En  |  தமி

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට අනුව

තොරතුරු සඳහා ඉල්ලීම් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කළ යුතුය

තොරතුරු නිලධාරියා

සංජීවනී සෙනෙවිරත්න
කළමනාකාරිනී - නීතිමය

  |  +94 11 235 6900

  |  +94 11 235 6934

  |  sanjeevani.seneviratne@lankapay.net

1. වාචිකව හෝ ලිඛිතව තොරතුරු ඉල්ලීම සිදුකිරීමේදී තොරතුරු නිලධාරියාගෙන් ලිඛිත දැනුම්දීමක් ලබාගත යුතුය.

2. තොරතුරු ලබා දීම හෝ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ තීරණය හැකි ඉක්මනින් හෝ නොවැලැක්විය හැකි අවස්ථාවක දින 14ක් ඇතුළත ලබා දෙනු ඇත.

3. තොරතුරු සැපයීමට තීරණයක් ගනු ලැබුවහොත්, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් නියම කර ඇති ගාස්තු උපලේඛනයට අනුකූලව, ගාස්තුවක් ගෙවීම මත තොරතුරු සපයන බවට තොරතුරු නිලධාරියා විසින් ඉල්ලීම ඉදිරිපත් කරන පුරවැසියාට දැනුම් දෙනු ලබයි. තොරතුරු සඳහා ගාස්තු ගෙවීමට යටත් වන්නේ නම්, අදාළ ගාස්තුව ගෙවීමෙන් දින 14 ක් ඇතුළත තොරතුරු ලබා දෙනු ඇත.

4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14ක් ඇතුළත තොරතුරු සැපයිය නොහැකි නම්, තොරතුරු සැපයීමට ගත වන කාලය උපරිම දින 21ක් දක්වා දීර්ඝ වන බව සහ එයට හේතුව ඉල්ලීම කරන පුද්ගලයාට දැනුම් දෙනු ලැබේ.

5. තොරතුරු ඉල්ලීම පුරවැසියෙකුගේ ජීවිතයට සහ පුද්ගලික නිදහසට අදාළ වන විට, තොරතුරු නිලධාරියා පැය 48ක් ඇතුළත එම ඉල්ලීමට ප්‍රතිචාරයක් සැපයිය යුතුය.

6. තොරතුරු ඉල්ලා සිටින පුරවැසියාට අභියාචනයක් ඉදිරිපත් කළ හැක්කේ,

  • තොරතුරු නිලධාරියා විසින් තොරතුරු ඉල්ලීම සදහා කරන ලද යම් ඉල්ලීමක් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමකදී.
  • 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරීමන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීමකදී.
  • මෙම පනත මගින් නිශ්චිතව දක්වා ඇති කලසීමවන්ට අනුකුල නොවන විටදී.
  • තොරතුරු නිලධාරියා විසින් සම්පුර්ණ නොවූ, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරීමකදී.
  • තොරතුරු නිලධාරියා විසින් වැඩිපුර ගාස්තු අයකිරීමකදී.
  • ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීමකදී.
  • එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැලැක්වීම සදහා එම තොරතුරු වීකෘතිකර, විනාශකර හෝ අස්ථානගත්කර ඇති බවට එම තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු ඇති අවස්ථාවකදී .
  • දින 14ක් ඇතුළතදී නම් කරන ලද නිලධාරියාට අභියාචනාව ඉදිරිපත් කළ යුතුය.

ලිපිනය

LankaPay (පෞද්ගලික) සමාගම ‘The Zenith”, No.161 A, ධර්මපාල මාවත, කොළඹ 00700, ශ්‍රී ලංකාව.

නම් කළ නිලධාරියා

චන්න ද සිල්වා මහතා
ප්‍රධාන විධායක නිළධාරී

  |  011-2356900

  |  011 2 356903

  |   channa.desilva@lankapay.net







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander