En  |  தமி



අපගේ දැක්ම සහ මෙහෙයුම් ප්‍රකාශනයන්, ආයතනයේ දිගු කාලීන ඉලක්ක සහ ආයතනයේ ප්‍රධාන පරමාර්ථයන් පෙන්නුම් කරන අතර, ඉලක්කයන් සපුරා ගැනීම සදහා උපාය මාර්ග සකසා ගැනීමට මඟපෙන්වයි.

මෙම උපාය මාර්ග ගැඹුරින් අධ්‍යනය කිරීම මගින් ඉලක්කයන් සපුරා ගැනීමට ඇති බාධක අවබෝධ කරගැනීමට හා කාලීනව කළමනාකරණය කර ගැනීමට හැකි වන අතර සම්පත් ප්‍රශස්තකරණයට හා කාලීනව ඉලක්ක සාක්ෂාත්කර ගැනීමට මග පෙන්වයි.

ව්‍යාපාරික අංශවල ඉලක්ක

ව්‍යාපාරික අංශවල අවදානම් ඇගැයීම්

ආයතනයේ සියළු සාමාජිකයන්, එකම පොදු සහ නිශ්චිත අරමුණක් කරා පෙළගැසීම තහවුරු කිරීම සදහා, ආයතනකික ප්‍රධාන අරමුණු සහ ඉලක්ක, එක් එක් ව්‍යාපාරික අංශ වලට අදාලව බෙදා හැරීම සිදුවේ. මෙමගින්, සාර්ථකව ඉලක්ක කර යැමේදී අවශ්‍යවන පුද්ගල කාර්ය සාධනය සදහා මග පෑදේ.

ඉහත ප්‍රවේශය මගින්, එක් එක් ව්‍යාපාරික අංශ සහ දෙපාර්තමේන්තු තුළ ඇතිවිය හැකි අභියෝග කලින් හදුනාගෙන, එවන් අභියෝග ඇතිවීම අවම කිරීමේ හෝ, ඇතිවිය හැකි හානිය අවම කිරීමේ ක්‍රියාමාර්ග සම්පාදනය මගින්, ආයතනික මුලික අරමුණු සැබැ ලෙසම සාක්ෂාත් කර ගැනීමට මග පාදයි.

  • 1

    Departmental

    Sagittis, audantium sem eveniet lacus pede porttitor aenean.

  • 2

    Goals

    Sagittis, audantium sem eveniet lacus pede porttitor aenean.

  • 3

    Depatiental

    Sagittis, audantium sem eveniet lacus pede porttitor aenean.

  • 4

    Risk

    Sagittis, audantium sem eveniet lacus pede porttitor aenean.

  • 5

    Assessments

    Sagittis, audantium sem eveniet lacus pede porttitor aenean.

අවදානම් කළමනාකරණය කිරීමේ ක්‍රියාමාර්ග

නීති රීති සහ රෙගුලාසි

ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි, මාර්ගෝපදේශ

ව්‍යාපාර ලෝකයේ හොඳම භාවිතයන්

ආරක්ෂක ප්‍රමිතීන්

අභියෝග හදුනා ගැනීම තුළින්, ඒවා ඇතිවීම අවම කිරීම හෝ හානිය අවම කිරීමට අවශ්‍ය ක්‍රියා පිළිවෙත්, නීති රීති, සම්පානය, ක්‍රියාවට නැංවීම හා සේව්‍ය, සේවකයන් ඒ පිළිබදව වහාම දැනුවත් කිරීම මගින් ආයතනික සම්පත් ප්‍රශස්තකරණය, ඵලදායිතාව හා කාර්යක්ෂමතාව තහවරු කිරීමට මග පාදයි.



ක්‍රියාපටිපාටි සඳහා වගකිවයුතු නිලධාරීන්

ව්‍යවසාය අවදානම් කළමනාකරණය (ERM)

අභ්‍යන්තර හා බාහිර විගණන

අවදානම් සහ විගණන උපදේශක කමිටු

අධ්‍යක්ෂ මණ්ඩලය



දෙපාර්තමේන්තු කළමනාකරුවන් සහ ක්‍රියාවලි හිමිකරුවන් නිශ්චිත පාලන ක්‍රම ක්‍රියාවට නැංවීමේ වගකීම දරයි. ස්වාධීන අභ්‍යන්තර විගණන කණ්ඩායමක් විසින් සහාය දක්වනු ලබන ව්‍යවසාය අවදානම් කළමනාකරණ (ERM) කණ්ඩායම, මෙම පාලන ක්‍රම කොතරම් හොඳින් ක්‍රියාත්මක වන්නේද සහ ඒවා කොතරම් නිවැරදිව අනුගමනය කරනු ලබන්නේද ආදිය පරීක්ෂා කරයි. මෙම පරීක්ෂණවල ප්‍රතිඵල අවදානම් කළමනාකරණ හා විගණන කණ්ඩායම් වෙත වාර්තා කෙරේ. මෙම අවස්ථාවේදී, මෙම පාලන ක්‍රම වැඩිදියුණු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව උපායමාර්ගික සාකච්ඡා සිදු කෙරේ. මෙම සාකච්ඡා අපගේ ආයතනයේ අඛණ්ඩ ප්‍රගතියක් අත්පත් කර ගැනීම සඳහා ඇති උනන්දුව පිළිබිඹු කරයි. අවසාන තීරණ වලට අනුමැතිය ලබා ගැනීමට සහ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරේ.







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander