En  |  தமி  



ඇමරිකානු ඩොලර් ඔන්ලයින් ගෙවීම් (US Dollar Online)

වෙනස්වන ව්‍යාපාර ලෝකය තුළ මූල්‍ය කටයුතු කාර්යක්ෂම සිදුකිරීම ව්‍යාපාරවල සාර්ථකත්වයට හේතු වේ. ඇමරිකානු ඩොලර් ඔන්ලයින් ගෙවීම් පද්ධතිය ඔබේ ව්‍යාපාරයට කිසිදු බාධාවකින් තොරව, පහසුවෙන් ඇමරිකානු ඩොලර් මුදල් ඒකකය භාවිතා කරමින් ගනුදෙනු කිරීම සඳහාම සකසා ඇති ගෙවීම් පද්ධතියකි.

මෙම ගෙවීම් ක්‍රමය භාවිතය මගින්, ගනුදෙනු සඳහා පිරිවැය අඩු වීමේ ප්‍රතිලාභ ලබන අතරම, ශ්‍රී ලංකාවෙන් විදේශ විනිමය ගලා යාම අවම කිරීම සඳහා ඔබට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවේ. ඇමරිකානු ඩොලර් ඔන්ලයින් ගෙවීම් පද්ධතිය මඟින් ඔබේ ව්‍යාපාරයේ ගෙවීම් කිසිදු බාධාවකින් තොරව, කාර්යක්ෂමව කරගැනීමට ඔබට හැකියාව සලසා දේ.

ඔබේ ව්‍යාපාරය සඳහා ඇති වාසි

  • එදිනම වෙනත් බැංකු ගිණුම් (ආයතනික හෝ පෞද්ගලික) වෙත ඇමරිකානු ඩොලර් හුවමාරු කිරීමේ හැකියාව.
  • තෙවන පාර්ශවයේ බැංකු විසින් අයකරන ගෙවීම් නොමැති වීම නිසා, ගනුදෙනු සඳහා දැරීමට සිදුවන ගාස්තු අවම වීම.
  • ඇමරිකානු ඩොලර් නිෂ්කාශන මෙහෙයුම් වල ආරක්ෂාව සහ අඛණ්ඩතාව.
  • ශ්‍රී ලංකාවෙන් පිටතට විදේශ විනිමය ගලායාම අවම වීම.

ඔබ කැමති මූල්‍ය ආයතනයකින් ඇමරිකානු ඩොලර් ඔන්ලයින් ගෙවීම් (US Dollar Online) පහසුකම ලබාගන්න

කාර්තුමය සංඛ්‍යාලේඛන

2026 ජුනි 30 වන දින දක්වා කාර්තුමය සංඛ්‍යාලේඛන

වර්ෂය කාර්තුව ගනුදෙනු පරිමාණය (‘000’) ගනුදෙනු වටිනාකම (‘USD’)
2024 Q1 8.5 155 මිලියන
Q2 8.7 182 මිලියන
Q3 10.8 136 මිලියන
Q4 10.6 206 මිලියන
2025 Q1 11.48 364 මිලියන
Q2 12.34 294 මිලියන
Q3 12.9 295 මිලියන
Q4 13.9 294 මිලියන
2026 Q1 14.61 326 මිලියන
Q2 15.67 297 මිලියන

ඔබේ ව්‍යාපාරය සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ අපගේ සේවාවන් පිළිබද විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.