En  |  தமி



බාධාවකින් තොරව බැංකුකරණය සවිබල ගැන්වීම

පොදු ATM ජාලය (LankaPay CAS)

2013 වසරේදී පොදු ATM ජාලයේ ආරම්භය LankaPay ආයතනයේ හැරවුම් ලක්ෂය ලෙස සැලකේ. මෙම ජාලය, කාඩ්පත් සහ අනෙකුත් ගෙවීම් සඳහා පොදු යාන්ත්‍රණයේ (CCAPS) මූලික අංගයක් ලෙස ක්‍රියාත්මක වේ. ආරම්භයෙන් පසු, මෙම ජාලය රට පුරා ඇති සියලුම ස්වයංක්රීය ටෙලර් යන්ත්‍රවලින් (ATM) 99.95% පමණ සම්බන්ධ කර ඇති අතර, කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගෙන ඇත.

මෙම ජාලය වසර පුරා, සතියේ දින 7හි පැය 24 පුරාවටම නොනවත්වා ක්‍රියාත්මක වන අතර, ගනුදෙනුකරුවන්ට මූල්‍ය සේවා සඳහා බාධාවකින් තොරව පිවිසීමේ හැකියාව ලබා දෙයි. මෙම ශක්තිමත් යටිතල පහසුකම් මඟින්, මූල්‍ය ආයතනවලට තම ගනුදෙනුකරුවන්ට වැඩි දියුණු කළ සේවාවන් ලබා දීමට බලගන්වන අතර, ඕනෑම ATM යන්ත්‍රයක් භාවිතා කිරීමේදී, ගනුදෙනුකරුවන්ට කිසිදු බාධාවකින් තොරව අවම පිරිවැයකින්, මුදල් ආපසු ගැනීම් සහ ගිණුම් විමසීම් සඳහා පහසුකම් සලසයි.

මේ වන විට පොදු ATM ජාලය (LankaPay CAS) සමග සම්බන්ධ වී ඇති මූල්‍ය ආයතන

දැන්ම ආරම්භ කරන්න

පොදු ATM ජාලයෙ (LankaPay CAS) හි ප්‍රමුඛ සාමාජිකයෙකු හෝ ද්විතීයික සාමාජිකයෙකු වීමට ඔබට අවස්ථාව ඇත. කරුණාකර පහත සඳහන් සුදුසුකම් නිර්ණායක බලන්න.

පොදු ATM ජාලයෙ (LankaPay CAS) හි ප්‍රමුඛ සාමාජිකයෙකු ලෙස සහභාගි වීම සඳහා සුදුසුකම් නිර්ණායක

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) තත් කාලීන දළ පියවීම් පද්ධතිය (RTGS) සඳහා සහභාගී වන ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවකට, පොදු ATM ජාලයේ (LankaPay CAS) ප්‍රමුඛ සාමාජිකයෙකු ලෙස සහභාගි විය හැක.

මෙම ජාලය සඳහා ප්‍රමුඛ සාමාජිකයෙකු සහභාගී වීමට ශ්‍රී ලංකා මහා බැංකුව සහ LankaPay ආයතනයෙන් පූර්ව අවසරය ලබාගැනීම සහ පොදු ATM ජාලයේ (LankaPay CAS) ප්‍රමුඛ සාමාජිකත්ව ගිවිසුම ක්‍රියාත්මක කිරීම යන කාරණා දෙකම සම්පුර්ණ කල යුතුය.

ඉහත කාරණා සම්පුර්ණ කිරීමෙන් පසු LankaPay ආයතනයේ සහතික කිරීමේ මද්‍යස්ථානය මගින් පවත්වනු ලබන සහතික කිරීමේ ක්‍රියාවලියද සම්පුර්ණ කලයුතුය.

පොදු ATM ජාලය (LankaPay CAS) හි ද්විතියික සාමාජිකයෙකු ලෙස සහභාගි වීම සඳහා සුදුසුකම් නිර්ණායක

ශ්‍රී ලංකා මහ බැංකුවේ තත් කාලීන දළ පියවීම් පද්ධතිය (RTGS) සඳහා සහභාගී නොවුනද, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඕනෑම නෛතික ආයතනයකට, ද්විතීයික සාමාජිකයෙකු ලෙස පොදු ATM ජාලයට (LankaPay CAS) සහභාගි විය හැකිය.

මෙම ජලයේ ද්විතීයික සාමාජිකයෙකු ලෙස සහභාගී වීම සඳහා, ශ්‍රී ලංකා මහා බැංකුව සහ LankaPay ආයතනයෙන් පූර්ව අවසරය ලබාගැනීම හා පොදු ATM ජාලයේ (LankaPay CAS) ද්විතීයික සාමාජිකත්ව ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

ඉහත කාරණා සම්පුර්ණ කිරීමෙන් පසු LankaPay ආයතනයේ සහතික කිරීමේ මද්‍යස්ථානය මගින් පවත්වනු ලබන සහතික කිරීමේ ක්‍රියාවලියද සම්පුර්ණ කලයුතුය. මීට අමතරව, සෑම ද්විතීයික සාමාජිකයෙකුම, පොදු ATM ජාලයට (LankaPay CAS) පද්ධතියට සහභාගී වීමේ පහසුකම් ලබාගැනීම සඳහා එහි ප්‍රාථමික සාමාජිකයෙකු සමඟ ගිවිසුමක්ද ක්‍රියාත්මක කළ යුතුය.

How can we help

Have questions on LankaPay products? We've got you covered

මුල්‍ය ආයතන සඳහා අදාළ වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.

2

Event Calander