En  |  தமி



සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) සමග බාධාවකින් තොරව එසැණින් ගනුදෙනු කරන්න

සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS)

බැංකු අතර ගනුදෙනු කිරීමේ දී වැය වන දිගු කාලයට තිත තබන්න. අපගේ සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) සමග ඉතාමත් පහසුවෙන් සහ ආරක්ෂිතව රුපියල් මිලියන 5 ක් දක්වා එසැණින් ගනුදෙනු කරන්න.

පැය 24 ම මුළු වසර පුරා ක්‍රියාත්මක සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) හා සම්බන්ධ සාමාජික බැංකු හෝ මූල්‍ය ආයතන හරහා ඕනෑම ස්ථානයක සිට ඉතාමත් පහසුවෙන් පුද්ගල හෝ ආයතනික ගෙවීම් සිදු කරන්න. ඒ සඳහා ඔබ කළ යුත්තේ ඔබේ අන්තර්ජාල බැංකු ගිණුමට, ජංගම බැංකු යෙදවුමට, ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM) වෙත හෝ කවුටරයට පිවිසීම පමණයි.

සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) ශ්‍රී ලංකා මහ බැංකුවේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, PCI-DSS අනුවාදය 3.2 ඇතුළුව ඉහළම ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වේ. එමගින් ඔබගේ ගනුදෙනුව සුරක්ෂිතව සිදුවන බවට සහතික කරයි. තවද, ඒ සඳහා ඔබට දැරීමට සිදුවන්නේ මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන උපරිම පාරිභෝගික ගාස්තුක් පමණි. සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) සමග එසැණින්, වඩාත් පහසුවෙන් ඔබේ සියලුම මුදල් ගනුදෙනු සිදු කරන්න.

ඔබට ලැබෙන වාසි

  • ක්ෂණිකව ගනුදෙනු කිරීමට හැකි වීම: සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) සමග බැංකු අතර ගනුදෙනු කිරීමේ දී අවම කාලයකින්, කිසිදු බාධාවකින් තොරව රුපියල් මිලියන 5 ක් දක්වා ගනුදෙනු කළ හැකියි.
  • පහසුව: පැය 24 ම මුළු වසර පුරා ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට පුද්ගල හෝ ආයතනික වශයෙන් ගෙවීම් සිදු කළ හැකියි. ඒ සඳහා ඔබ කළ යුත්තේ ඔබේ අන්තර්ජාල බැංකු ගිණුම, ජංගම බැංකු යෙදවුම, ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM) වෙත හෝ කවුන්ටරය වෙත පිවිසීම පමණි.
  • ආරක්‍ෂාව: සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) ඔබගේ ගනුදෙනුවල සුරක්ෂිත බව සහතික කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) PCI-DSS අනුවාදය 3.2 ඇතුළුව ඉහළම ආරක්‍ෂක ප්‍රමිතීන්ට අනුකූල වේ. එමගින් ඔබේ මූල්‍ය තොරතුරු සහ සෑම ගනුදෙනුවක්ම ඉතා ආරක්ෂිතයි.
  • දැරිය හැකි ගාස්තු: ගනුදෙනුවක් සඳහා ඔබට දැරීමට සිදුවන්නේ මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන උපරිම පාරිභෝගික ගාස්තුක් පමණි. අමතර ගාස්තු නොමැතිව අවම පිරිවැයකින් ඔබට සියලුම මූල්‍ය ගනුදෙනු සිදු කළ හැකියි.
  • මූල්‍ය පාලනය: සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) සේවාවේ නම්‍යශීලීභාවය සහ කාර්යක්ෂමතාව සමග ඔබට ඉතාමත් පහසුවෙන් සහ එසැණින් ඔබේ ගනුදෙනු සිදු කිරීමට සහ පුද්ගලික වියදම් කළමනාකරණය හෝ ව්‍යාපාරික ගනුදෙනු පවත්වාගෙන යාම මනා පාලනයකින් යුතුව සිදු කිරීමට හැකි වේ.

ඔබ කැමති මූල්‍ය ආයතනයක් හරහා එසැණින් ඔබේ ගෙවීම් සිදු කරන්න

මුදල් මාරු කිරීමට පෙර, ඔබ භාවිතා කරන ගිණුම් අංක වල ආකෘති නිවැරදි දැයි සොයාබලන්න

මූල්‍ය ආයතනයේ නම ගිණුම් අංක වල ආකෘතිය
Amana Bank PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 13 කි
Asia Asset Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Bank of Ceylon ශාඛා කේතය නොමැතිව ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 10 කි
Bank of China Limited ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 15 කි
Cargills Bank PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
CBC Finance Limited ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 10 කි
Central Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Citibank, N.A. ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 10 කි
Citizen Development Business Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 18 කි
Commercial Bank of Ceylon PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 10 කි
Commercial Credit & Finance PLC ගිණුම් අංකය සඳහා ඉලක්කම් 06 කි
Deutsche Bank AG ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 10 කි
DFCC Bank PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Dialog Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Fintrex Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 13 කි
Habib Bank Limited ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 13 කි
Hatton National Bank PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
HDFC Bank ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
HNB Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Hongkong & Shanghai Banking Corporation Limited ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Indian Bank ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Indian Overseas Bank ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
L B Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 15 කි
LOLC Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 11 කි
MCB Bank Limited ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Mercantile Investments & Finance PLC ගිණුම් අංකය සඳහා උපරිම ඉලක්කම් 16 කි
Merchant Bank of Sri Lanka & Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
National Development Bank PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
National Savings Bank ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Nations Trust Bank PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Pan Asia Banking Corporation PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
People Leasing & Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
People's Bank ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 15 කි
Public Bank Berhad ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 13 කි
Regional Development Bank ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Richard Pieris Finance Limited ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Sampath Bank PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
SANASA Development Bank Limited ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 10 කි
Sarvodhaya Development Finance Limited ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Senkadagala Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Seylan Bank PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 15 කි
Singer Finance (Lanka) PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Softlogic Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Standard Chartered Bank ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 11 කි
State Bank of India ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 14 කි
Union Bank of Colombo PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 16 කි
Vallibel Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි

ගාස්තු

රජයේ බදු ඇතුළුව එක් එක් ගනුදෙනුව සඳහා අදාළ වන උපරිම ගාස්තු පහත දැක්වේ.

  • අන්තර්ජාල බැංකු සේවා - රු. 30/-
  • ජංගම බැංකු සේවා - රු. 30/-
  • කවුන්ටරය හරහා - රු. 100/-
  • ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM) හරහා - රු. 30/-
  • තුන්වන පාර්ශව ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM) හරහා - රු. 100/-

ඔබ සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.

0

Event Calander