En  |  தமி



සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) සමඟින් ඔබේ ගෙවීම් පහසුවෙන් සිදු කරන්න

සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS)

වර්තමානයේ වේගයෙන් ඉදිරියට යන ව්‍යාපාරික ලෝකය තුළ ඔබේ ව්‍යාපාරික ගෙවීම් හැකි ඉක්මනින් සිදු කිරීම ඉතා වැදගත්ය. මෙම වෙළදපල තරගකාරිත්වයට මුහුණ දීමට ඇති හොදම හා පහසුම විසදුම සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) වේ. ඔබට සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) හි සාමාජික බැංකු හෝ මූල්‍ය ආයතන අතර, පැය 24 ම මුළු වසර පුරා රුපියල් මිලියන 5 ක් දක්වා බාධාවකින් තොරව, ක්ෂණිකව අරමුදල් හුවමාරු කිරීමට හැකියාව ඇත.

ප්‍රමාද වීම් හෝ බලාගෙන සිටීමකින් තොරව සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) සමඟින් ඔබගේ සැපයුම්කරුවන්ට, සේවකයින්ට ගෙවීම් සිදුකිරීම හෝ ඉන්වොයිස් පියවීම ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව සිදු කරගත හැකිය.

ආරක්ෂාව ව්‍යාපාර හිමිකරුවෙකුට ඉතාම වැදගත් වේ. සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) සමඟින් සිදුකරන සියලුම ගනුදෙනු ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ අධීක්ෂණයට ලක් වන අතර PCI-DSS අනුවාදය 3.2 ඇතුළු ඉහළම ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කරයි.

යල්පැන ගිය ගෙවීම් ක්‍රම වලට ඔබේ ව්‍යාපාරය මන්දගාමී කරන්න ඉඩ දෙන්න එපා. සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) සමඟින් බාධාවකින් තොරව ඔබේ ගෙවීම් සිදුකර, බැංකුකරණයේ හෙට දවසට පිය නඟන්න.

ඔබේ ව්‍යාපාරය සඳහා ඇති වාසි

  • මුදල් ප්‍රවාහය කාර්යක්ෂම ලෙස කළමනාකරණය වීම : සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) මඟින් ව්‍යාපාරවලට එසැනින් ගනුදෙනු කිරීමට හැකිවීම නිසා ව්‍යාපාරවලට ඔවුන්ගේ මුදල් ප්‍රවාහය වඩාත් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමට හැකිවේ. මේ මඟින් සැපයුම්කරුවන්ට, සේවකයින්ට සහ අනෙකුත් පාර්ශවයන්ට බාධාවකින් තොරව, පහසුවෙන්, නියමිත වේලාවට ගෙවීම් සිදු කිරීමට අවස්ථාව ලැබේ.
  • ව්‍යාපාරවල නම්‍යශීලී බව වැඩි දියුණු වීම : සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) සමඟින් පැය 24 ම මුළු වසර පුරා පුද්ගලයින්ට හෝ ආයතනික ගෙවීම් සිදුකිරීමට ඇති හැකියාව ව්‍යාපාරවල මූල්‍ය ගනුදෙනු කිරීමේ නම්‍යශීලී බව වැඩිදියුණු කරයි.
  • බාධාවකින් තොර ක්‍රියාවලිය : අන්තර්ජාල බැංකුකරණය, ජංගම යෙදුම්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM), කවුන්ටර සේවා වැනි වැනි විවිද මාද්‍ය මගින් සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) ඉතාමත් පහසුවෙන් සිදුකල හැක. එමඟින් ඔබේ ව්‍යාපාරයේ පරිපාලන දුෂ්කරතා අවම කර, කාලය හා මුදල් ඉතිරි කර ගෙවීම් කටයුතු විධිමත් කරයි.
  • වැඩි දියුණු කළ ආරක්ෂාව : සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ හා PCI-DSS අනුවාදය 3.2 ඇතුළු ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වේ. එමගින් ව්‍යාපාරවලට තමන්ගේ මූල්‍ය තොරතුරුවල ආරක්ෂාව පිළිබඳව විශ්වාසයෙන් ගනුදෙනු සිදුකළ හැකිය.
  • පිරිවැය අවම වීම : ගනුදෙනු සඳහා අය කරන ගාස්තු අවම වීම සහ පුද්ගල වෙහෙසකින් සිදුකරන ක්‍රියාවලීන් නොමැති වීම නිසා සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS), මහ බැංකුව විසින් නියම කරන ලද උපරිම පාරිභෝගික ගාස්තුවකට යටත්ව ඔබේ ව්‍යාපාරයට අවම පිරිවැයකින් ගනුදෙනු කිරීම සඳහා අවස්ථාව හිමි කරදෙයි.
  • තරඟකාරී වාසිය : සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) වේගවත් ක්‍රියාවලිය, පහසුව හා ආරක්ෂාව ඔබේ ව්‍යාපාරයට වෙළඳපොළ තුළ තරගකාරී වාසියක් අත්කර දෙයි. එසැනින් ගෙවීම් කිරීමට ඇති හැකියාව වෙළඳපළ තත්වයන්ට මූණදීමට ඇති හැකියාව නිසා ව්‍යාපාරවලට ඔවුන්ගේ තරඟකරුවන්ගෙන් වෙනස් වීමට හා පාරිභෝගික තෘප්තිය වැඩිදියුණු කිරීමට අවස්ථාව හිමිවේ.

ඔබ කැමති මූල්‍ය ආයතනයකින් සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) පහසුකම ලබා ගන්න.

සංඛ්‍යා දත්ත

2024 සැප්තැම්බර් 30 වන දින අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා සංඛ්‍යාන දත්ත

47

සහභාගිවන්නන් සංඛ්‍යව

මිලියන 164.3

ගනුදෙනු ප්‍රමාණය

ට්‍රිලියන 13.5

ගනුදෙනු වටිනාකම

මුදල් මාරු කිරීමට පෙර, ඔබ භාවිතා කරන ගිණුම් අංක වල ආකෘති නිවැරදි දැයි සොයාබලන්න

මූල්‍ය ආයතනයේ නම ගිණුම් අංක වල ආකෘතිය
Amana Bank PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 13 කි
Asia Asset Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Bank of Ceylon ශාඛා කේතය නොමැතිව ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 10 කි
Bank of China Limited ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 15 කි
Cargills Bank PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
CBC Finance Limited ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 10 කි
Central Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Citibank, N.A. ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 10 කි
Citizen Development Business Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 18 කි
Commercial Bank of Ceylon PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 10 කි
Commercial Credit & Finance PLC ගිණුම් අංකය සඳහා ඉලක්කම් 06 කි
Deutsche Bank AG ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 10 කි
DFCC Bank PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Dialog Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Fintrex Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 13 කි
Habib Bank Limited ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 13 කි
Hatton National Bank PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
HDFC Bank ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
HNB Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Hongkong & Shanghai Banking Corporation Limited ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Indian Bank ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Indian Overseas Bank ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
L B Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 15 කි
LOLC Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 11 කි
MCB Bank Limited ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Mercantile Investments & Finance PLC ගිණුම් අංකය සඳහා උපරිම ඉලක්කම් 16 කි
Merchant Bank of Sri Lanka & Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
National Development Bank PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
National Savings Bank ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Nations Trust Bank PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Pan Asia Banking Corporation PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
People Leasing & Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
People's Bank ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 15 කි
Public Bank Berhad ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 13 කි
Regional Development Bank ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Richard Pieris Finance Limited ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Sampath Bank PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
SANASA Development Bank Limited ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 10 කි
Sarvodhaya Development Finance Limited ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Senkadagala Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Seylan Bank PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 15 කි
Singer Finance (Lanka) PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Softlogic Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි
Standard Chartered Bank ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 11 කි
State Bank of India ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 14 කි
Union Bank of Colombo PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 16 කි
Vallibel Finance PLC ඕනෑම ගිණුම් අංකයක් සඳහා ඉලක්කම් 12 කි

ඔබේ ව්‍යාපාරය සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander