En  |  தமி  



LANKAQR

ඔබේ ව්‍යාපාරයේ ගෙවීම් ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ ඔබේ පාරිභෝගිකයන්ගේ පහසුව වැඩි කිරීමට LANKAQR කදිම සේවාවකි. මෙම පහසුකම ඔබේ ව්‍යාපාරයට ලබාගැනීම මගින්, ඔබේ පාරිභෝගිකයන්ට බාධාවකින් තොරව ස්කෑන් කර ගෙවීමට (Scan and Pay) පහසුකම සලසයි. මෙමගින් වඩා වේගවත්ව සහ කාර්යක්ෂමව ගෙවීම් සිදු කිරීමට මගින් ඔබේ ව්‍යාපාරයේ ගනුදෙනු ඉතා වේගවත් කරයි.

ඔබේ ව්‍යාපාරය සඳහා ඇති වාසි

  • ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහය කාර්යක්ෂම කරමින් පාරිභෝගිකයන්ගේ ගෙවීම් ක්ෂණිකව ඔබේ ගිණුමට බැර වේ.
  • ඔබේ බැංකුව හෝ මූල්‍ය ආයතනයෙන් 1% ක නාමික උපරිම ගාස්තුවක් පමණක් අය කරනු ලැබේ. අනෙකුත් ගෙවීම් මාධ්‍ය සමඟ සසඳන විට, මෙය ඔබේ ව්‍යාපාරයට පිරිවැය-ඵලදායීතාවය වඩාත්ම ප්‍රශස්ත කරයි.
  • QR ස්ටිකර් හෝ ජංගම/POS ටර්මිනල් වැනි ඔබේ ව්‍යාපාරයට ගැලපෙන ආකාරයේ විවිධ පහසුකම්වලින් සමන්විත වේ.
  • ඉන්දියානු සහ චීන විදේශිකයන් ආකර්ශණය කරගත හැකි අතර ඔබේ පාරිභෝගික පදනම ජාත්‍යන්තරය දක්වා පුළුල් කිරීමට අවස්ථාව හිමි වේ.
  • විදේශිකයන්ට තමන් සතු ජංගම යෙදුම් හරහා ස්කෑන් කර ගෙවීම් සිදු කිරීමට ද අවස්ථාව හිමි වේ.

ඔබ කැමති මූල්‍ය ආයතනයකින් LANKAQR පහසුකම ලබා ගන්න

පහත දක්වා ඇති ඕනෑම මූල්‍ය ආයතනයක් අමතා ඔබේ ව්‍යාපාරය සඳහා LANKAQR කේතයක් ලබාගත හැකිය

සංඛ්‍යාලේඛන

2025 සැප්තැම්බර් 30 වන දින දක්වා කාර්තුමය සංඛ්‍යාලේඛන

28

LANKAQR සක්‍රීය කළ ජංගම යෙදුම්

367,364

දේශීය ගනුදෙනු පරිමාණය

24,113

ජාත්‍යන්තර ගනුදෙනු පරිමාණය

22

LANKAQR සක්‍රීය කළ මූල්‍ය ආයතන

ඔබේ ව්‍යාපාරය සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.