We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
නැත. නමුත් LankaPay ආයතනය මගින් පොදු ATM ජාලයට සහභාගිවන මූල්‍ය ආයතන සතු ATM යන්ත්‍ර එකම ජාලයකට සම්බන්ද කර ඇත. මෙමගින් ඔබට ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට හැකියාව සලසා ඇත. මේවනවිට මෙරට ATM යන්ත්‍රවලින් 99.95%කට වැඩි ප්‍රමාණයක් LankaPay සමග සම්බන්ධ වී ඇත.
මුදල් ආපසු ගැනීමේ ගාස්තුව රු.30/-කි. නමුත් LankaPay සන්නාමය සහිත කාඩ්පතක් භාවිතා කරන්නේ නම් ගෙවිය යුතු ගාස්තුව රු.15/- ක් පමණි.
ඔබගේ බැංකුව අමතා එය වාර්තා කරන්න. ඔබගේ ගිණුම හරහා ගනුදෙනු සිදු වීම වැළැක්වීම සඳහා කාඩ්පත අවහිර කරන ලෙස ඉල්ලා සිටින්න.
වහාම ඔබගේ බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් ලබා දී, කාඩ්පත අවහිර කිරීමට ඉල්ලා සිටින්න. මෙය, ඔබේ ගිණුමෙන් කාඩ්පත මඟින් සිදුවන අනවශ්‍ය ගනුදෙනු වලක්වා ගැනීමට උපකාරී වනු ඇත.
සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) මඟින් රුපියල් මිලියන 5ක් දක්වා බැංකු අතර ක්ෂණිකව මුදල් හුවමාරු කිරීම් කළ හැකිය.
ඔව්, මුදල් හුවමාරු කිරීම සඳහා සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් ආරක්ෂිත ක්‍රමයකි. එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන අතර ඔබේ ගනුදෙනු සඳහා ඉහළම මට්ටමේ ආරක්ෂාව සහතික කරමින් PCI-DSS අනුවාදය 3.2 ආරක්ෂක ප්‍රමිතියට අනුකූල වේ. LankaPay හා සම්බන්ධ සියලුම සාමාජික බැංකු ද මහ බැංකුව විසින් නියාමනය කරනු ලැබේ.
ඔව්, එය 24/7/365 (අවුරුද්දේ ඕනෑම දිනයක ඕනෑම වෙලාවක) ක්‍රියාත්මක වන අතර එසැණින් ගනුදෙනු පහසුකම සලසයි.
සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) හරහා රුපියල් මිලියන 5ක් දක්වා මුදල් හුවමාරු කළ හැකිය. කෙසේ වෙතත්, මෙම මුදල් හුවමාරු සීමාව අදාළ බැංකුවේ ව්‍යාපාර ආකෘතිය අනුව බැංකුවෙන් බැංකුවට වෙනස් විය හැකිය. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ඔබේ බැංකුව සම්බන්ධ කර ගන්න.
ඔබ ඔබේ බැංකුව හරහා ඉල්ලීමක් කළ යුතුය. එවිට ඔබ වෙනුවෙන් ඔබේ බැංකුව LankaPay ආයතනය වෙතින් සහතික කළ චෙක්පතේ ඡායාගත පිළිඹිබුව ඉල්ලා සිටිනු ඇත.
ඔබේ බැංකු ගිණුම භාවිතා කර අනෙකුත් වෙළඳ ගනුදෙනු සඳහා ගෙවීම් සිදු කළ හැක සේවාවකි.
ජස්ට්පේ (JustPay) භාවිතා කළ හැකි ඕනෑම ජංගම ගෙවීම් යෙදුමක් දුරකතනයට බාගත කර ගන්න. ඔබගේ බැංකු විස්තර ලබා දී එහි ලියාපදිංචි වන්න. පසුව ජංගම යෙදුම භාවිතා කර ලියාපදිංචි කළ බැංකු ගිණුම හරහා ජස්ට්පේ (JustPay) භාවිතා කර සෘජුවම ගෙවීම් කරන්න.
ජස්ට්පේ (JustPay) හා සම්බන්ධ සියලුම ජංගම ගෙවීම් යෙදුම් සහ මූල්‍ය ආයතන මහ බැංකුව විසින් නියාමනය කරනු ලැබේ. ඔබ යම් ජංගම ගෙවීම් යෙදුමක් හරහා ජස්ට්පේ (JustPay) සඳහා ලියාපදිංචි වූ විට, ඔබේ බැංකු ගිණුම් තොරතුරු ඔබ ගනුදෙනුව සිදු කළ තැනැත්තාගේ බැංකුවේ හෝ මූල්‍ය ආයතනයේ ආරක්ෂිතව සුරැකෙනු ඇත. ඔබගේ බැංකු තොරතුරු ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක පියවර රැසක් පවතී.
එක්වරක් භාවිතා කළ හැකි මුරපදය (OTP) කිසිවෙකු සමග බෙදා නොගන්න.
ඔබගේ දුරකථනයේ මුරපදය කිසිවෙකු සමග බෙදා නොගන්න.
ඔබගේ දුරකථනය සඳහා සෑම විටම සංකීර්ණ මුරපදයක් භාවිතා කරන්න.
ඔබගේ ජස්ට්පේ (JustPay) මුරපදය කිසිවෙකු සමඟ බෙදා නොගන්න.
ඔබ ඔබගේ ජංගම දුරකථනය හෝ බැංකු ගිණුම වෙනස් කරන්නේ නම්, ඔබ ජස්ට්පේ (JustPay) සඳහා නැවත ලියාපදිංචි විය යුතුය.
සිදු වන සෑම ජස්ට්පේ (JustPay) ගනුදෙනුවක් සඳහාම ලැබෙන දැනුම්දීම් ලබා ගැනීමට ඔබේ බැංකුවේ ඇති SMS දැනුම්දීම් සේවාවේ ලියාපදිංචි වන්න.
වහාම ඔබගේ බැංකුව අමතා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ගැටලුව විසඳන තෙක් තවදුරටත් ගනුදෙනු සිදු වීම වැළැක්වීම සඳහා ඔබේ ගිණුම අවහිර කරන ලෙස ඉල්ලා සිටින්න.
ජස්ට්පේ (JustPay) හරහා ගෙවීමක් සිදු කිරීමේදී ඔබ අතින් දෝෂයක් සිදු වූවොත්, ඔබ වහාම ඔබේ බැංකුව හෝ ඔබ භාවිතා කරන ජංගම ගෙවීම් යෙදුමේ පාරිභෝගික අංකය ඇමතිය යුතුය. ගැටලුව විසඳා ගැනීමට ඔවුන් ඔබට සහාය වනු ඇත.
ස්ලිප්ස් ගෙවීම් (SLIPS) මගින් ඔබට බැංකු අතර රු. මිලියන 5ක් දක්වා අරමුදල් හුවමාරු කළ හැකිය. නමුත් එය ක්ෂණික සේවාවක් නොවේ.
ඔව්, පස්වරු 1:30 ට පෙර සිදු කරන ලද ගෙවීම් එදිනම ලබන්නාගේ ගිණුමට බැර වේ. නිවැරදි කාල සීමාව පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා ඔබගේ බැංකුව සම්බන්ධ කර ගන්න.
ඔව්, ඔබට ස්ලිප්ස් ගෙවීම් (SLIPS) භාවිත කර ඉදිරි දින 14ක් දක්වා සැලසුම් කළ ගනුදෙනුවක් ක්‍රියාත්මක කළ හැකිය.
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.