We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
පේමි (Payme) මගින්, ගෙවීම් එකතු කිරීමේ ක්‍රියාවලිය තුළ විප්ලවීය වෙනසක් සිදුකර ඇත. ඔබේ ආයතනය මගින් නිපදවන ජංගම හෝ වෙබ් යෙදුමක් තුල පේමි (Payme) සක්‍රිය කිරීමෙන්, එහි පරිශීලකයින්ට ඕනෑම සේවාවක් සඳහා පේමි (Payme) ලින්ක් එකක් යැවීම මඟින් ගෙවීම් ඉල්ලීම් කිරීම සඳහා සරල හා කාර්යක්ෂම අවකාශයක් ලබා දීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. මෙම ක්‍රමය පුද්ගලයන් අතර සිදුවන ගනුදෙනු මෙන්ම, ව්‍යාපාරික ගනුදෙනු සඳහාද සුදුසු වන අතර, ඔබේ පරිශීලකයින්ගේ සියලුම ගෙවීම් එකතු කිරීමේ අවශ්‍යතා සඳහා කරදරයකින් තොර, කාර්යක්ෂම විසඳුමක් සපයයි.
පේමි (Payme) සැලසුම් කර ඇත්තේ යෙදුම් සංවර්ධකයන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන්ද සැළකිලිමත් වෙමිනි. ඒ අනුව, ඔබේ ආයතනය මගින් නිපදවන ජංගම හෝ වෙබ් යෙදුම් සඳහා පහසු සහ සෘජු ඒකාබද්ධ කිරීමේ හැකියාව ලබා දීමට අපි සමත්ව තිබෙමු. ඔබේ නිෂ්පාදන තුළ පේමි (Payme) එක්කර ගනිමින්, එහි පරිශීලකයින්ට නවීන තාක්ෂණයෙන් යුතු සහ විශ්වාසනීය ගෙවීම් එකතු කිරීමේ සේවාවක් ලබා දෙන්න. අපගේ සවිස්තරාත්මක API සැකසුම් සහ කැපවූ සහාය කණ්ඩායම ඔබට අවම උත්සාහයකින් ඔබේ යෙදුම පේමි (Payme) සමඟ ඒකාබද්ධ කිරීමට අවශ්‍ය සහය ලබා දීමට සෑම විටම කැපවී සිටී.
LankaPay සමග ගිවිසුමකට එළඹෙන්න
LankaPay සමඟ API සම්බන්ධතාවයක් නිර්මාණය කරන්න
සහතික කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න
ක්‍රියාත්මක කරන්න
LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.