We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
පේමී (Payme) විසින් ලබාදී ඇති, බාධාවකින් තොරව පහසුවෙන් භාවිතා කළ හැකි "pay-by-link" විශේෂාංගය සමගින් ගනුදෙනු ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් සිදු කර ඇත. පේමී (Payme) සමඟින්, විවිධ ගෙවීම් සඳහා ඉල්ලීම් සිදු කිරීම සහ ගෙවීම් එකතු කිරීමේ ක්‍රියාවලිය සරල කර ඇත. පහසුවෙන්, පේමී (Payme) ලින්ක් එකක් යැවීම මගින් සේවාලාභීන්ට ඉතා පහසු Click කිරීමකින් ඔවුන් කැමති යෙදුමක් හරහා ගෙවීම් සිදුකළ හැකිය.
පේමී (Payme) සැකසුම ඉතාමත් ආරක්ෂිතයි. අපගේ වේදිකාව, මූල්‍ය ආයතන හා ඔවුන්ගේ සේවාලාභීන්ගේ ගිණුම් තොරතුරු ආරක්ෂා කිරීම සඳහා ගොඩනඟන ලද ආරක්ෂණ පියවරයන්ගෙන් සමන්විතයි. එමඟින් දෙපාර්ශවයේම රහස්‍යභාවය තහවුරු කරයි. පේමී (Payme) සමග සෑම පියවරකම, සෑම ගනුදෙනුවකම විශ්වාසය අන්තර්ගත වේ.
තවද, පේමී (Payme) විසින් ව්‍යාපාර ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කිරිම මඟින් මූල්‍ය ආයතනවලට පහසුවෙන් හා බාධාවකින් තොරව ව්‍යාපාර කාර්යයන් ස්වයංක්‍රීයව සිදුකිරීමට අවස්ථා සළසයි. පේමී (Payme) ගනුදෙනු ආරම්භ කිරීමේ සිට ගෙවීම් සැසඳීම දක්වා ක්‍රියාවලිය තුළ වැඩි නිරවද්‍යතාවක් සහතික කරන අතරම ව්‍යාපාර ක්‍රියාවලිය සරල කරමින් කාලය සහ සම්පත් ඉතිරි කරයි
එපමනක් නොව, පේමී (Payme) හි ගෙවීම් ලින්ක් විවිධ වේදිකා හරහා බාධාවකින් තොරව ගනුදෙනු සහතික කරන අතර ගනුදෙනුකරුවන්ට ස්ථාවර සහ කරදරයකින් තොර ගෙවීම් අත්දැකීමක් ලබා දෙයි.
LankaPay සමග ගිවිසුමකට එළඹෙන්න
LankaPay සමඟ API සම්බන්ධතාවයක් නිර්මාණය කරන්න
සහතික කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න
ක්‍රියාත්මක කරන්න
LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.