En  |  தமி



පේමී (Payme)

පේමී (Payme) විසින් ලබාදී ඇති, බාධාවකින් තොරව පහසුවෙන් භාවිතා කළ හැකි "pay-by-link" විශේෂාංගය සමගින් ගනුදෙනු ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් සිදු කර ඇත. පේමී (Payme) සමඟින්, විවිධ ගෙවීම් සඳහා ඉල්ලීම් සිදු කිරීම සහ ගෙවීම් එකතු කිරීමේ ක්‍රියාවලිය සරල කර ඇත. පහසුවෙන්, පේමී (Payme) ලින්ක් එකක් යැවීම මගින් සේවාලාභීන්ට ඉතා පහසු Click කිරීමකින් ඔවුන් කැමති යෙදුමක් හරහා ගෙවීම් සිදුකළ හැකිය.

පේමී (Payme) සැකසුම ඉතාමත් ආරක්ෂිතයි. අපගේ වේදිකාව, මූල්‍ය ආයතන හා ඔවුන්ගේ සේවාලාභීන්ගේ ගිණුම් තොරතුරු ආරක්ෂා කිරීම සඳහා ගොඩනඟන ලද ආරක්ෂණ පියවරයන්ගෙන් සමන්විතයි. එමඟින් දෙපාර්ශවයේම රහස්‍යභාවය තහවුරු කරයි. පේමී (Payme) සමග සෑම පියවරකම, සෑම ගනුදෙනුවකම විශ්වාසය අන්තර්ගත වේ.

තවද, පේමී (Payme) විසින් ව්‍යාපාර ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කිරිම මඟින් මූල්‍ය ආයතනවලට පහසුවෙන් හා බාධාවකින් තොරව ව්‍යාපාර කාර්යයන් ස්වයංක්‍රීයව සිදුකිරීමට අවස්ථා සළසයි. පේමී (Payme) ගනුදෙනු ආරම්භ කිරීමේ සිට ගෙවීම් සැසඳීම දක්වා ක්‍රියාවලිය තුළ වැඩි නිරවද්‍යතාවක් සහතික කරන අතරම ව්‍යාපාර ක්‍රියාවලිය සරල කරමින් කාලය සහ සම්පත් ඉතිරි කරයි

එපමනක් නොව, පේමී (Payme) හි ගෙවීම් ලින්ක් විවිධ වේදිකා හරහා බාධාවකින් තොරව ගනුදෙනු සහතික කරන අතර ගනුදෙනුකරුවන්ට ස්ථාවර සහ කරදරයකින් තොර ගෙවීම් අත්දැකීමක් ලබා දෙයි.

මූල්‍ය ආයතන සඳහා ඇති වාසි

  • පාරිභෝගික තෘප්තිය සහ පක්ෂපාතීත්වය ඉහළ නංවමින් එක් එක් පාරිභෝගික අංශවලට ගැලපෙන වටිනා සේවාවක් සැපයීම.
  • ක්‍රෙඩිට් කාඩ්, ලීසිං හෝ වෙනත් ගෙවීම් ගාස්තු අයකරගැනීම් ස්වයංක්‍රීය කිරීම තුළින් දුෂ්කරතා අවම කරමින් මූල්‍ය ආයතනවල ක්‍රියාවලීන් පහසු කරයි.
  • ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) හරහා සිදුකරන කාඩ්පත් රහිත ගෙවීම් වැනි නව්‍ය විසඳුම් ලබාදීම මඟින් තරගකාරී පරිසරයට අනුවර්තනය වීමට හැකිවීම.

පේමී (Payme) සමග සම්බන්ධ වී ඇති මූල්‍ය ආයතන

ඔබටට සහය විය හැක්කේ කෙසේද?

LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!

ඊමේල් ලිපිනය

  |  lankapaysupport@lankapay.net

මුල්‍ය ආයතන සඳහා අදාළ විය හැකි වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander