En  |  தமி



ෆින්සීසට් (FinCSIRT)

ෆින්සීසට් (FinCSIRT) හෙවත් ශ්‍රී ලංකා මූල්‍ය අංශයේ පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා බැංකු සංගමය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අතර හවුල්කාරිත්වයෙන්, 2014 වසරේ දී පිහිටුවන ලද අතර, ආරම්භයේදී "BankCSIRT" ලෙස හඳුන්වනු ලැබීය. ෆින්සීසට් (FinCSIRT) ජාතික ගෙවීම් ජාලයේ ක්‍රියාකරු වන LankaPay යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන ඒකකයකි. එමෙන්ම, ෆින්සීසට් (FinCSIRT) යනු ආසියානු පැසිෆික් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙහි "සම්බන්ධක සාමාජිකයෙකු (Liaison Membership Membership)" වන අතර පැසිෆික් කලාපයේ ස්ථාපිත කරන ලද පළමු මූල්‍ය අංශයේ පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර ඒකකය වේ.

ආරම්භක අදියරේදී ෆින්සීසට් (FinCSIRT) සිය මෙහෙයුම් ඇරඹුවේ, මූලික වශයෙන් බැංකු අංශයට ප්‍රතික්‍රියාශීලී ප්‍රතිචාර ලබාදෙමිනි. නමුත් මේ වන විට මූල්‍ය අංශයට වඩාත් පුළුල් සේවා සැපයීම දක්වා ෆින්සීසට් (FinCSIRT) වර්ධනය වී ඇත.

මූලික සේවාවන්

  • සාමාජික මුල්‍ය ආයතන අතර පරිගණක ආරක්ෂණ තොරතුරු හුවමාරු කර ගැනීම
    • Advisory alerts (මෘදුකාංග/දෘඪාංග යාවත්කාලීන දැනුම්දීම්)
    • Vulnerability alerts (පරිගණක ආරක්ෂණ අවදානම් දැනුම්දීම්)
    • Informational alerts (පරිගණක ආරක්ෂණ තොරතුරු දැනුම්දීම්)
    • සතිපතා පරිගණක තර්ජන සම්බන්ධ බුද්ධි තොරතුරු වාර්තා
    • මාසික පරිගණක තර්ජන සම්බන්ධ බුද්ධි තොරතුරු සාරාංශ වාර්තා
  • පරිගණක ආරක්ෂාව සම්බන්ධ සිද්ධි කළමනාකරණය

ISOC - තොරතුරු ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථාන සේවා

  • සාමාජික මුල්‍ය ආයතන යෙදවුම් වල අක්‍රීය වේලාවන් මාර්ගගතව අධීක්ෂණය කිරීම
  • සාමාජික මුල්‍ය ආයතන මාර්ගගත යෙදවුම්‍ Black-Box පරීක්ෂා වට ලක්කිරීම
  • පරිගණක ආරක්ෂක සිදුවීම් නිරීක්ෂණය කිරීම / විශ්ලේෂණය කිරීම
  • ලොග් විශ්ලේෂණ පද්ධතිය / දත්ත හා තොරතුරු වල වෙනස්වීම් නිරීක්ෂණ කිරීමේ පද්ධති ක්‍රියාවේ යෙදවීම හා නඩත්තු කිරීම
  • මූල්‍ය ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථාන (SOC) දැනුම්දීම්
  • තොරතුරු ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථාන දැනුම්දීම්

අපගේ සේවා තවදුරටත් පුළුල් කර ඇති ආයතන

  • මුල්‍ය ආයතන 40ක්
  • ශ්‍රී ලංකා මහ බැංකුව
  • ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂාව සඳහා ජාතික මධ්‍යස්ථානය
  • ශ්‍රී ලංකා මූල්‍ය අංශය සඳහා සහාය දක්වන පාර්ශ්ව - විකුණුම්කරුවන්, අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව, අමාත්‍යාංශ
  • ගෝලීය පාර්ශවකරුවන් - මූල්‍ය අංශයේ ආරක්ෂක කණ්ඩායම් (ගෝලීය වශයෙන්), ආසියානු පැසිෆික් පරිගණක හදිසි ප්‍රතිචාර සංසද

ඔබටට සහය විය හැක්කේ කෙසේද?

LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!

ඊමේල් ලිපිනය

  |  lankapaysupport@lankapay.net

මුල්‍ය ආයතන සඳහා අදාළ විය හැකි වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander