En  |  தமி



ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශනය

මුල් කාලයේ දී ඇමරිකානු ඩොලර් අණකර හා චෙක්පත් නිෂ්කාශනය ක්‍රියාවලිය සඳහා සති තුනකට වැඩි කාලයක් ගතවිය. ව්‍යාපාර ලෝකයට කාලය ඉතාමත් වැදගත් බැවින් එම අභියෝගයට මුහුණ දීම සදහා LankaPay ආයතනය විසින් 2002 වසරේ දී ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශන පද්ධතියක් හඳුන්වා දුන් අතර එමගින් දින හතරකටත් වඩා අඩු කාලයකින් එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට හැකිවිය.

එම සේවාව වඩාත් නව්‍යකරණයට ලක් කරමින් 2019 දී LankaPay ආයතනය විසින් ඇමරිකානු ඩොලර් අණකර මාර්ගගත පිළිබිඹු හුවමාරු පද්ධතිය (UITS) හඳුන්වා දෙන ලදි. අණකර වල ඡායාගත පිළිබිඹුව විද්‍යුත් මාර්ගයෙන් බැංකු අතර හුවමාරු කිරීම, භෞතික හුවමාරු ක්‍රියාවලිය ඉවත් කිරීම, සහ ප්‍රමාදයන් සැලකිය යුතු ලෙස අවම කිරීම මගින් අණකර නිෂ්කාශන ක්‍රියාවලිය සදහා විප්ලවීය වෙනසක් සිදු කිරීමට මෙම පද්ධතිය සමත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්කාශන ක්‍රියාවලිය කිසිදු බාධාවකින් තොර එක්දින ක්‍රියාවලියක් ලෙස විධිමත් වී මුදල් ප්‍රවාහ කටයුතු වැඩිදියුණු විය.

LankaPay ආයතනය සමඟින් හෙට දවසේ ඔබේ ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශන සේවාව කාර්යක්ෂම කරගන්න. ඒ සඳහා දැනට බලපත්‍ර ලාභී වාණිජ බැංකු 22 ක්, ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශනය පද්ධතිය හා සම්බන්දවඔබේ ව්‍යාපාරයට වේගවත් හා විශ්වාසනීය ගෙවීම් විසඳුම් ලබා දෙමින් සිටී.

ඔබේ ව්‍යාපාරය සඳහා ඇති වාසි

  • අණකර හෝ චෙක්පත් භෞතිකව භාවිතා නොවන නිසා නිෂ්කාශන ක්‍රියාවලියේදී ඒවා අස්ථානගත වීමේ අවධානම අවම කිරීම.
  • වේගවත් නිෂ්කාශන ක්‍රියාවලිය ඔබේ ව්‍යාපාරයේ මූල්‍ය කළමනාකරණය සඳහා යහපත් බලපෑමක් ඇති කරයි.
  • නිෂ්කාශන පද්ධතිය හරහා ඉතාමත් විනිවිදභාවයෙන් හා විශ්වාසයකින් යුතුව ඔබේ ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු වලට අදාළ ඇමරිකානු ඩොලර් චෙක්පත්/අණකර නිෂ්කාශනය සිදු වන අතර, චෙක්පත්/අණකර තැන්පත්
  • කළ දිනට පසු ඊලග වැඩ කරන දිනයේදී මුදල් ලැබීම සනාථ කරගත හැක.
  • අපගේ විධිමත් නිෂ්කාශන ක්‍රියාවලිය හරහා ඔබට අවශ්‍ය වෙලාවට මුදල් ලබා ගැනීමේ හැකියාව තුලින් ඔබේ ව්‍යාපාරයේ මෙහෙයුම් බාධාවකින් සහ ප්‍රමාදයකින් තොරව සිදුකල හැකිය.
  • අපගේ පද්ධතිය තුළ නිෂ්කාශන ක්‍රියාවලියේ සෑම පියවරක්ම ආරක්ෂිත බව සහතිකය කරයි.

අණකරයක් හෝ චෙක්පතක් අගරු වී ඇත්නම්, මා විසින් කළ යුත්තේ කුමක්ද?

ඇමරිකානු ඩොලර් අණකරයක් හෝ චෙක්පතක් අඟරු වී ඇත්නම් හෝ ඊට අදාල මුදල් ඔබගේ ගිණුමට බැර වී නැතිනම් නොපමාව ඊට හේතුව ඔබ අණකරය හෝ චෙක්පත තැන්පත් කල බැංකු ශාඛාවෙන් විමසන්න.

ඔබ කැමති මූල්‍ය ආයතනයකින් ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශන පහසුකම ලබා ගන්න

සංඛ්‍යා දත්ත

වසර කාර්තුව ගනුදෙනු වල ප්‍රමාණය ('000) ගනුදෙනු වල වටිනාකම (USD)
2021 Q1 7.6 68 මිලියන
Q2 6.3 51 මිලියන
Q3 7.2 64 මිලියන
Q4 7.3 70 මිලියන
2022 Q1 7.9 75 මිලියන
Q2 10.9 101 මිලියන
Q3 15.6 138 මිලියන
Q4 16.1 119 මිලියන
2023 Q1 16.5 99 මිලියන
Q2 15.8 94 මිලියන
Q3 16.9 95 මිලියන
Q4 17.6 104 මිලියන
2024 Q1 17.8 108 මිලියන
Q2 17 115 මිලියන
Q3 18 145 මිලියන

නිතර අසන ප්‍රශ්න

චෙක්පතක්/ බැංකු අණකරයක් අදාල බැංකුව මගින් LankaPay වෙත නිශ්කාෂණයට එවූ දින සිට එක් ව්‍යාපාරික දිනයක් තුළ නිෂ්කාශනය සිදු වේ.

  • ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට සහ ආයතනවලට ගෙවිය යුතු ශ්‍රී ලංකාවේ බැංකු විසින් නිකුත් කරන ලද ඇමරිකානු ඩොලර් අණකර.
  • ශ්‍රී ලංකාවේ බැංකුවලින් ලබාගන්නා ලද විදේශයන්හි බැංකු හෝ හුවමාරු ආයතන විසින් නිකුත් කරන ලද ඇමරිකානු ඩොලර් අණකර.

නොහැකියි. හැරවුම් ලේඛනය නිෂ්කාශනය නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කිරීමට නොහැකියි.

ඔව්, අණකරය නිකුත් කළ බැංකුවෙන් හෝ ඇමරිකානු ඩොලර් මුදල් හුවමාරු මධ්‍යස්ථානයෙන් අණකරයට හෝ චෙක්පතට ගෙවීම නවතන ලෙස ඉල්ලා සිටිය හැක.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ඇමරිකානු ඩොලර් මුදල් හුවමාරු මධ්‍යස්ථාන හරහා අණකර හෝ චෙක්පත් නිකුත් කෙරේ

ඔබේ ව්‍යාපාරය සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander