En  |  தமி



LankaPay සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) සමඟින් ඔබේ සේවා වැඩි දියුණු කරන්න.

සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS)

ඔබේ ගනුදෙනුකරුවන්ට වඩා වේගවත් හා පහසු මුදල් හුවමාරු කිරීමේ ක්‍රමයක් ලබා දීමට බලාපොරොත්තු වන්නේද? සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) මේ සදහා හොඳම විසඳුමයි! මෙම ක්‍රමය, එසැණින් අන්තර් බැංකු මුදල් හුවමාරු කිරීමේ පහසුකම ලබා දෙමින්, ඔබගේ ගනුදෙනුකරුවන්ට පැය 24, වසර පුරා ක්ෂණිකව මුදල් යැවීමේ සහ ලබා ගැනීමේ පහසුකම සලසයි.

ඔබේ ගනුදෙනුකරුවන් අන්තර්ජාල බැංකුකරණ සේවා, ATM යන්ත්‍ර හෝ කවුන්ටර සේවා වැනි කුමන සේවාවන් භාවිතා කළත්, සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) ඔබේ බැංකු සේවාවන්ට ඒකාබද්ධ කිරීමෙන්, ඔවුන්ගේ ගෙවීම් අවශ්‍යතා සඳහා වේගවත්, විශ්වාසනීය සහ පහසු නවීන ගෙවීම් විසඳුම් ලබා දිය හැකිය.

මූල්‍ය ආයතනයක් ලෙස විශ්වාසය සහ ආරක්ෂාව ප්‍රධාන වේ. සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) සමඟින්, ඔබේ ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනු PCI-DSS අනුවාදය 3.2 ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරන බවට ඔබට සහතික විය හැකියි. තවද, මහ බැංකුව විසින් නියාමනය කරන උපරිම පාරිභෝගික ගාස්තු සමඟ, ඔබට ඔබේ ගනුදෙනුකරුවන්ට යෝග්‍ය සහ විනිවිදභාවයකින් යුතු මිල ගණන් ලබා දිය හැකිය.

සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) සමඟ ඔබේ බැංකු සේවා ඉහළ නංවන්න - ක්ෂනික මුදල් හුවමාරු ක්‍රියාවලියේ අනාගතය සමග එක් වන්න.

මූල්‍ය ආයතන සඳහා ඇති වාසි

  • ගනුදෙනුකරුවන්ට එසැණින් බැංකු අතර මුදල් හුවමාරුව සිදු කළ හැක.
  • ඔබේ මූල්‍ය ආයතනය තුළින් ගනුදෙනුකරුවන්ට වඩාත් නව්‍ය ගෙවීම් විසඳුම් ලබාදිය හැකිය.
  • පරිපාලනමය දුෂ්කරතා හා කාර්යාල කටයුතු අවම කරයි.
  • එසැණ ගෙවීම් බාධාවකින් තොරව සිදුකරගත හැකිය.

මූලික ලක්ෂණ

  • ගනුදෙනු අධීක්ෂණය කිරීමට සහ පෙර සූදානම් කළ වාර්තා බාගත කිරීමට වෙබ් යෙදුමක් සමන්විත වීම.
  • බැංකු අතර ශුද්ධ ගෙවීම් සහ පියවීම් එසැණින් නිරීක්ෂණය කිරීමට වෙබ් යෙදුමක් සමන්විත වීම.
  • ස්වයංක්‍රීය විධාන මත පදනම් වූ ආරවුල් කළමනාකරණ පද්ධතිය.
  • පද්ධතියට පිවිසීම සඳහා විවිධ පරිශීලක මට්ටම්.
  • 24 X 365 සහාය සේවා

සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) සමග සම්බන්ධ වී ඇති මූල්‍ය ආයතන

සංඛ්‍යා දත්ත

2024 සැප්තැම්බර් 30 වන දින අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා සංඛ්‍යාන දත්ත

47

සහභාගීවූවන්ගේ ගණන

මිලියන 164.3

ගනුදෙනු පරිමාව

ට්‍රිලියන 13.5

ගනුදෙනු අගය

ඔබටට සහය විය හැක්කේ කෙසේද?

LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!

ඊමේල් ලිපිනය

  |  lankapaysupport@lankapay.net

මුල්‍ය ආයතන සඳහා අදාළ විය හැකි වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander