We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
LankaPay අප, අත්දැකීම් ලබාගැනීම, ඒවා ක්‍රියාවට නැංවීම සහ ඒ තුළින් වර්ධනය වීම මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රය තුළ අපගේ සන්නාමය ස්ථාපිත කිරීමට සමත් වී ඇත. අපගේ ධනාත්මක වටපිටාව, ක්‍රියාශීලී සංස්කෘතිය, සහ දක්ෂ කණ්ඩායම පිළිබඳව විමසා බලන්න
LankaPay වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! සෑම දිනයකම, දක්ෂයින් සමඟ සහයෝගයෙන් ක්‍රියාකරමින්, නිරන්තරයෙන්ම වෙනස් වන ඩිජිටල් ගෙවීම් පද්ධති සමඟ අලුත්වෙන ලෝකයට පිවිසෙන්න. ඔබේ රුචිකත්වයට ඉහළ කැපවීම් එක්කරන අපගේ කණ්ඩායම සමඟ එක් වී, ශ්‍රී ලාංකීය ගෙවීම් ක්රමයේ අනාගතය හැඩගස්වන්න.
LankaPay අපගේ වටිනාම සම්පත අපගේ කණ්ඩායමයි. විවෘත දැක්මක් සහිත, ප්‍රවීණ වෘත්තීය කණ්ඩායම්වල දැනුම, හැකියාවන්, සහ අත්දැකීම් සමඟ, අපගේ නව්‍ය, විශ්වාසදායී, සහ පහසු ගෙවීමේ ක්‍රම ඔස්සේ පුද්ගලයන් සහ ව්‍යාපාර සවිබල ගැන්වීමට අපට හැකිවී තිබේ.
LankaPay අප හා එක්ව, ශ්‍රී ලංකාවේ ගෙවීම් ක්‍රියාකාරකම්වල අනාගතය හැඩගස්වන ක්‍රියාකාරී කණ්ඩායමක කොටස්කරුවෙක් වන්න. ඔබේ වෘත්තීය ගමන්මඟ ආරම්භ කිරීම සඳහා ඇති අවස්ථා ගැන දැනගන්න, අපගේ කණ්ඩායම් සාමාජිකයින් හමුවන්න. LankaPay යනු රැකියාවක් පමණක් නොව, සැබෑවින්ම සාර්ථකත්වය හා ඉලක්ක සපුරා ජයග්‍රහණය කරා යන ගමනක් බව අත්විඳින්න.
LankaPay හි සුහද හමුවීම් සහ සහයෝගය වර්ධනය කරන ක්‍රියාකාරකම් අතරතුරදී අපගේ කණ්ඩායමේ අමතක නොවන ප්‍රීතිමත් අවස්ථා
සුබවාදී බලපෑම සහිත ක්‍රියාවන් වඩාත් වැදගත් වන බව අපි විශ්වාස කරන්නෙමු. LankaPay සාමාජිකයින් ඔවුන්ගේ හැකියාවන් විදහා පාන ආකාරය බලන්න.
"LankaPay හි ක්රියාශිලී කණ්ඩායමේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන මාගේ සතුට පළ කරනවා. පළමු දිනයේ සිටම, මෙම ක්‍රියාශීලී පවුල තුළ මට පිළිගැනීමක් සහ අගයක් දැනුණා. මගේ කුසලතා සහ අදහස් දැක්වීමට මට උවමනා තරම් අවස්ථා තිබෙනවා. LankaPay හි ආයතනික වටපිටාව සහ සංස්කෘතිය ක්‍රියාශීලී, සහයෝගී බවකින් පිරුණු වර්ධනය සඳහා ඇති අවස්ථා වලින් පිරී පවතිනවා. මා වටා සිටින දක්ෂ පිරිස හා සහයෝගී පරිසරය දිනෙන් දින මට මගේ උපරිමය සොයා ගැනීමට උපකාරී වනවා."
ලක්ෂානි දාබරේ
විධායක නිලධාරිනී - ප්‍රසම්පාදන
"සෑම දිනක්ම අලුත් ඉගෙනුම් අවස්ථාවන්ගෙන් පිරී ඇති අතර, මෙහි වැඩ කිරීම මගේ හැකියාවන් හඳුනා ගැනීමට මා හට අවස්ථාවක් ලබා දී තිබෙනවා. අපගේ හැකියාවන් පිළිබඳව අප තුළ විශ්වාසයක් පවතිනවා."
"LankaPay පවුලේ සාමාජිකයෙකු වීම ගැන ආඩම්බරයි."
දිනේෂ් කුමාර
ජ්‍යෙෂ්ඨ පද්ධති පරිපාලක
"පද්ධති පරිපාලකයෙකු ලෙස 2005 වසරේ දී LankaPay සමඟ සම්බන්ධ වූ මම, මේ වනවිට සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරක් දක්වා ලබා ගෙන ඇති ප්‍රගතිය ගැන ආඩම්බර වෙමි.
මගේ සේවා කාලය පුරාවට, CITS, SLIPS, සහ CCAPS යන පද්ධති ක්‍රියාත්මක කිරීම සහ වැඩිදියුණු කිරීම වැනි විවිධ ප්‍රධාන ව්‍යාපෘති සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණි. LankaPay මට පුද්ගලිකව සහ වෘත්තීයමය වශයෙන් වර්ධනය වීමට සුදුසු පරිසරයක් ලබා දී ඇති අතර, මෙය නවෝත්පාදන, සහයෝගීතාව, සහ අඛණ්ඩ ඉගෙනීම සඳහා විශිෂ්ට ස්ථානයක් බවට පත්වී තිබේ. මා ලබා ගත් අවස්ථා සහ අත්දැකීම් සඳහා මාගේ කෘතඥතාවය ප්‍රකාශ කරන අතර, LankaPay හි සාර්ථකත්වය සඳහා තවදුරටත් දායක වීමට බලාපොරොත්තු වෙමි."
ඩිලාන් විමලරත්න
ජ්‍යෙෂ්ඨ කළමනාකාර මෙහෙයුම් - ඉලෙක්ට්‍රොනික ගෙවීම් පද්ධති
"මෙම සංවිධානයේ කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස, සුවිශේෂී ජාතික මට්ටමේ මුල පිරීම් රැසකට සම්බන්ධ වීමේ වරප්‍රසාදය මට හිමි වීම ගැන මට සතුටුයි. සමාගම මට ලබා දුන් අවස්ථා සහ මා කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව මම කෘතඥ වෙමි. අපගේ සාමාජිකයින් පමණක් නොව, සමස්ත ජාතියම අගය කරන ආයතනයක කොටස්කරුවෙකු වීම ගැන මට විශාල ආඩම්බරයක් දැනේ."
උපුල් අත්තනායක
කළමනාකරු - ගෝලීය මෙහෙයුම්
"LankaPay සමඟ සම්බන්ධ වීමට පෙර මා ආයතන කිහිපයක සේවය කර තිබුණත්, මෙවැනි සුවිශේෂී ආයතනයක සේවය ආරම්භ කිරීම මා හට අපූරු අත්දැකීමක් වුණා. ඔවුන් මට ලබා දුන් උණුසුම් පිළිගැනීම විශේෂයෙන්ම අගය කළ යුතුයි. ආයතනයේ සාර්ථකත්වයට දායක වන ගමන් මගේ පුද්ගලික ජයග්‍රණයන් කරා යාමට මෙම ආයතනික වටපිටාව මා දිරිගන්වනවා."
ලොරේටා තිළිණි
විධායක නිලධාරිනී - බාහිර සේවා අංශය
ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යන්න : LankaPay හි අපගේ රැකියා අවස්ථා පරිශීලනය කිරීමෙන් ඔබේ වෘත්තීය ගමනේ ඊළඟ පියවර තබන්න. ඔබගේ වෘත්තීය උනන්දුව දැක්වීමට අප අමතන්න!
නවතම ප්රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.
LankaPay මෙරට මූල්‍ය අංශය සඳහා ගෙවීම් යටිතල පහසුකම් සපයන ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලයයි. ව්‍යාපාර සහ පුද්ගලයින් සවිබල ගැන්වීමේ අරමුණ සහිතව හඳුන්වා දුන් සැමට පහසුවෙන් පිවිසිය හැකි, වේගවත්, පහසු සහ ආරක්ෂිත ගෙවීම් ක්රමයකි.
ස්ථානය
LankaPay (පෞද්ගලික) සමාගම, ‘The Zenith', No.161 A, ධර්මපාල මාවත, කොළඹ 00700, ශ්‍රී ලංකාව.
පොදු ඇමතුම් අංකය
උපකාරක කවුළුව
ෆැක්ස් අංකය
+94 11 2544346
විද්‍යුත් ලිපිනය
Event Calander