En  |  தமி



LankaPay කාඩ්

ලංකාපේ කාඩ්පත (LankaPay Card) ඔබට ශ්‍රී ලංකාව තුළ විහිදුනු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ ලොව පුරා විශාල පරාසයක ව්‍යාපාර හා වෙළඳසැල් මඟින් සෘජුව ගනුදෙනු කිරීමට අවස්ථාව සලසයි. එය ජාත්‍යන්තර වශයෙන් ඔබේ කාඩ්පත භාවිතා කිරීම පහසු කිරීමටත්, ඔබට හොඳම අත්දැකීමක් ලබා ගැනීමටත් උපකාරී වේ. මෙය ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ගෙවීම් පද්ධතිය ප්‍රවර්ධනය කරමින්, භෞතික මුදල් අවශ්‍යතාවය අඩු කිරීම සඳහා නවීන පියවරක් වේ.

ලංකාපේ කාඩ්පත් හිමියෙකු ලෙස ඔබට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් හරහා අඩු ගාස්තු යටතේ මුදල් ලබා ගැනීමේ පහසුකම් හා විවිධ පාර්ශවකරුවන් හරහා ලෝක මට්ටමේ පිළිගැනීමක් ලැබෙනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ගොඩනැඟීමේ අරමුණට උදව් වන විශාල පියවරකි.

ඔබට ඇති වාසි

  • ලංකාපේ කාඩ්පත භාවිතා කරමින්, ශ්‍රී ලංකාව තුල ඕනෑම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමේදී රුපියල් 15ක් වැනි අවම ගාස්තුවක් පමණක් අයකිරීම.
  • ශ්‍රී ලංකාවෙන් පිටත සංචාරය කරන විට, JCB Co. Ltd (JCB) හි ලාංඡනය ඇති ඕනෑම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් හෝ POS පර්යන්තයක, ඔබේ ලංකාපේ කාඩ්පත භාවිතා කළ හැකි වීම.

ඔබ කැමති මූල්‍ය ආයතනයකින් ලංකාපේ කාඩ්පත ලබාගන්න.

ලංකාපේ කාඩ්පත් සම සන්නාම සම්බන්ධතා

ඔබ සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander