En  |  தமி



ඔබේ මුදල්, පහසුවෙන් ඔබ වෙතට

පොදු ATM ජාලය (LankaPay CAS)

LankaPay ආයතනය 2013 වර්ෂයේදී, කාඩ්පත් සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි (CCAPS) පළමු පියවර වන පොදු ATM ජාලයේ (LankaPay CAS) මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී. එතැන් පටන් ශ්‍රී ලංකාව පුරා විසිරුණු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) වලින් 99.95% පමණ මෙම ජාලය හා සම්බන්ධ වන අතර ඒ හරහා ඔබට දවසේ පැය 24 පුරා මුළු වසර පුරාවටම ඕනෑම තැනකදී ඔබේ මුදල් ලබා ගැනීමේ පහසුව අත් කරදෙන ලදී. පොදු ATM ජාලය (LankaPay CAS) සමගින් ඔබ තව දුරටත් ඔබේ බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) සොයා යෑම අවශ්‍ය නොවේ. දැන් ඔබට, ඔබ අසළ ඇති ඕනෑම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM) ඉතාමත් අඩු ගාස්තුවකට මුදල් ලබා ගැනීමට හෝ ගිණුම් ශේෂය විමසීමට හැකියාව ඇත.

ඔබට ළඟම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් (ATM) ඔබේ මුදල් ලබාගන්න

සංඛ්‍යාලේඛන

2024 මාර්තු 31 වන දින අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා සංඛ්‍යාන දත්ත

27

සහභාගීවූවන්ගේ ගණන

මිලියන 131.1

ගනුදෙනු පරිමාව

ට්‍රිලියන 1.3

ගනුදෙනු අගය

ගාස්තු

එක් ගනුදෙනුවක් සඳහා රජයේ බදු ද ඇතුළුව ඔබෙන් අය කෙරෙන උපරිම ගාස්තු පහත පරිදි වේ.

  • මුදල් ලබාගැනීමකදී - රුපියල් 30යි
  • ශේෂය විමසීමකදී - රුපියල් 7.50යි

ඔබ සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander