En  |  தமி  



මූල්‍ය ආයතන සඳහා ජස්ට්පේ (JustPay)

ජස්ට්පේ (JustPay)

ජස්ට්පේ (JustPay) සමඟින්, සියලු පාර්ශවයන්ට වාසිදායක, කාර්යක්ෂම සහ පහසු ගෙවීම් අත්දැකීමක් ලබාදීමට මූල්‍ය ආයතන වෙත හැකියාව ඇත. ජංගම දුරකථන යෙදුම් සහ විද්‍යුත්-වාණිජ (e-commerce) වෙබ් යෙදුම් අතරේ තම බැංකු ගිණුම් ආරක්ෂිතව සම්බන්ධ කර ගනුදෙනුකරුවන්ට, ඔවුන්ගේ ගෙවීම් පහසුවෙන් හා ඉක්මනින් සිදුකිරීමට හැකියාව ලබාදීමට ඔබට හැකි වේ. එමෙන්ම, ගනුදෙනුකරුවන් විසින් ජස්ට්පේ (JustPay) මගින් ඔවුන්ගේ බැංකු ගිණුම හරහා ගෙවීම් සිදුකරන විට, බැංකු ගාස්තු සැලකිය යුතු ලෙස අඩුවෙන බැවින්, ව්‍යාපාරිකයින්ට හුවමාරු ගාස්තු අඩුවීමේ අමතර වාසියක්ද ලැබේ.

ජස්ට්පේ (JustPay) සමගින් මූල්‍ය ආයතන වෙත තම ගනුදෙනුකරුවන් හා ව්‍යාපාරිකයින් භාවිතයට පහසු, අඩු පිරිවැයක් සහිත නවීන ගෙවීම් ක්‍රමයකින් සවිබල ගැන්විය හැකි අතර ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස තම ස්ථාවරය තහවුරු කර ගැනීමටද ඒ හරහා හැකියාව ලැබේ.

ජස්ට්පේ (JustPay) සේවාව ලබාදෙන්නෙකු බවට පත්වන්නේ කෙසේද?

ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සහය ලබාගැනීමට අප හා සම්බන්ධ වන්න. ජස්ට්පේ (JustPay) ගෙවීම් සේවාව සක්‍රීය කරගැනීම සඳහා, ඔබගේ මූල්‍ය ආයතනය සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් ජාලයේ (CEFTS) සාමාජිකයෙකු විය යුතුය."

ඔබ ජස්ට්පේ (JustPay) සේවාව ලබාදෙන ආයතනයක් බවට පත් වූ පසු, ඔබේ මූල්‍ය ආයතනයේ ගනුදෙනුකරුවන්ට ජස්ට්පේ (JustPay) සඳහා අනුමත ඕනෑම ජංගම දුරකථන යෙදුමක් හරහා ඔවුන්ගේ ගිණුම් සම්බන්ධ කර ගෙවීම් සිදු කිරීමේ හැකියාව ලැබේ.

ජස්ට්පේ (JustPay) සේවාව ලබාගන්නෙකු බවට පත්වන්නේ කෙසේද?

ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සහය ලබාගැනීමට අප හා සම්බන්ධ වන්න. ජස්ට්පේ (JustPay) ගෙවීම් සේවාව සක්‍රීය කර ගැනීම සඳහා, ඔබගේ මූල්‍ය ආයතනය සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් ජාලයේ (CEFTS) ජාලයේ සාමාජිකයෙකු විය යුතුය.

ඔබ ජස්ට්පේ (JustPay) සේවාව ලබාගන්නා ආයතනයක් බවට පත් වූ පසු, ජස්ට්පේ (JustPay) භාවිත කළ හැකි ඕනෑම ජංගම දුරකථන යෙදුමක් හෝ විද්‍යුත්-වාණිජ වෙබ් යෙදුමක් සමඟ ඔබේ සේවා සම්බන්ධ කර ගත හැක.

සංඛ්‍යා දත්ත

2025 මාර්තු 31 දිනෙන් අවසන් වන කාර්තුව සඳහා සංඛ්‍යා දත්ත

1,034,073

නව ගිණුම්

28,985,009

ගනුදෙනු ප්‍රමාණය

බිලියන 142.2

ගනුදෙනු වටිනාකම (රුපියල්)

ඔබටට සහය විය හැක්කේ කෙසේද?

LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!

ඊමේල් ලිපිනය

  |  lankapaysupport@lankapay.net

මුල්‍ය ආයතන සඳහා අදාළ විය හැකි වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.

0

Event Calander