En  |  தமி



පසුබිම

අපගේ ගමන මග ආරම්භ වූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්වයංක්‍රීය චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය ස්ථාපිත කිරීමට ගත් දූරදර්ශී පියවර සමඟිනි. එහි මුලික පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පුර්ණ මගපෙන්වීම යටතේ, LankaClear පුද්ගලික සමාගම වර්ෂ 2002 අප්‍රේල් මස පළමු වන දින ආරම්භ විය. වර්ෂ 2013 දී, අප කාඩ්පත් සහ අනෙකුත් ගෙවීම් සඳහා පොදු යාන්ත්‍රණය හඳුන්වා දීමත් සමග LankaPay වෙළඳ නාමය දියත් කළෙමු.

LankaPay අපගේ සේවාවන් ව්‍යාප්ත වීමත් සමඟ, වර්ෂ 2022 දී අපගේ සමාගමේ නම 'LankaPay (පුද්ගලික) සමාගම' ලෙස වෙනස් කළෙමු. මෙය අපගේ වෙළඳ නාමය සහ ආයතනික නාමය ඒකාබද්ධ කිරීම සඳහා ගත් මුලික පියවරකි. වර්තමානයේ, අපි ශ්‍රී ලංකා මහ බැංකුව සහ බලපත්‍රලාභී මුල්‍ය ආයතන සමඟ එකට එකතු වී, ගෙවීම් කටයුතු පහසු කිරීම සඳහා සහයෝගයෙන් වැඩ කරමින් සිටියි.

ආයතනයේ නම

LankaPay (පුද්ගලික) සමාගම

ලියාපදිංචි කාර්යාලය සහ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානය

LankaPay (පෞද්ගලික) සමාගම
‘The Zenith”,
No.161 A,
ධර්මපාල මාවත,
කොළඹ 00700,
ශ්‍රී ලංකාව.



නෛතික ආකෘතිය සහ හිමිකාරිත්වය

1982 අංක 17 දරන සමාගම් පනත යටතේ "පුද්ගලික සීමිත වගකීම් සමාගමක්" ලෙස ස්ථාපිත කරන ලදී. 2002 පෙබරවාරි 8 සහ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ නැවත ලියාපදිංචි කරන ලදී.

අධ්‍යක්ෂක මණ්ඩලයේ සංයුතිය


  • සමාගම් ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් සභාපතිවරයා පත් කරනු ලබයි.
  • අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරයි.
  • අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු රාජ්‍ය බැංකු දෙක (ලංකා බැංකුව සහ මහජන බැංකුව) නියෝජනය කරයි.
  • අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු ශ්‍රී ලංකා බැංකු සංගමය විසින් නම් කරනු ලබන අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් පුද්ගලික දේශීය වාණිජ බැංකුද, අනෙකා විදේශීය බැංකුද නියෝජනය කරයි.
  • ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ මහලේකම්වරයා අවසාන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා වේ. ඔහු නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කරන අතර අදහස් ප්‍රකාශ කිරීමද සිදු කරයි.

ආයතන ලේකම්වරුන්

Managers & Secretaries පුද්ගලික සමාගම
අංක 8, ටිකල් පාර
කොළඹ 08

  |  +94 11 2015900
  |  +94 11 2015960

බාහිර විගණකාධිකාරීවරුන්

Deloitte Partners Chartered Accountants
100 බ්‍රේබෘක් පෙදෙස
කොළඹ 2

  |  +94 11 7719700
  |  +94 11 2697369

අභ්‍යන්තර විගණකාධිකාරීවරුන්

බී. ආර්. ද සිල්වා සහ සමාගම (වරලත් ගණකාධිකාරීවරු)
අංක 22/4, විජය කුමාරණතුංග මාවත
කොළඹ 05

  |  +94 11 4510368
  |  +94 11 4512404



අප ලද පිළිගැනීම් සහ සහතික

අප වෙත ලැබී ඇති සහතික මූල්‍ය ගනුදෙනු ක්ෂේත්‍රයේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව, විශිෂ්ටත්වය, මෙහෙයුම් සහ මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය උපරිම කර ගැනීම සඳහා අප දක්වන කැපවීම හෙළි කරයි.







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander