En  |  தமி



ඩිජිටල් ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම

අපි ඔබගේ මූල්‍ය ගනුදෙනු හැසිරවීමේ භූමිකාවට පමණක් සීමා නොවී, ඔබේ මූල්‍ය කටයුතු වඩාත් සරල, වේගවත් සහ ආරක්ෂාකාරී ලෙස කළමනාකරණය කිරීමට පහසුකම් සැපයීම අපගේ මුලික වගකීම බවට හදුනාගත් ආයතනයකි.

ශ්‍රී ලංකාව මුදල් රහිත සමාජයක් කරා පරිවර්තනය කිරීමේ ගමනේ ප්‍රධාන බලවේගයක් ලෙස ක්‍රියාත්මක වන LankaPay ආයතනය, ශ්‍රී ලංකාවේ ස්වාධීන, ශක්තිමත් සහ කාර්යක්ෂම ජාතික ගෙවීම් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වගකීම් සම්පූර්ණ කරමින් සිටී.

නමුත්, අපගේ ගමන මෙතැනින් අවසන් නොවේ. අපි නිතරම සීමාවන් ඉක්මවා, නව අවස්ථා ගවේෂණය කරමින්, සෑම පුද්ගලයෙකුටම, ඔවුන් කොතැන සිටියත්, මූල්‍ය ගනුදෙනු පහසුවෙන්, සාධාරණව සහ නිදහසේ සිදු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපගේ ප්‍රධාන අරමුණ ලෙස හදුනාගෙන ක්‍රියාකරයි.

එබැවින්, සෑම ගනුදෙනුවක්ම වඩාත් පහසු, ඉක්මන් සහ ආරක්ෂිත වන නව යුගයක් නිර්මාණය කිරීම සඳහා අපි සියලු දෙනා එකට එකතු වෙමු. මූල්‍ය අනාගතය අද සිටම යථාර්ථයක් බවට පත්කරන LankaPay ආයතනය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

දැක්ම

"අපි කරන සෑම ක්‍රියාවකදීම, ඔබගේ කාලයෙහි වටිනාකම අපි අගය කරමු"

මෙහෙවර

"සරල, වේගවත් සහ ආරක්ෂිත විසඳුම් ඉදිරිපත් කිරීමෙන් අපි ඔබේ කාලයට වටිනාකමක් ලබාදෙන්නෙමු."

මූලික වටිනාකම්

ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලය සඳහා හොඳම නව්‍ය විසඳුම් ලබා දීමේ අරමුණින්, LankaPay ජාතික ගෙවීම් ජාලයේ ක්‍රියාකරු ලෙස කටයුතු කරයි


නවෝත්පාදනය

LankaPay හි අපි, අපගේ සේවාවන් වැඩිදියුණු කිරීමට නව අදහස් සහ වඩා සාර්ථක ක්‍රම සොයා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්නෙමු. අපි අභියෝග අවස්ථා ලෙස දකින අතර, ඉක්මනින් සහ ප්‍රතිචාරාත්මක ලෙස අදහස් නිර්මාණාත්මක විසඳුම් බවට පත් කරමු

සහයෝගීතාවය

අප හරහා ගෙවීම් කරන ගනුදෙනුකරුවන්ට, ගෙවීම් පිළිගන්නා විකුණුම්කරුවන්ට සහ සමස්ත ප්‍රජාවට ප්‍රතිලාභ ලබා දීම සඳහා අපි විවිධ පුද්ගලයන් සහ ව්‍යාපාර සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන්නෙමු. එකට එකතු වීමෙන්, සියලු පාර්ශව සඳහා වාසි ලැබෙන විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට අපි අපේක්ෂා කරන්නෙමු.

සමානාත්මතාවය

විවිධත්වය අපගේ ශක්තියයි. අපි අපගේ සේවාවන් සමාජ තරාතිරම, ජාතිය, ආගම, භූගෝල පිහිටීම හෝ දිශානතිය නොතකා සියලු ජන කොටස් වෙත එක ලෙස සපයන්නෙමු. අපි සෑම පුද්ගලයෙකුටම සමාන ලෙස ගරු කරන්නෙමු.

භාවිතයේ පහසුව

සරල බව අපගේ සෑම සේවාවකම පදනමයි. අපගේ පාරිභෝගිකයින්ට සහ භාවිතා කරන්නන්ට ජීවිතය පහසු කරගැනීමට උපකාර වන සරල සේවා සැපයීම අපගේ විශේෂත්වයයි.

පිවිසීමේ පහසුව

අපගේ උපකාර සේවා පැය 24 පුරාම ලබාගත හැකි වන අතර, ඔබ සිටින ඕනෑම ස්ථානයක සිට අපගේ සේවාවන්ට පහසුවෙන් පිවිසිය හැකිය.

විශ්වාසනීය බව

LankaPay හි, අපි සෑම විටම අපගේ පොරොන්දු ඉටු කිරීමට සහ අපගේ සියලු ක්‍රියාකාරකම් සඳහා වගකීම දැරීමටත් කැපවී සිටින්නෙමු. අපගේ සේවාවන්හි ආරක්ෂාව හා විශ්වසනීයත්වය අපි සහතික කරන්නෙමු. අපගේ සියලු කාර්යයන් වල මූලික පදනම විශ්වාසනීය බවයි.



අපේ ගමන් මඟ

2002 දී අන්තර් බැංකු චෙක්පත් නිෂ්කාශන සේවා සපයන ආයතනයක් ආරම්භ කරන ලද LankaPay ආයතනය, අද වන විට ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලය මෙහෙයවන ප්‍රමුඛතම ආයතනයක් දක්වා වර්ධනය වී ඇත. අප, මෙම ගමනේ දී ගෙවීම් යටිතල පහසුකම් නිරන්තරයෙන් ප්‍රවර්ධනය කරමින්, සෑම පුරවැසියෙකුටම පහසුවෙන් භාවිතා කළ හැකි කාර්යක්ෂම හා විශ්වාසදායී සේවාවන් ලබා දෙමින්, නවෝත්පාදන ක්‍රියාවලීන් නිතරම ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂ ප්‍රගතියකට දැවැන්ත ලෙස දායක වී ඇත.

අප LankaPay ආයතනය ලෙස, ශ්‍රී ලංකාවේ ගෙවීම් යටිතල පහසුකම් වැඩිදියුණු කරමින්, ගනුදෙනු වඩාත් කාර්යක්ෂම හා පහසු කිරීමට පියවර ගනිමු. ඩිජිටල් ගෙවීම් ක්‍රියාවලිය සරල කිරීම, ජාත්‍යන්තර ගනුදෙනු පහසු කිරීම, සහ ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා සවිබලගැන්වූ, ප්‍රවේශමය සහ විශ්වාසදායී මූල්‍ය ගෙවීම් පද්ධතියක් ගොඩනගා ගැනීම අපගේ මූලික වගකීම් අතර වේ.

අපගේ ප්‍රධාන අරමුණ, දේශීය හා විදේශීය ගනුදෙනු කරුවන්ගේ මූල්‍ය ගනුදෙනු වඩාත් පහසු, වේගවත් සහ ආරක්ෂාකාරී කිරීමයි. මෙහෙයුම් ක්‍රියාවලිය සරල කරමින්, ශ්‍රී ලාංකික ජීවිතවල ධනාත්මක සහ කාර්යක්ෂම බලපෑමක් ඇති කිරීම LankaPay ආයතනයේ පරමාර්ථයයි.


ජාත්‍යන්තර හවුල්කාරිත්වයන්

ආයතනික හවුල්කාරිත්වයන්

අප ලද පිළිගැනීම් සහ සහතික

අප වෙත ලැබී ඇති සහතික මූල්‍ය ගනුදෙනු ක්ෂේත්‍රයේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව, විශිෂ්ටත්වය, මෙහෙයුම් සහ මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය උපරිම කර ගැනීම සඳහා අප දක්වන කැපවීම හෙළි කරයි.







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander