En  |  தமி



ඍජු හර ගෙවීම් (Direct Debit) සමගින් ඔබේ ගෙවීම් කළමනාකරණය කරගන්න

ඍජු හර ගෙවීම් (Direct Debit)

එදිනෙදා ගෙවීම් කටයුතු සිදු කළ යුතු දින මතක තබා ගැනීමට සිදුවීම නිසා ඔබත් වෙහෙසට පත්වෙලා ද? හඳුන්වා දෙන ඍජු හර ගෙවීම් (Direct Debit) ක්‍රමය හරහා ඔබේ ජල විදුලි බිල්පත්, රක්ෂණ වාරික ගෙවීම් සහ දුරකථන බිල්පත් ගෙවීම් ස්වයංක්‍රීයව සිදුකර ගැනීමට සරල පහසුවිසඳුමකි.

ඍජු හර ගෙවීම් (Direct Debit) හරහා නිශ්චිත දිනයක දී ඔබේ ගිණුමෙන් බිල්පත් ගෙවීම සදහා අදාල මුදල අඩුකර ගැනීමට ඔබේ බැංකුවට අවසර ලබාදිය හැකියි. ඍජු හර ගෙවීම් (Direct Debit) මගින් ඔබේ ගෙවීම් හැමවිටම, නියමිත වෙලාවට සිදුවන නිසා තවදුරටත් ගෙවීම් මගහැරීම පිළිබඳ හෝ ප්‍රමාද ගාස්තු පිළිබඳව වද වීමට සිදු නොවේ.

කරදරකාරී ගෙවීම් ක්‍රමවලට සමුදී ඍජු හර ගෙවීම් (Direct Debit) සමගින් උපරිම පහසුවක් අත්විඳින්න. ඔබේ ගෙවීම් කටයුතු නියමිත වෙලාවට සිදුවන බව ඔබ දන්නා නිසා ඒ ගැන කරදර නොවී සැහැල්ලුවෙන් කල් ගෙවන්න. උපරිම පාරිභෝගික ගාස්තුව රු.50/-ක් පමණක් නිසා මෙය ඕනෑම අයෙකුට ගැලපෙන ලාභදායී විසඳුමකි.

ඔබට ලැබෙන වාසි

  • පහසුව : තවදුරටත් ඔබේ ගෙවීම් කරදරකාරී ලෙස කළමනාකරණය කිරීමට හෝ ගෙවීම් කළ යුතු දින මතක තබාගැනීමට අවශ්‍ය නැත. ඍජු හර ගෙවීම් (Direct Debit) මගින් ගෙවීම් කටයුතු ස්වයංක්‍රීයවම සිදුවන අතර කාලය සහ ශ්‍රමය ඉතිරි වේ.
  • කාලානුරූපී ගෙවීම්: ඍජු හර ගෙවීම් (Direct Debit) මගින් නියමිත දිනයක දී ඔබේ ගිණුමෙන් මුදල් අඩුකරගන්නා අතර බිල්පත් ගෙවීම නියමිත පරිදි සිදුවන බව සහතික කරයි. මේ නිසා ගෙවීම් මගහැරීම පිළිබඳ හෝ ප්‍රමාද ගාස්තු පිළිබඳ වද වීමේ අවශ්‍යතාවක් නැත.
  • හිතේ සැහැල්ලුව: ඔබේ බිල්පත් ගෙවීම් කටයුතු ඍජු හර ගෙවීම් (Direct Debit) වෙත භාරදීමෙන් පසුව, සියලු ගෙවීම් කටයුතු බාධාවකින් තොරව සිදුවන බව විශ්වාස නිසා ඔබට හිතේ සැහැල්ලුවෙන් කල් ගෙවිය හැකියි.
  • ඔබේ වැඩ කටයුතු අවම කරයි : ඍජු හර ගෙවීම් (Direct Debit) සමගින් ඔබට එක් එක් බිල්පත වෙන වෙනම ගෙවීමේ අවශ්‍යතාවයක් ඇති නොවන නිසා, ඔබේ මූල්‍ය කළමනාකරණ කටයුතු පහසු කරයි.
  • අවම වියදම : ඍජු හර ගෙවීම් (Direct Debit) හි උපරිම පාරිභෝගික ගාස්තුව රු.50ක් පමණක් වන නිසා, එය ඕනෑම අයෙකුට දැරිය හැකි බිල්පත් ගෙවීම් ස්වයංක්‍රීයකරණය කිරීමේ විසදුමක් සපයයි.
  • ඔබට සරිලන ලෙස: ඔබේ අවශ්‍යතාව සහ කැමැත්ත අනුව ජල විදුලි බිල්පත්, රක්ෂණ ගෙවීම්, දුරකථන බිල්පත් ආදී විවිධාකර බිලපත් සඳහා ඍජු හර ගෙවීම් (Direct Debit) භාවිතා කිරීමේ නම්‍යශීලීභාවය ඔබට ඇත.

ඔබ කැමති මූල්‍ය ආයතනයකින් ඍජු හර ගෙවීම් (Direct Debit) පහසුකම ලබා ගන්න

ඔබ සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander