En  |  தமி



ස්මාට් වොලට් (LankaPay Smart Wallet)

ඔබේ ගනුදෙනු කිසිදු බාධාවකින් තොරව ඉතාමත් පහසුවෙන් සිදු කිරීමට ඔබගේ කාඩ්පත, LankaPay ස්මාට් වොලට් (LankaPay Smart Wallet) සේවාව හා සම්බන්ද කරන්න. එමගින් ඔබේ ගිණුම් ශේෂය පරීක්ෂා කිරීම, පහසුවෙන් ගෙවීම් සිදු කිරීම, භෞතික කාඩ්පත් හෝ මුදල් නොමැතිව ගනුදෙනු කිරීම, ඔබගේ වියදම් නිරීක්ෂණය කිරීම වැනි සියලු දේ එකම තැනකින් සිදු කළ හැකිය.

සාම්ප්‍රදායික් ගනුදෙනු ක්‍රමවලට සමුදෙන්න, LankaPay ස්මාට් වොලට් (LankaPay Smart Wallet) සමගින් ඔබේ එදිනෙදා ගනුදෙනු ඉතාමත් පහසුවෙන් සිදු කරන්න.

01

01 වන පියවර

ස්මාට් වොලට් (LankaPay Smart Wallet) සේවාව ලබා ගැනීම සඳහා ඔබේ ජංගම දුරකථනයේ සමීප ක්ෂේත්ර සන්නිවේදන (Near Field Communication- NFC) පහසුකම ඇත්දැයි පරීක්ෂා කරන්න

02 වන පියවර

අදාළ ජංගම යෙදුම භාගත කරන්න

03 වන පියවර

"ස්මාර්ට් පසුම්බිය" තෝරන්න

04 වන පියවර

ස්මාර්ට් පසුම්බිය ස්වයංක්‍රීයව එකතු වේ

05 වන පියවර

ආරම්භයේ දී ඔබේ ගිණුම් ශේෂය "0" ලෙස පෙන්වයි

ලංකාපේ ස්මාට් වොලට් (LankaPay Smart Wallet) සේවාව ලබා ගන්නේ කෙසේද?

ලංකාපේ ස්මාට් වොලට් (LankaPay Smart Wallet) ටොප්-අප් කරන්නේ කෙසේද?

ජංගම යෙදුම ඔබ භාවිතා කර එහි සපයන උපදෙස් අනුව ටොප්-අප් කරන්න. එය ඔබ භාවිතා කරන ජංගම යෙදුමට අනුව වෙනස් වේ.

ලංකාපේ ස්මාට් වොලට් (LankaPay Smart Wallet) කරන්නේ කෙසේද?

ලංකාපේ ස්මාට් වොලට් (LankaPay Smart Wallet) භාවිතා කිරීම ඉතාමත් පහසුයි!

ඔබගේ ස්මාර්ට් පසුම්බියේ ප්‍රමාණවත් තරම් මුදල් ඇති බව තහවුරු කර ගන්න. ඉන්පසු ඔබට ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය වූ විට, "LankaPay" සන්නාමය පෙන්වන ඕනෑම POS යන්ත්‍රයක් වෙත ඔබගේ දුරකථනය සමීප කරන්න. සැණෙකින් ඔබේ ස්මාර්ට් පසුම්බියෙන් අදාළ මුදල අඩුවී, ක්ෂණිකව ගෙවීම සිදුවනු ඇත. භෞතික මුදල් හෝ කාඩ්පත් භාවිතා කළ කාලය අවසන්! ලංකාපේ ස්මාට් වොලට් (LankaPay Smart Wallet) සමග කිසිදු බාධාවකින් තොරව ඉතාමත් සරලව ඔබේ ගෙවීම් සිදු කරන්න.

ඔබ කැමති ජංගම යෙදුමෙන් ලංකාපේ ස්මාට් වොලට් (LankaPay Smart Wallet) පහසුකම ලබා ගන්න

ඔබ සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander