පහසුවෙන්, සරලව ඔබේ ගෙවීම් සිදුකරන්න.

ජස්ට්පේ (JustPay) ගැන දැන සිටිය යුතු දේ

  • එක් ගනුදෙනුවක් සඳහා මගේ බැංකු ගිණුමෙන් ලබා ගත හැකි උපරිම මුදල රු.50,000.00 කි. නමුත් මම ලංකා QR (LANKAQR) කේතයක් ස්කෑන් කරන විටක දී රු.200,000.00 දක්වා ගෙවීම් කිරීමට හැකියාව තිබේ.
  • ජස්ට්පේ (JustPay) හරහා මගේ බැංකු ගිණුම ජංගම දුරකථන යෙදවුමකට සම්බන්ධ කිරීමට නම්, SMS දැනුම්දීම් සේවාව සක්‍රීය කරගෙන තිබිය යුතුය.

01

පළමු පියවර

අවශ්‍ය ජංගම දුරකථන යෙදුම භාගත කරගන්න

දෙවන පියවර

එහි ඔබේ ප්‍රොෆයිලය නිර්මාණය කරන්න

තෙවන පියවර

ගෙවීම් මෙනුව යටතේ ඇති “Add your bank account” පහසුකම තෝරන්න

හතරවන පියවර

ඔබේ ගිණුම පවතින මූල්‍ය ආයතනය තෝරන්න

පස්වන පියවර

ඔබේ ගිණුම් අංකය ඇතුළත් කරන්න

හයවන පියවර

ඔබේ මූල්‍ය ආයතනයෙන් OTP අංකයක් සහිත SMS පණිවිඩයක් ලැබෙන තුරු රැඳී සිටින්න

හත්වන පියවර

OTP අංකය නිවැරදිව ජංගම දුරකථන යෙදුමට ඇතුළත් කරන්න

සටහන: කිසිම විටක ඔබේ පුද්ගලික තොරතුරු හෝ OTP අංක ආදී බැංකු තොරතුරු තෙවන පාර්ශව වෙත ලබා නොදෙන්න

අටවන පියවර

ඔබේ ජංගම දුරකථන යෙදුමෙහි දැක්වෙන “නියම සහ කොන්දේසි” වලට එකඟ වන්න

නමවන පියවර

ඔබේ ගිණුම සාර්ථකව ඔබේ ජංගම දුරකථන යෙදුමට එක්කෙරෙනු ඇත

මගේ බැංකු ගිණුම, ජංගම දුරකථන යෙදවුමක් හා සම්බන්ධ කරන්නේ කෙසේද?

02

පළමු පියවර

ගෙවීම් මෙනුව යටතේ ඇති “Add your bank account” පහසුකම තෝරන්න

දෙවන පියවර

ඔබේ ගිණුම පවතින මූල්‍ය ආයතනය තෝරන්න

තෙවන පියවර

ඔබේ ගිණුම් අංකය ඇතුළත් කරන්න

හතරවන පියවර

ඔබේ මූල්‍ය ආයතනයෙන් OTP අංකයක් සහිත SMS පණිවිඩයක් ලැබෙන තුරු රැඳී සිටින්න

පස්වන පියවර

OTP අංකය නිවැරදිව වෙබ් යෙදුම් ඇතුළත් කරන්න

සටහන: කිසිම විටක ඔබේ පුද්ගලික තොරතුරු හෝ OTP අංක ආදී බැංකු තොරතුරු තෙවන පාර්ශව වෙත ලබා නොදෙන්න

හයවන පියවර

අදාළ වෙබ් යෙදුම් දැක්වෙන “නියම සහ කොන්දේසි” වලට එකඟ වන්න

හත්වන පියවර

ඔබේ ගිණුම සාර්ථකව අදාළ විද්යුත්-වාණිජ වෙබ් යෙදුම් එක්කෙරෙනු ඇත

මගේ බැංකු ගිණුම විද්‍යුත්-වාණිජ වෙබ් යෙදුම් හා සම්බන්ධ කරන්නේ කෙසේද?

ජස්ට්පේ (JustPay) භාවිත කළ හැකි ජංගම දුරකථන යෙදවුම්

ඔබ ජස්ට්පේ (JustPay) පහසුකම සහිත ජංගම දුරකථන යෙදවුමක් භාවිත කරනවාදැයි පරික්ෂා කර බලන්න

JustPay භාවිත කළ හැකි වෙබ් යෙදුම්

ඔබ ජස්ට්පේ (JustPay) පහසුකම සහිත වෙබ් යෙදුම්ක් භාවිත කරනවාදැයි පරික්ෂා කර බලන්න

ඔබට අදාළ වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.

2

Event Calander