En  |  தமி  



ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශනය

මූල්‍ය ක්ෂේත්‍රය තුළ, සාම්ප්‍රදායික ඇමරිකානු ඩොලර් අණකර හා චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය සැලකිය යුතු අභියෝග මතු කළ අතර, බොහෝ විට ගනුදෙනුකරුවන්ට ඇමරිකානු ඩොලර් චෙක්පත්/අණකර වලට නිශ්කාෂණයෙන් පසු මුදල් ලැබීමට සති තුනකට වඩා කාලයක් ගත විය. මෙම ප්‍රමාදයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි 'නොස්ට්‍රෝ' ගිණුම් හරහා නිෂ්කාෂණ කටයුතු පවත්වාගෙන යාමයි.

මෙම අපහසු ක්‍රියාවලියට පිළියමක් වශයෙන් LankaPay විසින් 2002 දී දේශීය ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශණ ක්‍රියාවලිය හඳුන්වා දෙන ලදී. මෙම අර්ධ පරිගණක ගත නිෂ්කාශන ක්‍රමය මෙම කාලය තුල විප්ලවීය වෙනසක් ඇති කල අතර, මෙමගින් ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශනය සඳහා ගතවන කාලය සති තුනේ සිට දින හතරක් දක්වා අඩු කරන ලදී. තවද නිෂ්කාෂණය සහභාගී වන වාණිජ බැංකුවලට නිෂ්කාශන ගාස්තු සැලකිය යුතු ලෙස ඉතිරි කරගත හැකි විය.

සේවාවන් වඩාත් කාර්යක්ෂම හා නව්‍යකරණයට ලක් කරමින්, 2019 ජූලි 24 වන දා LankaPay ආයතනය මාර්ගගත ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශන පද්ධතිය (UITS) හඳුන්වා දෙන ලදි. මෙම පද්ධතිය, බැංකු අණකරයේ ඡායාගත පිළිබිඹුව බාවිතා කරන අතර, බැංකු අණකර නිෂ්කාෂණයේ ප්‍රමාදයන් සැලකිය යුතු ලෙස අවම කර නිෂ්කාෂණය සදහා ගතවන කාලයේ විප්ලවීය වෙනසක් සිදු කරණ ලදී. මෙම පරිවර්තනීය ක්‍රියාවලිය මගින් නිෂ්කාශණය කිරීමේදී චෙක්පත් හා අණකර භෞතිකව එහා මෙහා යෑමේ උවමනාව ඉවත් වූ අතර, ඒ ආශ්‍රිත ප්‍රමාදයන් සහ මෙහෙයුම් වියදම් අඩු කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්කාශන ක්‍රියාවලිය කිසිදු බාධාවකින් තොර එක්දින ක්‍රියාවලියක් දක්වා විධිමත් විය.

සහභාගී වන ආයතන සඳහා බාධාවකින් තොරව ගනුදෙනු පියවීම් සහතික කරමින් මාර්ගගත ඇමරිකානු ඩොලර් බැංකු අණකර නිෂ්කාෂණය සඳහා ශුද්ධ බේරුම්කරණය කටයුතු ස‍ඳහා ලංකා බැංකුව (BOC) පත් කර ඇත. වර්තමානයේ, බලපත්‍රලාභී වාණිජ බැංකු 22 ක් මෙම නිශ්කාෂණ ක්‍රමයට සම්බන්ධ වී ඇත.

මූල්‍ය ආයතන සඳහා ඇති වාසි

  • මූල්‍ය ආයතනවලට ද්‍රවශීලතා කළමනාකරණය ප්‍රශස්ත කිරීමට සහ පාරිභෝගික ඉල්ලීම් කාර්යක්ෂමව සපුරාලීමට හැකි වන පරිදි නියමිත වේලාවට අරමුදල් ලැබීමෙන් ප්‍රතිලාභ ලබයි.
  • ඇමරිකානු ඩොලර් අණකර හෝ චෙක්පත් භෞතිකව එහා මෙහා කිරීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමෙන්, ලේඛන අස්ථානගත අවදානම මඟහැර, මෙහෙයුම් අවදානම අඩු කර ආරක්ෂාව වැඩි කරයි.
  • මූල්‍ය ආයතන විසින් චෙක්පත්වලට මුදල් ලැබීම පිළිබඳ තත්‍ය කාලීන අවබෝධයක් ලබා ගත හැකි අතර, ඉක්මන් තීරණ ගැනීමට සහ ගනුදෙනු කළමනාකරණයට ඉඩ සලසයි.
  • මෙම පද්ධතිය දත්ත නිෂ්කාශනය කිරීමට එසැණින් ප්‍රවේශය සපයයි. ආයතනවලට දැනුවත් තීරණ ගැනීමට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැවීමට එය උපකාරී වේ.
  • මූල්‍ය ආයතනවලට ගනුදෙනුකරුවන්ට අතිරේක සේවාවන් ලබා දීමටත්, ඔවුන්ගේ සමස්ත බැංකු අත්දැකීම් වැඩිදියුණු කිරීමටත්, නව්‍ය පිරිනැමීම් සහ වැඩිදියුණු කළ සේවාවක් ලබා දීමටත් අවකාශ ලැබේ.
  • ශක්තිමත් ආරක්ෂක පියවර සමග වේගවත් සහ වඩාත් ආරක්ෂිත ඇමරිකානු ඩොලර් චෙක්පත්/අණකර ගනුදෙනු භුක්ති විදීම සදහා බල ගන්වා ඇත.

ඇමරිකානු ඩොලර් අණකර නිෂ්කාශනය සමග සම්බන්ධ වී ඇති මූල්‍ය ආයතන

නිෂ්කාශන කාලසීමාවන්

අපි පහත කාල පරාසයන් තුළ ඇමරිකානු ඩොලර් බැංකු අණකර නිෂ්කාෂණය සිදු කරන්නෙමු.

නිෂ්කාශන සැසිය නිෂ්කාශන උප සැසිය දත්ත ලබා ගැනීම ආරම්භ කිරීම දත්ත ලබා ගැනීම අවසන් කිරීම ක්‍රියාකාරකම
මූලික නිෂ්කාශනය දත්ත උඩුගත කිරීම 03.00 p.m 05.30 p.m. බැංකු අණකර වලට අදාල දත්ත LankaPay වෙත සැල කීරීම
දත්ත බාගත කිරීම 06.30 p.m. 09.30 a.m.(ඊළඟ ව්‍යාපාරික දිනය) බැංකු අණකර වලට අදාල දත්ත භාගත කිරීම
පියවීම් නිෂ්කාශනය අගරු දත්ත උඩුගත කිරීම 10.00 a.m. 11.30 a.m. අගරු බැංකු අණකර වලට අදාල දත්ත LankaPay වෙත ලබා දීම
අගරු දත්ත බාගත කිරීම 12:30 p.m. 02:30 p.m. අගරු බැංකු අණකර වලට අදාල දත්ත භාගත කිරීම

කාර්තුමය සංඛ්‍යාලේඛන

2025 සැප්තැම්බර් 30 වන දින දක්වා කාර්තුමය සංඛ්‍යාලේඛන

වසර කාර්තුව ඇමරිකානු ඩොලර් චෙක්පත්/අණකර ප්‍රමාණය ('000) ඇමරිකානු ඩොලර් චෙක්පත්/අණකර වටිනාකම USD)
2021 Q1 7.6 මිලියන 68
Q2 6.3 මිලියන 51
Q3 7.2 මිලියන 64
Q4 7.3 මිලියන 70
2022 Q1 7.9 මිලියන 75
Q2 10.9 මිලියන 101
Q3 15.6 මිලියන 138
Q4 16.1 මිලියන 119
2023 Q1 16.5 මිලියන 99
Q2 15.8 මිලියන 94
Q3 16.9 මිලියන 95
Q4 17.6 මිලියන 104
2024 Q1 17.8 මිලියන 108
Q2 17 මිලියන 115
Q3 8 මිලියන 145
Q4 17.9 මිලියන 153
2025 Q1 16 මිලියන 123
Q2 15.2 මිලියන 109
Q3 16 මිලියන 119

නිතර අසන ප්‍රශ්න

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලයලත්ඇමරිකානු ඩොලර් මුදල් හුවමාරු මධ්‍යස්ථාන.

සම්මත ප්‍රමාණයේ ඇමරිකානු ඩොලර් අණකරය හෝ චෙක්පත 3.5" උස සහ 7 "පළල වේ.

චෙක්පතක්/ බැංකු අණකරයක් අදාල බැංකුව මගින් LankaPay වෙත නිශ්කාෂණයට එවූ දින සිට එක් ව්‍යාපාරික දිනයක් තුළ නිෂ්කාශනය සිදු වේ.

  • ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට සහ ආයතනවලට ගෙවිය යුතු ශ්‍රී ලංකාවේ බැංකු විසින් නිකුත් කරන ලද ඇමරිකානු ඩොලර් අණකර හෝ චෙක්පත්.
  • ශ්‍රී ලංකාවේ බැංකුවලින් ලබාගන්නා ලද විදේශයන්හි බැංකු හෝ හුවමාරු ආයතන විසින් නිකුත් කරන ලද ඇමරිකානු ඩොලර් අණකර හෝ චෙක්පත්.

මාර්ගගත ක්‍රම භාවිතයෙන් දත්ත ඉදිරිපත් කළ යුතු අතර හදිසි අවස්ථාවකදී සංයුක්ත තැටි හරහා දත්ත ඉදිරි පත් කල හැක.

ඔබටට සහය විය හැක්කේ කෙසේද?

LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!

ඊමේල් ලිපිනය

  |  lankapaysupport@lankapay.net

මුල්‍ය ආයතන සඳහා අදාළ විය හැකි වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.