En  |  தமி



රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කරමින් මූල්‍ය ආයතන සවිබල ගැන්වීම

ගව්පේ (GovPay)

වත්මන් ඩිජිටල් යුගයේ, බොහෝ රාජ්‍ය ආයතන තුළ පවතින සාම්ප්‍රදායික මුදල් ගනුදෙනු හා අතින් ලියන ලද රිසිට්පත් හේතුවෙන් ඇතිවන අකාර්යක්ෂමතා හඳුනාගෙන, LankaPay ආයතනය මෙන්ම තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) සහ තාක්ෂණ අමාත්‍යාංශය එක්ව මෙම හිඩැස පිරවීමට රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාවක් සැකසීම ආරම්භ කළේය.

2023 අයවැය යෝජනාව මඟින් මෙම ව්‍යාපෘතියට අවශ්‍ය පිටුබලය සැපයීමත් සමඟ, රජයේ සියලුම ගෙවීම් සහ මුදල් එකතුකිරීම් කටයුතු ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදවලට මාරු කිරීම අනාගතයේ අනිවාර්ය වේ. මෙම උපායමාර්ගික පියවර වත්මන් දුෂ්කරතා සඳහා විසදුමක් වන අතර, ඩිජිටල්කරණය සඳහා ඇති ගෝලීය ප්‍රවණතා සමඟ පියවරකට ඉදිරියෙන් සිටීමටත් ඉඩ සලසයි.

මූල්‍ය ආයතන සඳහා, තම මෙහෙයුම් විධිමත් කරගැනීමට හා සේවා වැඩිදියුණු කරගැනීමට මෙය මහඟු අවස්ථාවක් ලබා දේ. ගව්පේ (GovPay) සමග ඒකාබද්ධ වීම හරහා එම ආයතනවලට රජය සමග සිදුකරන ගනුදෙනු, ආරක්ෂිත හා කාර්යක්ෂම ආකාරයකට සිදු කිරීමට ඉඩ සැලසේ. මෙම වෙනසත් සමග මූල්‍ය ආයතනවලට සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට වැඩි කාර්යක්ෂමතාවක්, විනිවිදභාවයක් හා විශ්වාසනීයත්වයක් ඇතුළු ඉහළ ප්‍රතිලාභ හිමිවනු ඇත.

මූල්‍ය ආයතන සඳහා ඇති වාසි

  • ඉහළ කාර්යක්ෂමතාව: ගව්පේ (GovPay) හරහා බැංකු ගනුදෙනු ක්‍රියාවලිය විධිමත් වන අතර භෞතික මුදල් ගනුදෙනු සහ අතින් ලියන ලද රිසිට්පත් සමග කටයුතු කිරීමේ දී ඇතිවන අපහසුතා අවම කරයි.
  • අවම වියදම: ඉලෙක්ට්‍රොනික ගෙවීම් වෙත මාරු වීම මගින් මුදල් හැසිරවීම, ගබඩා කිරීම සහ සැකසීම සම්බන්ධ මෙහෙයුම් පිරිවැය අඩුකර ගැනීමට බැංකුවලට හැකියාව ලැබෙන අතර, එමගින් සැලකිය යුතු ලෙස කාලය ද ඉතිරි වේ.
  • වැඩි දියුණු කළ ආරක්ෂාව: භෞතික මුදල් ගණුදෙනුවලට සාපේක්ෂව ඩිජිටල් ගෙවීම්වලදී ඉහළ ආරක්ෂාවක් ලැබෙන අතර සොරකම්, වංචා හා දෝෂ සම්බන්ධයෙන් වෙන අවදානමද අවම කරයි.
  • වැඩි දියුණු කළ පාරිභෝගික අත්දැකිම: ඩිජිටල් ගෙවීම් විකල්ප තුළින් පාරිභෝගිකයන්ට වැඩි පහසුවක්, නම්‍යශීලීබවක් සහ පිවිසීමේ සහ පරිශීලනයේ පහසුවක් ලබාදෙන අතර පාරිභෝගික තෘප්තිය සහ පක්ෂපාතීත්වය ඉහළ නංවයි.

දැනට ලියාපදිංචි වී ඇති රජයේ ආයතන

  • ආයුර්වේද දෙපාර්තමේන්තුව
  • යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • ගම්පහ මහ නගර සභාව
  • රඹුක්කන ප්‍රාදේශීය සභාව
  • ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය
  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය - නිදහස්කිරීම් කළමනාකරණ පද්ධතිය
  • ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව
  • ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
  • මොරටුව විශ්වවිද්‍යාලය
  • වෘත්තීය පුහුණු අධිකාරිය
  • අනාගතයේ එකතු වීමට නියමිත සංවිධාන (සියලුම පළාත් පාලන ආයතන සහ තවත් බොහෝ රාජ්‍ය ආයතන)

පුළුල් සෙවීම

අංකය මූල්‍ය ආයතනය අන්තර්ජාල බැංකු කටයුතු ජංගම බැංකු කටයුතු කවුන්ටරයෙන්

සෙවුම් ප්‍රතිඵල කිසිවක් හමු නොවිණි

ඔබටට සහය විය හැක්කේ කෙසේද?

LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!

ඊමේල් ලිපිනය

  |  lankapaysupport@lankapay.net

මුල්‍ය ආයතන සඳහා අදාළ විය හැකි වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander