En  |  தமி



ස්ලිප්ස් ගෙවීම් (SLIPS) සමඟ ඔබේ ගෙවීම් වැඩිදියුණු කරන්න

ස්ලිප්ස් ගෙවීම් (SLIPS)

ඔබේ පාරිභෝගිකයන්ට වේගවත් හා පහසු ගෙවීම් විසඳුම් ලබාදීමට ඔබ සූදානම්ද? LankaPay මඟින් මෙහෙයවනු ලබන ස්ලිප්ස් ගෙවීම් (SLIPS) සමඟින් ඔබේ ගෙවීම් සේවාවන් විප්ලවීය වෙනසකට ලක් කරන්න.

ස්ලිප්ස් ගෙවීම් (SLIPS) එක් දිනයක් තුළ ඉලෙක්ට්‍රොනිකව මුදල් හුවමාරු කිරීමට සේවා සපයයි. ප්‍රධාන වශයෙන් අඩු වටිනාකමින් යුත් ගෙවීම් සඳහා පහසුකම් සපයන මෙම පද්ධතිය, අමතර ආරක්ෂාවක් ලබා දෙන උසස් ආරක්ෂක විශේෂාංග වලින් සමන්විතය. මෙය ඔබේ ගනුදෙනුකරුවන්ට වැටුප්, උපයෝගිතා බිල්පත්, ස්ථාවර නියෝග සහ තවත් ගෙවීම් බාධාවකින් තොරව සිදු කිරීමට පහසුකම් සලසයි."

වර්ධනය වන, ස්ලිප්ස් ගෙවීම් (SLIPS) භාවිතා කරන්නන්ගේ ජාලයට සම්බන්ධ වී, ඔබේ ගෙවීම් සේවා මට්ටම ඉහළ නංවන්න. මෙමගින් ඔබට ඔබේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මූල්‍ය ගනුදෙනු සදහා උපරිම පහසුව සහ ආරක්ෂාව ලබාදිය හැකිය.

ස්ලිප්ස් ගෙවීම් (SLIPS) වල ප්‍රධාන ලක්ෂණ

  • ගෙවීම් සඳහා එදිනම නිෂ්කාශන ක්‍රියාවලියක්.
  • ව්‍යාපාරික දින 14 ක් දක්වා ගනුදෙනු කාලයක්.
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ RTGS ක්‍රමය හරහා අන්තර් බැංකු ගනුදෙනු පියවීම සිදුවේ.

සහභාගීවන්නන්

  1. ප්‍රාථමික සහභාගීවන්නන් - ශ්‍රී ලංකාවේ ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකු
  2. ද්විතීයික සහභාගිවන්නන්- ශ්‍රී ලංකාවේ වාණිජ නොවන බැංකු සහ වෙනත් ඕනෑම ක්‍රියාත්මක මූල්‍ය ආයතන

ගනුදෙනු වර්ග

  1. බැර ගනුදෙනු
  2. හර ගනුදෙනු

ස්ලිප්ස් ගෙවීම් (SLIPS) සමග සම්බන්ධ වී ඇති මූල්‍ය ආයතන

මෙහෙයුම් කාල පරාසයන්

පහත සඳහන් කාල සීමාවන් තුළ අපි ස්ලිප්ස් ගෙවීම් (SLIPS) මෙහෙයුම් සිදු කරන්නෙමු.

නිෂ්කාශන සැසිය නිෂ්කාශන උප සැසිය කවුළුව විවෘත වේලාව කවුළුව වසන වේලාව ක්‍රියාකාරිත්වය
සැසිය 1 දත්ත උඩුගත කිරීම 15:00 20:00 දත්ත LankaPay වෙත සැල කීරීම
දත්ත බාගත කිරීම 21:45 09:00 (ඊළඟ වැඩ කරන දිනය) අදාල දත්ත භාගත කිරීම
සැසිය 2 දත්ත උඩුගත කිරීම 9:00 11:00 දත්ත LankaPay වෙත සැල කීරීම
දත්ත බාගත කිරීම 12:30 09:00 (ඊළඟ වැඩ කරන දිනය) අදාල දත්ත භාගත කිරීම
සැසිය 3 දත්ත උඩුගත කිරීම 12:30 13:30 දත්ත LankaPay වෙත සැල කීරීම
දත්ත බාගත කිරීම 15:00 09:00 (ඊළඟ වැඩ කරන දිනය) අදාල දත්ත භාගත කිරීම

How can we help

Have questions on LankaPay products? We've got you covered

මුල්‍ය ආයතන සඳහා අදාළ වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.

2

Event Calander