En  |  தமி



ලංකා රෙමිට් (LankaRemit)

ලංකා රෙමිට් (LankaRemit) යනු විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලෝකයේ ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවට ඉතාමත් පහසුවෙන්, විශ්වාසයෙන් සහ ආරක්ෂිතව මුදල් එවිය හැකි සේවාවකි. කිසිදු කරදරයකින් තොරව දැරිය හැකි ගාස්තු යටතේ ඔබේ ආදරණීයයන්ට මුදල් එවන්න, ලංකා රෙමිට් (LankaRemit) සේවාව තෝරාගන්න.

ඔබට ඇති වාසි

  • බහුවිධ ගෙවීම් විකල්ප සහ භාවිතා කරන්නන්ට හිතකාමී පද්ධතියක් හරහා මුදල් යැවීමේ පහසුව.
  • තරගකාරී විනිමය අනුපාත සහ අඩු ගාස්තු හරහා දැරිය හැකි සේවාවක් සහතික කිරීම.
  • එසැන විනිමය අනුපාත සහ ගාස්තු පිළිබඳ පූර්ව තොරතුරු ලබා දීමෙන් විනිවිදභාවය සහතික කිරීම.
  • පාරිභෝගික තොරතුරු සහ ගනුදෙනු සඳහා උසස් කේතනය කිරීමේ තාක්ෂණය සමග උපරිම ආරක්ෂාව.
  • උසස් පාරිභෝගික සේවාවක් ලබා දීම.

ලංකා රෙමිට් (LankaRemit) ක්‍රියාකාරීත්වය

  • මුදල් යවන්න - තරගකාරී විනිමය අනුපාත සහ අඩු ගාස්තු සමග ශ්‍රී ලංකාවේ සිටින ඔබගේ ආදරණීයයන්ට මුදල් යවන්න.
  • බිල්පත් ගෙවන්න - ඔබගේ උපයෝගිතා බිල්පත්, රක්ෂණ වාරික, සහ වෙනත් බිල්පත් සෘජුවම මෙම යෙදුම හරහා ගෙවන්න.
  • E-Channelling - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රෝහල්වල වෛද්‍යවරුන් සහ විශේෂඥයින් හමුවීම සඳහා වේලාවන් වෙන්කර ගන්න.
  • තෑගි - විශ්වාසවන්ත තෑගි යැවීමේ සේවාවක් වන 'ත්‍යාග' හරහා ශ්‍රී ලංකාවේ සිටින ඔබේ ආදරණීයයන්ට තෑගි යවන්න.
  • යැවූ මුදල් නිරීක්ෂණය කරන්න - ඔබගේ මුදල් හුවමාරු වල තත්ත්වය එසැනින් නිරීක්ෂණය කරන්න.
  • මුදල් හුවමාරු ආයතන සොයා ගන්න - ඔබේ විදෙස් මුදල් හුවමාරු කිරීම සඳහා හොඳම විනිමය අනුපාතය සොයා ගන්න.
  • ගෙවීම් මූලාශ්‍ර (කාඩ්පත් කළමනාකරණය) - ගෙවීම් සඳහා කාඩ්පත් ඇතුළත් කිරීම, වෙනස් කිරීම සහ ඉවත් කිරීම.
  • පසුගිය ගෙවීම් - ඔබේ පසුගිය ගනුදෙනු පරීක්ෂා කරන්න සහ මුදල් කළමනාකරණය කරන්න.
  • ප්‍රතිලාභීන් කළමනාකරණය කරන්න - ප්‍රතිලාභීන් ඇතුළත් කරන්න, වෙනස් කරන්න, සහ ඉවත් කරන්න.
  • දැන්වීම් බැනර් ඇතුළත් කරන්න.
  • තීරුබදු රහිත දීමනාවන් ඉල්ලුම් කරන්න - විදෙස් ශ්‍රමිකයන් සඳහා අමතර තීරුබදු රහිත පහසුකම් ඉල්ලුම් කළ හැකියි.
  • භාවිතා කරන්නන්ට හිතකාමී පද්ධතිය - ලංකා රෙමිට් (LankaRemit) යෙදුම පාරිභෝගිකයින් සඳහා බාධාවකින් සහ කරදරයකින් තොරව භාවිතා කළ හැකියි.
  • එසැන විනිමය අනුපාත - ඔබේ විදෙස් මුදල් හුවමාරුව පිළිබඳව තොරතුරු අතැතිව තීරණ ගැනීමට එසැන විනිමය අනුපාත උපකාරී වේ.
  • බහුවිධ ගෙවීම් විකල්ප - ලංකා රෙමිට් (LankaRemit) විවිධ ගෙවීම් විකල්ප සපයන අතර, භාවිතා කරන්නන්ට මුදල් මාරු කිරීම පහසු කරයි.
  • ආරක්‍ෂාව සහ අනුකූලතාව - ලංකා රෙමිට් (LankaRemit) පාරිභෝගිකයන්ගේ තොරතුරු ආරක්‍ෂා කිරීම සඳහා අති නවීන කේතනය කිරීමේ තාක්‍ෂණය භාවිතා කරමින් ආරක්‍ෂාව සහ අනුකූලතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි.

LankaRemit සමඟ දැනට සම්බන්ධ වී ඇති මූල්‍ය ආයතන

ජංගම යෙදුම භාගත කරන්න

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකාවට මුදල් එවීමේ සේවාව ලබා ගැනීම සඳහා.

ලංකා රෙමිට් (Lanka Remit) ජංගම යෙදුම යනු විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකාවට මුදල් එවීම සඳහා ඇති සේවාවකි. ඒමගින් විදෙස් රටවල බොහෝ ක්ෂේත්‍රයන්වල කටයුතු කරන පුද්ගලයන්ට සහ ආයතනවලට ඉතාමත් පහසුවෙන් සහ විශ්වාසයෙන් මෙම යෙදුම හරහා මුදල් එවිය හැකියි. මෙම යෙදුම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අනුමත කර ඇත.

ඔබට අදාළ වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.

2

Event Calander