En  |  தமி



"ඔබේ මූල්‍ය අනාගතය බලගන්වන්න"

Learn With Us

නවීන මූල්‍ය තාක්ෂණයේ සංකීර්ණතා ප්‍රවීණයෙකු ලෙසින් හසුරුවන්නට ඔබට ඇති අවස්ථාවක් වන LankaPay "අපත් සමගින් හදාරන්න" වෙත ඔබ සාදරයෙන් පිළිගන්නෙමු. මෙහිදී අපි සංකීර්ණ සංකල්ප පහසුවෙන් අවබෝධ කර ගත හැකි ලෙස ඔබ වෙත පිළිගන්වමින්, ඩිජිටල් මූල්‍ය අවකාශය තුළ විශ්වාසයෙන් යුතුව පහසුවෙන් සැරිසැරීමට හැකියාව ලබාදෙන්නෙමු.

අපගේ සවිස්තරාත්මක මාර්ගෝපදේශ, මූලික බැංකු මෙහෙයුම් සිට නවීනතම Fintech නවෝත්පාදන දක්වා පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරයි. ඔබ ඔබේ පුද්ගලික මූල්‍ය කටයුතු වඩා හොඳින් කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන අයෙකු වුවත්, ඔබේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීමට අපේක්ෂා කරන ව්‍යාපාර හිමිකරුවෙකු වුවත්, නව කර්මාන්ත ප්‍රවණතාවලට ඉදිරියෙන් සිටීමට උත්සාහ කරන මූල්‍ය වෘත්තිකයෙකු වුවත්, අප වෙතින් සියලුම දැනුම් මට්ටම් සඳහා සම්පත් සැපයේ.

එසැණ මුදල් හුවමාරු පිටුපස ඇති යාන්ත්‍රණය තේරුම් ගැනීමට, ඩිජිටල් ගෙවීම්වල ආරක්ෂක විශේෂාංග ගවේෂණය කිරීමට, හෝ මූල්‍ය සේවාවල නවතම දියුණුව ගැන හැදෑරීමට අපගේ සැලකිලිමත්ව සකස් කරන ලද මෙම අන්තර්ගතයට පිවිසෙන්න. LankaPay හි "අපත් සමගින් හදාරන්න" සමග, ඔබ හුදෙක් දැනුම ලබා ගැනීම පමණක්ම නොව - ඔබේ මූල්‍ය අනාගතය සඳහා ආයෝජනය කරමින් සිටී. අද දින ඔබේ හැදෑරීම් ආරම්භ කර LankaPay සමඟ ඩිජිටල් මූල්‍ය සේවාවල පරිපූර්ණත්වය අත්විඳින්න.

අපගේ නිෂ්පාදන සම්බන්ධයෙන් හදාරන්න

අපගේ නවෝත්පාදන මූල්‍ය විසඳුම් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන්න. එක් එක් නිෂ්පාදනය ක්‍රියාත්මක වන ආකාරය, එහි ප්‍රතිලාභ, සහ එය ඔබේ බැංකු අත්දැකීම විප්ලවීය ලෙස වෙනස් කළ හැකි ආකාරය තේරුම් ගන්න. මූල්‍ය කටයුතු වෙනුවෙන් ඔබ සතු විය යුතු වැදගත්ම බලය දැනුමයි.


ජාත්‍යන්තර හවුල්කාරිත්වයන්

අප ලද පිළිගැනීම් සහ සහතික

මෙහෙයුම් සහ මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය උපරිම කර ගැනීම සඳහා අප දක්වන කැපවීම හෙළි කරයි.



නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.

2

Event Calander