En  |  தமி



LankaPay ඍජු හර ගෙවීම් (Direct Debit) සේවාව සමගින් ඔබේ අයකිරීම් බාධාවකින් තොරව සිදුකරන්න

ඍජු හර ගෙවීම් (Direct Debit)

ඔබේ පාරිභෝගිකයන්ගේ ගෙවීමට අතපසු වූ අයකිරීම් පසුපස හඹා ගොස් ඔබ වෙහෙසට පත් වෙලාද? ඍජු හර ගෙවීම් (Direct Debit) සේවාව මගින් ඔබේ අයකිරීම් බාධාවකින් තොරව නිසි පරිදි ලබා ගැනීමට දැන් ඔබටත් පුළුවන්.

ඔබේ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ බැංකු සමගින් ඍජු හර ගෙවීම් (Direct Debit) සේවාව සඳහා අවශ්‍ය විධානය සිදු කිරීමට පෙළඹවීම මගින්, වෙහෙසකින් තොරව ඔබට ඔබේ අයකිරීම් ලබා ගැනීම ආරම්භ කළ හැකි වනු ඇත. ඒ අනුව නිශ්චිත කාල පරාසයක් තුළ උද්ගත වෙන ගෙවීම්, රක්ෂණ වාරික, හෝ උපයෝගිතා බිල්පත්(විදුලි, සහ ජල බිල්පත් වැනි) ආදී වූ ඕනෑම අය කිරීමක් මේ හරහා බාධාවකින් සහ පෞද්ගලිකව සොයා බැලීමකින් තොරව සිදු කරගත හැකි බවට තහවුරුය.

ඍජු හර ගෙවීම් (Direct Debit) සේවාව සක්‍රීයව ඇති බැංකු සමගින් එක් වී ඔබේ අයකිරීම් ක්‍රමවේදය පහසු කරගන්න. උපරිමය රුපියල් 50ක් වූ අඩු වියදම් පාරිභෝගික ගාස්තුවක් සමගින් ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් මේ පහසුව අත්විඳින්න.

ව්‍යාපාර වෙනුවෙන් ඇති වාසි

  • මුදල් සංසරණයේ ඉහළ යෑම - ඍජු හර ගෙවීම් (Direct Debit) මගින් අදාළ දිනයේදී පාරිභෝගිකයන්ගේ ගිණුම්වලින් ස්වයංක්‍රීයව මුදල් බැර කරගනිමින් බාධාවකින් තොරව ඔබේ මුදල් ඔබ අතට පත් වෙනු ඇත.
  • ඔබේ වෙහෙස අවම කරයි - මෙම ක්‍රමය මගින්, තව දුරටත් ඔබට අයවිය යුතු මුදල් සම්බන්ධයෙන් පෞද්ගලිකව වෙහෙස වී සොයා යෑම අනවශ්‍ය නිසා, ව්‍යාපාරය සහ එහි දියුණුව වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට හැකියාව ලැබෙනු ඇත.
  • ඉහළ කාර්යක්ෂමතාවය - ස්වයංක්‍රීයව මුදල් අයකිරීම් සිදු කිරීම හරහා වඩා කාර්යක්ෂමබවක් ළඟා කර ගැනීමට හැකියාව ඇත. එමගින් මානුෂීය වැරදීම් මගහැරීමටද හේතු වෙනු ඇත.
  • පාරිභෝගිකයන්ට ඇති පහසුව - ඔබේ ව්‍යාපාරය හා සම්බන්ධිත පාරිභෝගිකයන්ට, ඍජු හර ගෙවීම් (Direct Debit), ගෙවීම් ක්‍රමවේදයක් ලෙසට හඳුන්වා දීම පාරිභෝගික තෘප්තිය සහ විශ්වාසය ඉහළ දමන ප්‍රධාන සාධක වේ.
  • ලාබදායී බව - එක් ගනුදෙනුවකට රුපියල් 50ක උපරිම ගාස්තුවක් වැයවීම නිසා, අමතර ගාස්තු ගෙවමින් කලින් කලට මුදල් අය කිරීමේ වියදම් අධික ක්‍රමවේදයට සමු දිය හැක.
  • මූල්‍ය ආයතන සමගින් සබඳතා ඉහළ නැංවීම - මෙම ක්‍රමය ඔබේ අයකිරීම් ඉහළ නංවාගන්නා ගැනීමට සහය වන අතර, මූල්‍ය ආයතනය සමග ඇති සබඳතාවයද ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇත.

ඔබ කැමති මූල්‍ය ආයතනයකින් ඍජු හර ගෙවීම් (Direct Debit) පහසුකම ලබා ගන්න

ඔබේ ව්‍යාපාරය සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander