En  |  தமி



ඇමරිකානු ඩොලර් ඔන්ලයින් ගෙවීම් (US Dollar Online)

මූල්‍ය ආයතන ක්ෂ්‍රේත්‍රය තුළ මෙහෙයුම් සියුම්ව ගලායාමට කාර්යක්ෂම ගෙවීම් යාන්ත්‍රණයක අවශ්‍යතාව වෙනුවෙන් LankaPay ආයතනය ඇමරිකානු ඩොලර් ඔන්ලයින් ගෙවීම් පද්ධතිය 2015 දී හදුන්වා දෙන ලදී. මෙම නව්‍යකරණ ගෙවීම් පද්ධතියමගින් ඔබගේ බැංකුව හරහා අන්තර් බැංකු ඇමෙරිකානු ඩොලර් ගෙවීම් බාධාවකින් තොරව කිරීමට ඔබට හැකියාව ලබා දේ.

මෙම ක්‍රමය හඳුන්වා දීමට පෙර, සියලු දේශීය ගිණුම් අතර ඇමරිකානු ඩොලර් හුවමාරු කිරීම් ඇමරිකාවේ අනුරූප බැංකු ගිණුම් (NOSTRO) හරහා සිදුකරන ලදී. නමුත්, මෙම ක්‍රියාවලියට වැයවන කාලය සහ පිරිවැය නිසා, දේශීයව ගිණුම් අතර ඇමරිකානු ඩොලර් හුවමාරු කිරීමට විශ්වාසනීය,කාර්යක්ෂම සහ ලාභදායී ක්‍රමයක් අවශ්‍ය විය.

දැන්, ඇමෙරිකානු ඩොලර් ගෙවීම් පද්ධතිය හරහා මූල්‍ය ආයතනවලට දේශීයව ඇමරිකානු ඩොලර් ගිණුමකින් ගිණුමකට යැවීම පහසුකම LankaPay ආයතනය සපයා ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලු බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවලට මෙම පද්ධතිය සහභාගී වීමට අවස්ථාව ලැබේ.

මෙම පද්ධතිය මඟින් ඇමරිකානු ඩොලර් අණකර හා චෙක්පත් වැනි සාම්ප්‍රදායික ක්‍රම සඳහා පහසු විසඳුම් ලබා දෙන අතර . මූල්‍ය ආයතනවලට ඔවුන්ගේ ගෙවීම් ක්‍රියාවලීන් ප්‍රශස්ත කිරීම සඳහා නවීන හා කාර්යක්ෂම විසඳුමක් සපයයි.

මූල්‍ය ආයතන සඳහා ඇති වාසි

  • NOSTRO ගිණුම් හරහා සෑම ගනුදෙනුවක්ම සිදු නොවන නිසා ගනුදෙනු ගාස්තු අවම වීම.
  • දේශීය බැංකු අතර ඔබේ ඩොලර් ගනුදෙනු ආරක්ෂිත වීම.
  • ශ්‍රී ලංකාවෙන් පිටතට ගලායන විදේශ විනිමය අවම කිරීමට සහය වීම.
  • එක් දිනක් තුල ලබන්නාගේ ගිණුමට මුදල් ලැබීම.
  • අඩු වටිනාකමක් සහිත වාණිජ ගනුදෙනු සඳහා වැඩි කාර්යක්ෂමතාවයක් ඇති කිරීම.
  • පරිපාලන වියදම් අඩු කරගත හැකි වීම.

ඇමරිකානු ඩොලර් ඔන්ලයින් ගෙවීම් සමග සම්බන්ධ වී ඇති මූල්‍ය ආයතන

නිෂ්කාශන කාලසීමාවන්

අපි පහත කාල පරාසයන් තුළ ඇමරිකානු ඩොලර් ඔන්ලයින් ගෙවීම් (US Dollar Online) පද්ධතියේ නිෂ්කාෂණය මෙහෙයුම් සිදු කරන්නෙමු.

  • පළමු සැසිය (Session 01) - ප.ව. 3.00 සිට ප.ව. 6.00 දක්වා
  • ඉදිරි දාතම අගයන් සහිත ගනුදෙනු වලට අදාල දත්ත පමණක් පද්ධතිය මගින් පිළිගනු ලබයි. (T+1 to T+2 Transactions )

     
  • දෙවන සැසිය (Session 02) - පෙ.ව. 9.00. ප.ව. 1.00. දක්වා
  • එම ව්‍යාපාරික දිනට අදාල ගනුදෙනුවල දත්ත සහ ඉදිරි දාතම ගනුදෙනු වලට අදාල දත්ත ( T+0 to T+2 Transactions ) පද්ධතිය මගින් පිළිගනු ලබයි.

     

සංඛ්‍යාලේඛන

වර්ෂය කාර්තුව ගනුදෙනු පරිමාණය (‘000’) ගනුදෙනු වටිනාකම (‘USD’)
2024 Q1 8.5 මිලියන155
Q2 8.7 මිලියන182
Q3 10.8 මිලියන136

ඔබටට සහය විය හැක්කේ කෙසේද?

LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!

ඊමේල් ලිපිනය

  |  lankapaysupport@lankapay.net

මුල්‍ය ආයතන සඳහා අදාළ විය හැකි වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander