En  |  தமி



ලංකා සයින් (LankaSign) ඩිජිටල් අත්සන් සමගින් ඔබේ ලේඛන ආරක්ෂාකාරීව සහ විශ්වාසයෙන් අත්සන් කරන්න

ලංකා සයින් (LankaSign) සමඟ ඔබේ ඩිජිටල් ලේඛන වල ආරක්ෂාව හා විශ්වාසනීයත්වය අත්විඳින්න. අපගේ විශ්වාසනීය ඩිජිටල් අත්සන් සහතික, ඔබට තහවුරු කළ හැකි අනන්‍යතාවයක් ලබා දී, ආරක්ෂිත මෙන්ම අනවසර සංශෝධනය කළ නොහැකි ඩිජිටල් අත්සන් යෙදූ ලියවිලි සැකසීමට අවස්ථාව සලසයි.

ලංකා සයින් (LankaSign) සමගින් ඔබගේ සියලු ඩිජිටල් අත්සන කිරීමේ අවශ්‍යතා සඳහා ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය ලබා ගන්න.

ඩිජිටල් අත්සනක් යනු කුමක්ද?

ඩිජිටල් අත්සනක් යනු ඩිජිටල් ලේඛනයක කතෘභාවය සහ සත්‍යතාවය තහවුරු කිරීම සඳහා භාවිතා කරන විශේෂිත ඉලෙක්ට්‍රොනික අත්සනකි. මෙය ක්‍රමලේඛිත තාක්ෂණික ක්‍රියාවලියක් භාවිතයෙන් නිර්මාණය කරන අතර, එය අනවසර සංශෝධනය වලින් ලේඛන ආරක්ෂා කරගැනීමට සහ අන්තර්ජාලය හරහා ආරක්ෂාකාරීව ලේඛන බෙදාහරිම සඳහා භාවිතා වේ.

ලංකා සයින් (LankaSign) ඩිජිටල් අත්සන් ඔබේ සන්නිවේදනවල රහස්‍යභාවය, අඛණ්ඩතාව සහ නිරවද්‍යතාව ගැන සහතික කරන අතර, ගනුදෙනු සහ පෞද්ගලික තොරතුරු සුරක්ෂිතව පවත්වා ගැනීමට උපකාරී වේ.

ඩිජිටල් අත්සන් භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

විශ්වාසනීය බව සහ ප්‍රමිතීන්ට අනුකූල වීම

ලංකා සයින් (LankaSign) ඩිජිටල් අත්සන් ඉහළම ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වන අතර, සෑම ගනුදෙනුවක්ම ආරක්ෂිත හා නියාමන අවශ්‍යතාවලට අනුකූල බව සහතික කරයි

සුරක්ෂිත බව

උසස් ක්‍රිප්ටෝග්‍රැෆි තාක්ෂණය භාවිතා කරන ඩිජිටල් අත්සන් මගින් ඔබේ ලේඛන වල ආරක්ෂාව සහතික කරනු අතර, ඒවා කිසිදු ආකාරයකින් අවසරයකින් තොරව වෙනස් කළ නොහැකි බව සහතික කරයි

පරිශීලකයාට අනන්‍ය වීම

ඩිජිටල් අත්සන් කිරීමේදී ඔබේ අනන්‍යතාවය සනාථ කිරීමට සහ ඔබේ අත්සනේ වලංගු භාවය තහවුරු කිරීමට අවකාශය ලැබීම

ඔබ ලංකා සයින් (LankaSign) ඩිජිටල් අත්සන් තෝරා ගත යුත්තේ ඇයි?

  • නීතිමය පිළිගැනීම
    ශ්‍රී ලංකාවේ National Certification Authority Task Force විසින් අනුමත කරන ලද, පළමු සහ එකම අවසර ලත් සහතිකකරණ සේවා සැපයුම්කරු (CPS) වීම
  • ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට (Electronic Transactions Act) අනුකූල වීම
  • ඉහළම ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල වන අතර, වංචා වළක්වන තාක්ෂණයන්ගෙන් බලගන්වා තිබීම
    • ISO 27001:2013 සහතිකය
    • Web trust සහතිකය
    • ඉතා දියුණු තාක්ෂණයෙන් යුත් ආරක්ෂණ උපකරණ භාවිතයෙන් දත්ත මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම
  • භාවිත කිරීම පහසු වීම
  • Desktops, laptops, android සහ iOS වැනි ඕනෑම ස්මාර්ට් උපාංගයන්/ වේදිකාවන් හරහා භාවිතා කළ හැකි වීම
  • සාධාරණ මිල
  • ඩිජිටල් අත්සන් කිරීමේදී කාලය ඉතිරි කරන බැවින්, ඔබේ ව්‍යාපාර කටයුතු වල කාර්යක්ෂමතාව ඉහළ යාම
  • පරිපාලන වියදම් අඩු වීමෙන් පිරිවැය ඉතිරි වීම
  • ඕනෑම තැනක සිට බාධාවකින් තොරව සහ පහසුවෙන් කටයුතු කිරීමේ අවස්ථාව හිමි වීමෙන් නම්‍යශීලීභාවය ඉහළ යාම

ඔබේ ලේඛන අත්සන් කිරීමට හොඳම සේවාව තෝරා ගන්න

අපගේ ලේඛන අත්සන් කිරීමේ සේවාව ලංකාව තුළ සහ ලෝකය පුරා විශ්වාසයට සහ පිළිගැනීමට ලක්ව ඇත. ඔබේ අවශ්‍යතා සඳහා ගැලපෙන සේවා විසඳුම අදම තෝරා ගන්න.

දෘඩ ටෝකනය

බලන්න

වෙනත් නිෂ්පාදන







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.

0

Event Calander