En  |  தமி  



ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා පහසු සහ නිරවද්‍ය රාජ්‍ය ගෙවීම්

රාජ්‍ය ගෙවීම් වේදිකාව

ඔබගේ ව්‍යාපාරයෙන් රාජ්‍ය ආයතන වෙත ගෙවිය යුතු ගෙවීම් දැන් ඉතා පහසුවෙන්, වෙහෙසකින් තොරව සිදු කළ හැක. තැනින් තැන ගමන් කිරීම, දිගු පෝලිම්වල කාලය නාස්ති වීම සහ ප්‍රමාදයන්ට දැන් සමුදෙන්න. අපගේ රාජ්‍ය ගෙවීම් වේදිකාව, ඔබේ ව්‍යාපාරයට අදාල සියලු රාජ්‍ය ගෙවීම් එකම තැනකින් කළමනාකරණය කිරීමට නවීන හා විශ්වාසනීය විසඳුමක් සපයයි.

මෙම ක්‍රමවේදය භාවිතා කර ඔබට වැඩි කාර්යක්ෂමතාව, පහසු කළමනාකරණය සහ වේගවත් ගෙවීම් අත්විඳිය හැක. ඔබේ ව්‍යාපාරයේ ඉතුරුම් ගිණුම හෝ ජංගම ගිණුම භාවිතා කර, රාජ්‍ය ගෙවීම් වේදිකාව (LPOPP) හරහා සියලු රාජ්‍ය ගෙවීම් පහසුවෙන්, ඉක්මනින් සහ විශ්වාසයෙන් සිදු කරන්න.

ඔබේ ව්‍යාපාරය සඳහා ඇති වාසි

  • රාජ්‍ය ආයතන වෙනුවෙන් සිදු කරන එසැන ගෙවීම් සමගින් ඔබේ වැඩකටයුතු ක්‍රමවත් කරගන්න.
  • ඔබේ ඉතුරුම් හෝ ජංගම ගිණුම හරහා විවිධ වූ රාජ්‍ය ආයතන වෙත පහසුවෙන් ගෙවීම් සිදු කරන්න.
  • කාර්යක්ෂමතාවයට හානි නොවී ඔබේ ව්‍යාපාරයේ අවශ්‍යතාවයට සරිලන ලාබදායී ගාස්තු ගෙවීමක වාසිය අත්විඳින්න.

රාජ්‍ය ගෙවීම් වේදිකාව (LPOPP) සමගින් සම්බන්ධ වී ඇති රාජ්‍ය ආයතන

  • ශ්‍රී ලංකා රේගුව
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • සේවක අර්ථසාධක අරමුදල
  • ආයෝජන මණ්ඩලය
  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය (යාත්‍රා/ භාණ්ඩ නැව් ප්‍රවේශ බලපත්‍රය)
  • ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
  • ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
  • වාණිජ දෙපාර්තමේන්තුව
  • මධ්‍යම තැන්පතු පද්ධතිය
  • පළාත් පාලන ආයතන සහ රාජ්‍ය ආයතන

වැඩිදුර විස්තර සඳහා ඔබේ බැංකු සහකරුවා හෝ LankaPay ආයතනය අමතන්න.


පුළුල් සෙවීම

අංකය මූල්‍ය ආයතනය අන්තර්ජාල බැංකු කටයුතු ජංගම බැංකු කටයුතු කවුන්ටරයෙන්

සෙවුම් ප්‍රතිඵල කිසිවක් හමු නොවිණි

ඔබේ ව්‍යාපාරය සඳහා අදාළ විය හැකි වෙනත් විසදුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.