En  |  தமி



පහසු කාර්යක්ෂම චෙක්පත් නිෂ්කාශන සේවාවක්

චෙක්පත් නිෂ්කාශනය (CITS)

ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය (Cheque Imaging and Truncation System (CITS) යනු ඡායාගත පිළිබිඹුව මත පදනම් වූ නිෂ්කාශන ක්‍රියාවලියක් වන අතර, එමගින් චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය පුරාවට භෞතික චෙක්පත් වෙනුවට ඉලෙක්ට්‍රොනික තොරතුරු භාවිත කිරීම සිදුවේ. 2006 වසරේ මැයි මාසයේ දී, චෙක්පත්වල ඡායාවන් විද්‍යුත් මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට සහ නිෂ්කාශනය කිරීමට පහසුකම් සලසන ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය LankaPay ආයතනය විසින් හඳුන්වා දෙන ලදි . මෙම නිෂ්කාශන ක්‍රියාවලිය නිසා භෞතික චෙක්පත් එහා මෙහා ගෙනයාමේදී ඇතිවන අපහසුතා මඟහරිමින්, රට පුරා අන්තර් බැංකු චෙක්පත් සහ බැංකු අණකර නිෂ්කාශනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් හා කාර්යක්ෂම විය.

ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය සේවාව මහින් සියලුම බැංකුවල අභ්‍යන්තර ක්‍රියාවලියන් හි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට අවස්ථාව ලද අතර, චෙක්පතෙහි පිළිබිඹුව වෙත වේගවත්ව හා පහසුවෙන් ප්‍රවේශ වීමේ නව සේවාවන් හඳුන්වා දීම සඳහා අවස්ථාව බැංකුවලට ලබාදීමට සමත් විය.

මෙවැනි දියුණු මට්ටමේ නිෂ්කාශන ක්‍රමයක් චෙක්පත් නිෂ්කාශනය සඳහා යොදාගත්, දකුණු ආසියාවේ පළමු සහ ලෝකයේ දෙවන රට ශ්‍රී ලංකාව වන අතර, ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය ශ්‍රි ලංකාවේ 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත මඟින් ගෙවීම්, නිෂ්කාශන සහ පියවීම් පද්ධතිය නියාමනය, අධීක්ෂණය සහ නිරීක්ෂණය කිරීම සඳහා මෙන් ම මූල්‍ය සේවා සපයන්නන් නියාමනය කිරීම සහ චෙක්පත් විද්‍යුත් මාධ්‍යයන් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සලසනු ලබයි.

ඔබට ලැබෙන වාසි

  • චෙක්පතේ ඡායාගත පිළිබිඹුව නිෂ්කාශන සඳහා භාවිතා වන නිසා නිෂ්කාශන ක්‍රියාවලිය වේගවත් වේ.
  • සාම්ප්‍රදායික චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලියට අදාල වූ චෙක්පත් වංචා වලින් ආරක්ෂා වේ.
  • චෙක්පතේ ඡායාගත පිළිබිඹුව බැංකු අතර නිෂ්කාශනය සඳහා හුවමාරු බැවින් භෞතික චෙක්පත අස්ථානගත වීමේ අවධානමක් ඇති නොවේ.
  • විනාඩි කිහිපයක් ඇතුළත නිෂ්කාශනයට අදාළ ඉලෙක්ට්‍රොනික දත්ත හුවමාරුව බාධාවකින් තොරව සිදුවන නිසා චෙක්පත් නිෂ්කාශනයෙදී ඇති භෞතික අවදානම අවම වේ.
  • ඔබට චෙක්පත් නිෂ්කශනයට අදාල විස්තර සහ වාර්තා බැංකුව හරහා පහසුවෙන් ලබාගැනීමට හැකි වේ.
  • බැංකුවලට නිෂ්කාශනය සඳහා චෙක්පත් ඉදිරිපත් කිරීමට ලබා දෙන කාලය දීර්ග කර ඇති බැවින්, බැංකුවලින් චෙක්පත් බාරගැනීමේ කාලය ද දීර්ඝ කර ඇත.

ඔබේ චෙක්පත ගෙවන බැංකුව විසින් අගරු කළහොත් කුමක් කළ යුතුද?

ඔබ තැන්පත් කළ චෙක්පත අගරු වීමකදී,

  1. ඔබට භෞතික චෙක්පත වෙනුවට අගරු චෙක්පත් නිවේදනයක් (Cheque Return Notification-CRN) ලැබෙනු ඇත. අගරු චෙක්පත් නිවේදනය යනු මුල් චෙක්පතෙහි ඡායාගත පිළිබිඹුව සිහිත නීත්‍යානුකූල ආදේශකයකි.
  2. අගරු චෙක්පත් නිවේදනය චෙක්පත නිෂ්කාශනයට එවූ දින සිට මාස 6ක් දක්වා වලංගු වේ.
  3. චෙක්පත තැන්පත් කරන බැංකුව විසින් මුද්‍රිත අගරු චෙක්පත් නිවේදනය ඔබ වෙත ලබා දේ. චෙක්පත අගරු වීමට හේතුව මෙන්ම, අගරු චෙක්පත් නිවේදනය නැවත නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කළ හැකිදැයි යන්න අගරු චෙක්පත් නිවේදනයෙහි C කොටස පරික්ෂා කිරීමෙන් දැන ගත හැකිය.
  4. ඔබට නැවත ඉදිරිපත් කළ නොහැකි අගරු චෙක්පත් නිවේදනයක් ලැබී තිබේනම්, චෙක්පත ලබා දෙන්නා (අණකරු) වෙතින් නව චෙක්පතක් ලබාගත යුතුය. චෙක්පත් ලැබීම් පිලිබඳ නිවැරදි තොරතුරු තබා ගැනීම, අනපේක්ෂිත චෙක්පත් අගරුවීමකදී ඔබට සිදුවන අපහසුතාවයන් අවම කරයි.

චෙක්පතක් නිවැරදිව ලියන්නේ කෙසේ ද?

ඔබ විසින්

  • මුදල ඉලක්කමින් සහ අකුරෙන් සටහන් කරන්න. දිනය, ලබන්නාගේ (ආදායකයාගේ) නම, අත්සන ආදී සියළු අත්‍යාවශ්‍ය තොරතුරු සහිතව චෙක්පත නිකුත් කරන්න.
  • චෙක්පත ලිවීමට අඳුරු පැහැති අවපැහැ නොවන තීන්ත සහිත පෑනක් භාවිත කරන්න.
  • අකුරු මුද්‍රණය කරන්නේ නම්, අවම වශයෙන් වසර 12 ක් වත් භාවිතයේ පවතින තීන්ත වර්ගයක් සහිත මුද්‍රණ යන්ත්‍රයක් කරන්න.
  • වෙනස්කම් සිදුකළ චෙක්පත් නිකුත් කිරීමෙන් වළකින්න.
  • චෙක්පතෙහි සඳහන් කිසිදු තොරතුරක් රවුම් කිරීම හෝ යටින් ඉරි ඇඳීම සිදු නොකරන්න.
  • චුම්බක තීන්තෙන් කේතනය කර ඇති අක්ෂරවලට හානිවන පරිදි චෙක්පත නැවීමෙන්, ලිවීමෙන්, සළකුණු යෙදීමෙන් හෝ ඉරීමෙන් වළකින්න.
  • චෙක්පත් මුහුණතෙහි ඇති අන්තර්ගතය වෙනස් කිරීම හෝ මකා දැමීම සිදු නොකරන්න.

චෙක්පත් නිෂ්කාශන සේවාව සමඟ සම්බන්ධ වී ඇති මූල්‍ය ආයතන

නිතර අසන ප්‍රශ්න

චෙක්පතක් යනු අදායකයා (ලබන තැනැත්තා) ලෙස නම් කරන ලද පුද්ගලයාට හෝ ආයතනයට නිශ්චිත මුදලක් ගෙවීමට බැංකුව වෙත කරන ලිඛිත නියෝගයකි. එය ඔබගේ ගිණුමෙන් වෙනත් කෙනෙකුගේ ගිණුමකට මුදල් මාරු කරන ලෙස ඔබේ බැංකුවට දැනුම් දීමේ විධිමත් ක්‍රමයකි.

සාමාන්‍යයෙන් චෙක්පතක් LankaPay ආයතනය වෙත ළඟා වූ මොහොතේ සිට, එක් ව්‍යාපාරික දිනයක් ඇතුළත එය නිෂ්කාශනය වීම සිදු වේ.

චෙක්පත් නිෂ්කාශනය කිරීම සඳහා බැංකු විසින් සැකසීමේ ගාස්තු සහ කොමිස් මුදල් වැනි ගාස්තු අයකරන අතර, එම ගාස්තු බැංකුවෙන් බැංකුවට වෙනස් වේ.

චෙක්පත ලියූ පුද්ගලයා (අණකරු), මුදල් ලබාදෙන බැංකුව (අණලද්දා), මුදල ලබන පුද්ගලයා (අදායකයා), මුදල් ප්‍රමාණය, දිනය හා අත්සන ආදිය චෙක්පතක මූලික අංග වේ.

ඔව්. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියන ලද චෙක්පත් ශ්‍රී ලංකාව තුළ වලංගු වේ.

ඔබේ චෙක්පත සොරකම් කර හෝ අස්ථානගත වී ඇත්නම්, වහාම එය නිකුත් කළ ඔබේ බැංකුවට ඒ බව දැනුම්දෙන්න. එයට ගෙවීම් සිදු කිරීම නතර කිරීමට බැංකුවට හැකියාව තිබේ.

“Pay” තීරුවෙහි අදායකයාගේ සම්පූර්ණ නම සටහන් කරන්න. චෙක්පත ඔහුට පමණක් නම් “Bearer” යන වචනය කපා දමා, ඉහළ වම් කෙළවරෙහි ඉරි දෙකක් අඳින්න.

ඔව්, නැවත හරවා එවූ චෙක්පත්, ව්‍යාජ ලෙස සකස් කළ හෝ නැතිවූ/ සොරකම් කළ චෙක්පත් වැනි යම් ආවේනික අවදානම් පවතී.

මුදල් හෝ ඉලෙක්ට්‍රොනික ගෙවීම් මෙන් නොව, චෙක්පතක් යනු බැංකුවට ඉදිරිපත් කරන විට එක් බැංකු ගිණුමකින් තවත් බැංකු ගිණුමකට ගෙවීමට ලබාදුන් ලිඛිත පොරොන්දුවකි.

සාමාන්‍යයෙන් චෙක්පතක් එය නිකුත් කළ දිනයේ සිට මාස 6ක් දක්වා වලංගු වේ.

නිෂ්කාශන පද්ධතිය විසින් ඉලෙක්ට්‍රොනික ගත කළ සේයාරූ දත්ත භාවිත කරන අතර, එය ඉදිරිපත් කිරීමෙන් පසුව භෞතික චෙක්පත අදාළ නිෂ්කාශන ක්‍රියාවලියෙන් ඉවත් කෙරේ.

ඔව්

ඔබ සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander