En  |  தமி



චෙක්පත් නිෂ්කාශනය (CITS)

බැංකු අතර චෙක්පත් ඡායාගත පිළිබිඹු ක්‍රමය මගින් නිෂ්කාශනය කරගැනීමට පහසුකම සැලසීම හරහා ජාතික සුළු පරිමාණ ගෙවීම් ව්‍යුහයේ විප්ලවීය වෙනසක් LankaPay ආයතනය සිදු කළ අතර, ඒ හරහා චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලියේ දී ඇතිවන භෞතික අපහසුකම් ද බොහෝ දුරට අවම කර ගැනීමට සමත් විය. චෙක්පතක ඡායාගත පිළිබිඹුව මත පදනම් වූ මෙම ක්‍රියාවලිය නිසා නිෂ්කාශනය සඳහා ගතවන කාලය එක් වැඩකරන දිනයක් දක්වා අඩු වූ අතර, බැංකුවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ වැඩි පිරිවැයක් ඉතිරි කරගැනීමට ද උපකාරි විය. එපමණක් නොව බැංකු ගනුදෙනුකරුවන්ගේ සමස්ථ පහසුව තකා, චෙක්පත් ඉදිරිපත් කිරීම සඳහා ව්‍යාපාරවලට වැඩි කාලසීමාවක් ද ලබාදීමට ද LankaPay ආයතනය සමත් විය.

ව්‍යාපාර සඳහා ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය මඟින් කැපී පෙනන වාසි රැසක් සැලසී ඇත. මාර්ගගතව දත්ත ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය නිසා දත්ත මනාසේ සකසමින් සහ ඒවායේ රහසිගතභාවය ආරක්ෂා කරගනිමින්, චෙක්පත් දත්ත ඉදිරිපත් කිරීමේ හැකියාව බැංකුවලට හිමි වේ. එමෙන් ම ප්‍රමිතිගත චෙක්පත් ආකෘති හඳුන්වා දීම නිසා චෙක්පත් නිකුත් කිරීම සම්බන්ධ වංචාසහගත ක්‍රියාවන්ට ඇති ඉඩ ඇහිරීම සිදු කරන ලදී.

සමස්ථයක් වශයෙන් LankaPay ආයතනය විසින් තැබූ මේ නව පියවර හරහා මෙරට ගෙවීම් යටිතල පහසුකම් පද්ධතිය නව මානයකට ගෙන ගිය අතර, කාර්යක්ෂම සහ ආරක්ෂිත චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලියක් හරහා බැංකු හා ව්‍යාපාර සවිබලගැන්වීම ද සිදු විය.

ව්‍යාපාර සඳහා ඇති වාසි

  • ශ්‍රී ලංකාව තුළ බැංකු ශාඛා 2,500කට වැඩි ප්‍රමාණයක් හරහා වේගවත් නිශ්කාශන ක්‍රියාවලියකට පහසුකම් සපයයි.
  • චෙක්පත් අස්ථානගත වීමට ඇති ඉඩ අහුරාලමින්, වැඩි විශ්වාසයකින් යුතුව මූල්‍ය ගනුදෙනු සිදුකරගැනීමට ව්‍යාපාරවලට ඉඩ සලසා දෙයි.
  • චෙක්පතක් නිෂ්කාශනය වීම චෙක්පත නිෂ්කාශනයට එවූ දිනට පසු වැඩ කරන දිනයේ දැනගත හැකි නිසා ව්‍යාපාරවලට නිශ්චිතභාවයකින් යුතුව ගනුදෙනුවල යෙදීමට ඉඩ සැලසේ.
  • ව්‍යාපාර සඳහා නිෂ්කාශනයට චෙක්පත් ඉදිරිපත් කිරීමට බැංකු ලබාදෙන පැය ගණන දීර්ඝ කිරීම සහ අගය එකතු කරන ලද සේවාවන් ලබාදීම නිසා ව්‍යාපාර සඳහා වැඩි පහසුවක් හිමි වේ.
  • වේගවත් සහ ආරක්ෂිත චෙක්පත් ගනුදෙනු හරහා මූල්‍ය මෙහෙයුම් විධිමත් කරන අතර මෙහෙයුම්වල කාර්යක්ෂමතාව ද ඉහළ නංවයි.
  • බැංකු පද්ධති තුළ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මඟින් වඩා හොඳ පාරිභෝගික සේවාවකට සහ ව්‍යාපාර සඳහා ශක්තිමත් මූල්‍ය මට්ටමක් ඇති කිරීමට මඟ පාදයි.

චෙක්පතක් නිවැරදිව ලියන්නේ කෙසේ ද?

ඔබ කළ යුත්තේ

  • මුදල ඉලක්කමින් සහ අකුරෙන් සටහන් කරන්න. දිනය, ලබන්නාගේ (ආදායකයාගේ) නම, අත්සන ආදී සියළු අත්‍යාවශ්‍ය තොරතුරු සහිතව චෙක්පත නිකුත් කරන්න.
  • චෙක්පත ලිවීමට අඳුරු පැහැති අවපැහැ නොවන තීන්ත සහිත පෑනක් භාවිත කරන්න.
  • අකුරු මුද්‍රණය කරන්නේ නම්, අවම වශයෙන් වසර 12 ක් වත් භාවිතයේ පවතින තීන්ත වර්ගයක් සහිත මුද්‍රණ යන්ත්‍රයක් කරන්න.
  • වෙනස්කම් සිදුකළ චෙක්පත් නිකුත් කිරීමෙන් වළකින්න.
  • චෙක්පතෙහි සඳහන් කිසිදු තොරතුරක් රවුම් කිරීම හෝ යටින් ඉරි ඇඳීම සිදු නොකරන්න.
  • චුම්බක තීන්තෙන් කේතනය කර ඇති අක්ෂරවලට හානිවන පරිදි චෙක්පත නැවීමෙන්, ලිවීමෙන්, සළකුණු යෙදීමෙන් හෝ ඉරීමෙන් වළකින්න.
  • චෙක්පත් මුහුණතෙහි ඇති අන්තර්ගතය වෙනස් කිරීම හෝ මකා දැමීම සිදු නොකරන්න.

චෙක්පත් අගරු වීම

ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය හරහා චෙක් පතකට මුදල් ලබාගැනීමට එය භෞතිකව ගෙවන බැංකුවට ඉදීරිපත් කිරීමක් සිදු නොවන බැවින් චෙක්පත අගරුවීමේදී භෞතික චෙක් පත පිටුපස අගරු වීමේ සටහන තැබිය නොහැක.

කුමන හෝ හේතුවක් නිසා ගෙවන බැංකුවට චෙක්පතකට මුදල් ලබාදිය නොහැකි නම්, එම චෙක්පත අගරු වීමට හේතුව ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය හරහා ගෙවන බැංකුව විසින් රැස්කරන බැංකුව වෙත දන්වනු ලැබේ. ඉන් පසු චෙක්පතක රැස්කල බැංකුව විසින් චෙක්පත අගරුවීමට හේතුවූ කාණ්ඩයට අදාල සංකේත අංකය තෝරා සක්‍රීය කර, අගරු චෙක්පත් නිවේදනයක් (Cheque Return Notification) පාරිභෝගිකයා වෙත ලබා දෙනු ඇත.

CITS සේවාව සමග සම්බන්ධ වී ඇති මූල්‍ය ආයතන

නිතර අසන ප්‍රශ්න

සාමාන්‍යයෙන් චෙක්පතක් LankPay වෙත ළඟා වූ මොහොතේ සිට, එක් ව්‍යාපාරික දිනයක් ඇතුළත එය නිෂ්කාශනය වීම සිදු වේ.

ඔව්, නමුත් එය නිෂ්කාශනය වීමේ ක්‍රියාවලිය සිදුවන්නේ අදාළ දිනයේ දී හෝ ඊට පසුව ය.

චෙක්පත් නිෂ්කාශනය කිරීම සඳහා බැංකු විසින් සැකසීමේ ගාස්තු සහ කොමිස් මුදල් වැනි ගාස්තු අයකරන අතර, එම ගාස්තු බැංකුවෙන් බැංකුවට වෙනස් වේ.

චෙක්පත ලියූ පුද්ගලයා (අණකරු), මුදල් ලබාදෙන බැංකුව (අණලද්දා), මුදල ලබන පුද්ගලයා (අදායකයා), මුදල් ප්‍රමාණය, දිනය හා අත්සන ආදිය චෙක්පතක මූලික අංග වේ.

ඔව්. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියන ලද චෙක්පත් ශ්‍රී ලංකාව තුළ වලංගු වේ.

ඔබේ චෙක්පත සොරකම් කර හෝ අස්ථානගත වී ඇත්නම්, වහාම එය නිකුත් කළ ඔබේ බැංකුවට ඒ බව දැනුම්දෙන්න. එයට ගෙවීම් සිදු කිරීම නතර කිරීමට බැංකුවට හැකියාව තිබේ.

“Pay” තීරුවෙහි අදායකයාගේ සම්පූර්ණ නම සටහන් කරන්න. චෙක්පත ඔහුට පමණක් නම් “Bearer” යන වචනය කපා දමා, ඉහළ වම් කෙළවරෙහි ඉරි දෙකක් අඳින්න.

ඔව්. චෙක්පත තවමත් නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කර නොමැති නම්, එයට මුදල් ගෙවීම නතර කරන ලෙසට ඔබට ඉල්ලීමක් සිදුකළ හැක.

ඒ සඳහා ඔබේ බැංකුවෙන් විධිමත් ඉල්ලීමක් සිදුකල යුතුය.

නොහැකියි. රුපියල් මිලියන 100ට වැඩි චෙක්පත් සඳහා මුදල් ලබාගත හැක්කේ රජයේ දෙපාර්තුමේන්තුවලට පමණි.

2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත මඟින් ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික චෙක්පත් ඉදිරිපත් කිරීම පාලනය කරයි.

ඔව්. අගරු වූ චෙක්පත්, ව්‍යාජ ලෙස සැකසූ චෙක්පත් මෙන්ම චෙක්පත් අස්ථානගත වීම හෝ සොරකම් කිරීම වැනි අවදානම් පවතී.

මුදල් හෝ ඉලෙක්ට්‍රොනික ගෙවීම් මෙන් නොව, චෙක්පතක් යනු එක් බැංකු ගිණුමකින් තවත් ගිණුමකට මුදල් ගෙවීම සඳහා ලබාදෙන ලිඛිත පොරොන්දුවකි.

සාමාන්‍යයෙන් චෙක්පතක් එය නිකුත් කළ දිනයේ සිට මාස 6ක් දක්වා වලංගු වේ.

නිෂ්කාශන පද්ධතිය විසින් ඉලෙක්ට්‍රොනික ඡායාගත පිළිබිඹු භාවිත කරන අතර, එය ඉදිරිපත් කිරීමෙන් පසුව භෞතික චෙක්පත නිෂ්කාශන ක්‍රියාවලියෙන් ඉවත්කෙරේ.

ඔව්

ඔබේ ව්‍යාපාරය සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander