We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
2022 දී නව දැක්මක් සමඟින් LankaPay, ගෝලීය ව්‍යාප්තිය ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ලෝකය සමඟ සම්බන්ධ කරන නව තාක්ෂණික ප්‍රවණතා ගොඩනැගීමටය. මෙය, අන්තර්ජාතික මුල්‍ය සම්බන්ධතා වඩාත් පහසු කිරීමටත්, භූගෝලීය සීමා ඉක්මවා වේගවත් හා විශ්වාසනීය මුදල් හුවමාරු ක්‍රම ස්ථාපිත කිරීමටත් අරමුණ කරගෙන යන නව යුගයක ආරම්භය සනිටුහන් කරයි.
LankaPay හි ගෝලීය ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් ලෙස, පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට, රටවල් අතර මුදල් යැවීම, ලැබීම සහ ගෙවීම් ක්‍රමවේදයන් පහසු වන අතර, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමේ වටිනාකමක් දිනාගනු ඇත. LankaPay, නවීන තාක්ෂණයන් සහ ගෝලීය හවුල්කාරීත්වයන් සමඟ එක්ව, පාරිභෝගිකයන්ට ඉක්මනින්, ආරක්ෂිතව සහ අඩු වියදමින් මුදල් හුවමාරු කිරීමට අවශ්‍ය සැලසුම් සපයයි.
LankaPay කාඩ්පත් සදහා ගෝලීය වශයන් පිළිගැනීම වැඩි දියුණු කිරීමේ අරමුණින්, LankaPay ආයතනය JCB International ආයතනය සමග ගිවිසුම්ගත විය . මෙමගින් LankaPay කාඩ්පත් විදේශ රටවල ඇති ස්වයංක්රීය ටෙලර් යන්ත්‍ර (ATMs) හා POS යන්ත්‍ර තුළ භාවිතා කිරීමට හැකියාව සැලසූ අතර, LankaPay ආයතනයට ගෝලීය සහයෝගීතාව වර්ධනය කිරීමට විශාල අවස්ථාවක් ලබාදුනි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අනුමැතිය ඇතිව ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය (NCS) යටතේ ශ්‍රී ලංකාවේ දේශීය කාඩ්පතක් නිකුත් කිරීමට JCB International සමඟ ගිවිසුම්ගත වීම.
ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශීය කාඩ්පත, LankaPay සහ JCB International සම සන්නාමය යටතේ, වාණිජ මට්ටමින් සාර්ථක ලෙස දියත් කරන ලදි.
JCB International කාඩ්පත් හිමියන්ට, LankaPay පොදු ATM ජාලය (CAS) සහ POS යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය (CPS) සමඟ සම්බන්ධ කෙරුණු සියලු යන්ත්‍ර තුළ ඔවුන්ගේ කාඩ්පත් භාවිතා කිරීමට හැකියාව ලබා දීම.
කොමර්ෂල් බැංකුව සමග එක්ව පළමු LankaPay ක්‍රෙඩිට් කාඩ්පත වාණිජමය වශයෙන් දියත් කිරීම.
LankaPay සහ UnionPay International අතර සම්බන්ධතාවය මඟින් LankaPay ආයතනයේ ගෝලීය සහයෝගීතාව තවදුරත් පුළුල් කිරීමට අවස්ථාව උදාවිය. මෙමගින් UnionPay International සමඟ අත්වැල් බැඳගත්තේ පාරිභෝගිකයන්ට LankaPay ජාලය තුළ ක්‍රියාත්මක වන LANKAQR, ATM හා POS යන්ත්‍ර භාවිතා කර ජාත්‍යන්තර ගනුදෙනු කිරීමටඅවස්තාව ලබා දීමට සමත් විය. තවද UnionPay International, LankaPayකාඩ්පතේ උපායමාර්ගික හවුල්කරුවෙකුද ලෙසද කටයුතු කරයි.
UnionPay International හි පාරිභෝගිකයන්ට, LANKAQR කේත ස්කෑන් කර ගෙවීම් කිරමට හැකියාව ලබාදීම සදහා ගිවිසුමකට ඇතුළත් විම.
UnionPay International හි පාරිභෝගිකයන්ට LANKAQR කේත භාවිතයෙන් වෙළඳුන් වෙත ගෙවීම් කිරීමේ හැකියාව සලසනු ලැබීය. මෙම ව්‍යාපෘතිය සති 4 වැනි කෙටි කාලයක් තුළ සාර්ථකව නිම කිරීමට සමත් වීය.
UnionPay කාඩ්පත් හිමියන්ට LankaPay පොදු ATM ජාලය (CAS) භාවිතා කර ගණුදෙනු කිරීමට අවස්ථාව ලබාදීම සඳහා, LankaPay ආයතනය, UnionPay International සමඟ ගිවිසුමකට ඇතුළත් විම.
ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය (NCS) යටතේ LankaPay කාඩ්පතක් නිකුත් කිරීම සඳහා දෙවන උපායමාර්ගික ජාත්‍යන්තර හවුල්කරු ලෙස UnionPay International සමඟ හවුල් වීමට නියාමන අනුමැතිය ලැබීම.
LankaPay පොදු ATM ජාලය (CAS) තුළ UnionPay International කාඩ්පත් පිළිගැනීම ආරම්භ කිරීම.
LankaPay සහ Pulse Network අතර ඇති කරගත් හවුල්කාරිත්වය, ගෝලීය සහයෝගීතාව වර්ධනය කරීමට සමත් විය. මෙම හවුල්කාරිත්වය මඟින් Pulse Network හි පාරිභෝගිකයන්ට LankaPay පොදු ATM ජාලය තුළ තම කාඩ්පත් භාවිතා කිරීමට අවස්ථාව සැලසී ඇත.
Pulse සහ Discover කාඩ්පත් හිමියන්ට ලංකාපේ පොදු ATM ජාලයට (CAS) සම්බන්ධ ATM යන්ත්‍ර හරහා ගනුදෙනු කිරීමට අවස්ථාව ලබා දීම සදහා ගිවිසුම් ගතවීම.
LankaPay සහ NPCI International අතර හවුල්කාරිත්වය මඟින් ඉන්දීය ජනතාවට LANKAQR කේත ස්කෑන් කර LankaPay ජාලය හරහා ගෙවීම් කිරීමට අවස්ථාව ලබා දීමට සමත්වී ඇත. මෙම ව්‍යාපෘතිය, ඉන්දීය පාරිභෝගිකයන්ට ශ්‍රී ලංකාව තුළ ගෙවීම් කිරීමට පහසුව සලසයි.
LankaPay සහ NPCI International හවුල්කාරිත්වයට සදහා ගිවිසුම් ගතවීම.
LANKAQR හරහා ඉන්දියාවේ ජනප්‍රිය ගෙවීම් ක්‍රමයක් වන NPCI UPI ක්‍රමවේදය පිළිගැනීම ආරම්භ කිරීම.
LankaPay සහ AliPay Connect හවුල්කාරිත්වය තුළින් ගෝලීය සහයෝගීතාව තවත් පුළුල් කරමින්, විදේශිකයන්ට ශ්‍රී ලංකාව තුළ LANKAQR කේත භාවිතා කර ගෙවීම් කිරීමට පහසුකම් සැපයීමට. මෙම හවුල්කාරිත්වය මඟින් විදේශික පාරිභෝගිකයන්ට LANKAQR කේතයක් භාවිතා කරන ඕනෑම වෙළඳසැලක් තුළ ගෙවීම් කිරීමේ පහසුව ලබා දෙයි.
LankaPay, AliPay Connect සමඟ ගිවිසුමක් අත්සන් කරමින්, AliPay+ පරිශීලකයින්ට ශ්‍රී ලංකාවේ LANKAQR ගෙවීම් පද්ධතිය හරහා QR ගෙවීම් කිරීමට අවස්ථාව ලබා දීම සදහා අවබෝධතා ගිවිසුම් ගතවීම.
LankaPay සහ Fonepay Payment හවුල්කාරිත්වය තුළින් නේපාල ජාතිකයින්ට ශ්‍රී ලංකාව තුළ QR කේත භාවිතා කර ගෙවීම් කිරීමට පහසුකම් සැපයීමට සමත් වී ඇත. මෙම හවුල්කාරිත්වය මඟින් නේපාල ජාතික පාරිභෝගිකයන්ට LANKAQR කේතයක් භාවිතා කරන ඕනෑම වෙළඳසැලක් තුළ ගෙවීම් කිරීමේ පහසුව ලබා දෙයි.
LankaPay, Fonepay සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින්, Fonepay පරිශීලකයින්ට ශ්‍රී ලංකාවේ LANKAQR ගෙවීම් පද්ධතිය හරහා QR ගෙවීම් කිරීමට අවස්ථාව ලබා දීම සදහා ගිවිසුම් ගතවීම.
LankaPay සහ Nepal Clearing House හවුල්කාරිත්වය තුළින් නේපාල ජාතිකයින්ට ශ්‍රී ලංකාව තුළ QR කේත භාවිතා කර ගෙවීම් කිරීමට පහසුකම් සැපයීමට සමත් වී ඇත. මෙම හවුල්කාරිත්වය මඟින් නේපාල ජාතික පාරිභෝගිකයන්ට LANKAQR කේතයක් භාවිතා කරන ඕනෑම වෙළඳසැලක් තුළ ගෙවීම් කිරීමේ පහසුව ලබා දෙයි.
LankaPay, Nepal Clearing House සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින්, NepalPay පරිශීලකයින්ට ශ්‍රී ලංකාවේ LANKAQR ගෙවීම් පද්ධතිය හරහා QR ගෙවීම් කිරීමට අවස්ථාව ලබා දීම සදහා ගිවිසුම් ගතවීම.
2011 සිට ASEAN Central Banks හි Payment and Settlement Systems (WC PSS) පිළිබඳ ක්‍රියාකාරී කමිටුව විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ සමහර රටවල් තුළ, විවිධ ගෙවීම් සේවා භාවිතා කරන පුද්ගලයින්ට තවමත් එකිනෙකා සමඟ පහසුවෙන් ගනුදෙනු කළ නොහැකි බවයි. මේ නිසා ගෙවීම් ක්‍රියාවලි අකාර්යක්ෂම වීම, විනිවිදභාවයක් නොමැති වීමෙන් ජාත්‍යන්තර මුදල් හුවමාරුවේදී අධික පිරිවැයක් දැරීමට සිදු වීම වැනි සෘණාත්මක ප්‍රතිඵල ඇති වේ.
WC PSS, ජාත්‍යන්තර ගෙවීම් කළමනාකරණය සඳහා නව පද්ධතියක් සංවර්ධනය කිරීමට APN තෝරා ගත්තේය. මෙම පද්ධතිය සැලසුම් කර ඇත්තේ වඩා කාර්යක්ෂම, ලාභදායී සහ ආරක්ෂිත ලෙසය. මෙහි ඉලක්කය වන්නේ ව්‍යාපාර සහ පුද්ගලයන් යන දෙඅංශයටම ජාත්‍යන්තරව ඉලෙක්ට්‍රොනික ගෙවීම් කිරීමට සහ ලැබීමට පහසුකම් සැපයීමයි.
2006 දී ASEAN (Association of Southeast Asian Nations) හි රටවල් හයක් ALTO, ARTAJASA, ITMX, MEPS, NETS, සහ RINTIS යන ගෙවීම් පද්ධති හය පිහිටුවීමට එක් විය. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ජාත්‍යන්තර සිල්ලර ගනුදෙනු වල කාර්යක්ෂමතාවය, පිරිවැය-ඵලදායීතාවය සහ ආරක්ෂිත බව ඉහළ දමන නව පද්ධතියක් ගොඩනැගීම සඳහා WC PSS සමඟ හවුල් වී කටයුතු කිරීමයි.
LankaPay, Asian Payment Network හි සාමාජිකත්වය ලබා ගත්තේය.
කොරියානු මූල්‍ය සංවිධානයක් වන Korea Financial Telecommunications and Clearings Institute (KFTC) විසින් සංවිධානය කරන ලද කොරියාවේ පැවති ප්‍රධාන රැස්වීමකදී 2023-24 වාරය සඳහා APN ජාලයේ උප සභාපතිවරයා ලෙස LankaPay තෝරා ගන්නා ලදී.
LankaPay ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවති වාර්ෂික මහා සභා රැස්වීමකට (AGM) සහභාගී විය.
ජපානයේ ටෝකියෝ හි NTT DATA Group Corporation විසින් සංවිධානය කරන ලද වාර්ෂික මහා සභා රැස්වීමේදී (AGM) 2024-25 කාලසීමාව සඳහා APN හි ව්‍යාපාරික උප කමිටුවේ උප සභාපති ලෙස LankaPay තෝරා ගන්නා ලදී.
LankaPay සහ Tenpay Payment හවුල්කාරිත්වය තුළින් විදේශිකයන්ට ශ්‍රී ලංකාව තුළ LANKAQR කේත භාවිතා කර ගෙවීම් කිරීමට පහසුකම් සැපයීමට සමත් වී ඇත. මෙම හවුල්කාරිත්වය මඟින් විදේශික පාරිභෝගිකයන්ට LANKAQR කේතයක් භාවිතා කරන ඕනෑම වෙළඳසැලක් තුළ ගෙවීම් කිරීමේ පහසුව ලබා දෙයි.
LankaPay, Tenpay සමඟ ගිවිසුමක් අත්සන් කරමින්, WeChat Pay පරිශීලකයින්ට ශ්‍රී ලංකාවේ LANKAQR ගෙවීම් පද්ධතිය හරහා QR ගෙවීම් කිරීමට අවස්ථාව ලබා දීම.
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.