En  |  தமி



මූල්‍ය ආයතන සඳහා ජස්ට්පේ (JustPay)

ජස්ට්පේ (JustPay)

ජස්ට්පේ (JustPay) සමඟින්, සියලු පාර්ශවයන්ට වාසිදායක, කාර්යක්ෂම සහ පහසු ගෙවීම් අත්දැකීමක් ලබාදීමට මූල්‍ය ආයතන වෙත හැකියාව ඇත. ජංගම දුරකථන යෙදුම් සහ විද්‍යුත්-වාණිජ (e-commerce) වෙබ් යෙදුම් අතරේ තම බැංකු ගිණුම් ආරක්ෂිතව සම්බන්ධ කර ගනුදෙනුකරුවන්ට, ඔවුන්ගේ ගෙවීම් පහසුවෙන් හා ඉක්මනින් සිදුකිරීමට හැකි වේ. එමෙන්ම, ගනුදෙනුකරුවන් විසින් ජස්ට්පේ (JustPay) මගින් ඔවුන්ගේ බැංකු ගිණුම හරහා ගෙවීම් සිදුකරන විට, බැංකු ගාස්තු සැලකිය යුතු ලෙස අඩුවෙන බැවින්, ව්‍යාපාරිකයින්ට හුවමාරු ගාස්තු අඩුවීමේ අමතර වාසියක්ද ලැබේ.

ජස්ට්පේ (JustPay) සමගින් මූල්‍ය ආයතන වෙත තම ගනුදෙනුකරුවන් හා ව්‍යාපාරිකයින් භාවිතයට පහසු, අඩු පිරිවැයක් සහිත නවීන ගෙවීම් ක්‍රමයකින් සවිබල ගැන්විය හැකි අතර ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස තම ස්ථාවරය තහවුරු කර ගැනීමටද ඒ හරහා හැකියාව ලැබේ.

JustPay හි ප්‍රධාන ක්‍රියාකාරිත්වයන්

  • බහුවිධ ඒකාබද්ධ කිරීම: එකම ගෙවීම් අත්දැකීමක් සඳහා ජංගම සහ වෙබ් යෙදුම් තුල ජස්ට්පේ (JustPay) සක්‍රිය කරන්න.
  • සෘජු ගිණුම් ගෙවීම්: ගනුදෙනු සරල කරමින්, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ජංගම සහ ඉතිරිකිරීමේ ගිණුම්වලින් කෙලින්ම ගෙවීම් කිරීමට ඉඩ සලසන්න.
  • ආරක්ෂාව: පාරිභෝගික දත්ත ආරක්ෂා කිරීම සහ ගෙවීම් සුරක්ෂිතව තබා ගැනීම සඳහා ඉහළම ආරක්ෂාව ලබා ගන්න.
  • පහසු පරිශීලක අත්දැකීම: පාරිභෝගික තෘප්තිය සහ හිතෛශීබව වැඩි දියුණු කරන ශීඝ්‍ර සහ කාර්යක්ෂම ගෙවීම් ක්‍රියාවලියක් ලබා දෙන්න.
  • අඩු ගනුදෙනු පිරිවැය: වැඩි වෙළෙන්දන් සංඛ්‍යාවක් සම්බන්ධ වීමට දිරිගන්වමින්, අඩු වෙළඳ වට්ටම් අනුපාතයක ප්‍රතිලාභ ලබන්න.

FinTech විසඳුම් හී වාසි

  • පාරිභෝගිකයාගේ පහසුව ඉහළ නැංවීම: සරල සහ සෘජු ගෙවීම් ක්‍රමයක් ලබා දෙමින්, අතරමැදි පියවරවල අවශ්‍යතාව අඩු කර පරිශීලක අත්දැකීම වැඩිදියුණු කරන්න.
  • ගෙවීම් විකල්ප පුළුල් කිරීම: බහු ගිණුම් සම්බන්ධ කිරීමේ විකල්පය සපයන අතරේම යෙදුම් වඩාත් පරිශීලක හිතකාමී කරමින් ඔබේ පාරිභෝගිකයින්ට ගෙවීම් කරන ආකාරය පිළිබඳ වැඩි තෝරාගැනීම් ලබා දෙන්න.
  • වෙළෙන්දන්ගේ හවුල්කාරිත්වය වැඩි කිරීම:වෙළෙන්දන් සඳහා පහසු ගනුදෙනු පහසුකම් සැලසීමෙන්, ඔබේ විසඳුම ව්‍යාපාරික හවුල්කරුවන්ට වඩාත් ආකර්ෂණීය කරන්න.

ජංගම දුරකථන සඳහා JustPay යනු කුමක්ද?

2017 වසරේදී LankaPay විසින් දියත් කරන ලද ජස්ට්පේ (JustPay), පාරිභෝගිකයින්ට ස්මාර්ට් උපාංග භාවිත කර, ජංගම හෝ ඉතිරිකිරීමේ ගිණුම් තුලින් වෙළෙන්දාගේ ගිණුමට කෙලින්ම මුදල් ගෙවීමට ඉඩ සලසන විප්ලවීය ගෙවීම් නිෂ්පාදනයකි.

මෙය ශ්‍රී ලංකාව, මුදල් විරහිත සමාජයක් කරා ගෙන යාමේ සුවිශේෂී මුලපිරීමක් විය. මෙම අද්විතීය පද්ධතිය පාරිභෝගිකයින්ට, වෙළඳුන්ට, බැංකු, ෆින්ටෙක් ආයතන සහ සමස්තයක් ලෙස ආර්ථිකය සඳහා බොහෝ ප්‍රතිලාභ ලබා දීමට දායක වේ.

01

ඔබේ ජංගම යෙදුම JustPay සමඟ ඒකාබද්ධ කිරීමට ඔබේ කැමති මූල්‍ය ආයතනය සමඟ සම්බන්ධ වන්න

LankaPay SDK සමග ඒකාබද්ධ වී සහතිකකරණය ලබා ගන්න

ඒකාබද්ධ කිරීම සඳහා සාමාජික අතුරුමුහුණත් ලේඛනයෙහි (MID) පියවර අනුගමනය කරන්න

ජංගම යෙදුම මහ බැංකුව විසින් නිර්වචනය කර ඇති මූලික ආරක්ෂණ ප්‍රමිතීන් සපුරාලන බව සහතික කිරීමට අත්පත් කරගන්නා බැංකුවෙන් අනුකූලතා අනුමැතිය ලබා ගන්න

ඔබේ ජංගම යෙදුම JustPay සමඟ ඒකාබද්ධ කරන්නේ කෙසේද?

ජස්ට්පේ (JustPay) සේවාව ලබාදෙන්නෙකු බවට පත්වන්නේ කෙසේද?

ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සහය ලබාගැනීමට අප හා සම්බන්ධ වන්න. ජස්ට්පේ (JustPay) ගෙවීම් සේවාව සක්‍රීය කරගැනීම සඳහා, ඔබගේ මූල්‍ය ආයතනය සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් ජාලයේ (CEFTS) සාමාජිකයෙකු විය යුතුය."

ඔබ ජස්ට්පේ (JustPay) සේවාව ලබාදෙන ආයතනයක් බවට පත් වූ පසු, ඔබේ මූල්‍ය ආයතනයේ ගනුදෙනුකරුවන්ට ජස්ට්පේ (JustPay) සඳහා අනුමත ඕනෑම ජංගම දුරකථන යෙදුමක් හරහා ඔවුන්ගේ ගිණුම් සම්බන්ධ කර ගෙවීම් සිදු කිරීමේ හැකියාව ලැබේ.

ජස්ට්පේ (JustPay) සේවාව ලබාගන්නෙකු බවට පත්වන්නේ කෙසේද?

ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සහය ලබාගැනීමට අප හා සම්බන්ධ වන්න. ජස්ට්පේ (JustPay) ගෙවීම් සේවාව සක්‍රීය කර ගැනීම සඳහා, ඔබගේ මූල්‍ය ආයතනය සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් ජාලයේ (CEFTS) ජාලයේ සාමාජිකයෙකු විය යුතුය.

ඔබ ජස්ට්පේ (JustPay) සේවාව ලබාගන්නා ආයතනයක් බවට පත් වූ පසු, ජස්ට්පේ (JustPay) භාවිත කළ හැකි ඕනෑම ජංගම දුරකථන යෙදුමක් හෝ විද්‍යුත්-වාණිජ වෙබ් යෙදුමක් සමඟ ඔබේ සේවා සම්බන්ධ කර ගත හැක.

JustPay Web වෙබ් යනු කුමක්ද?

JustPay Web යනු 2023 දී දියත් කරන ලද JustPay හි නවතම සංස්කරණයක් වන අතර, එය IPG සඳහා විකල්පයක් ලෙස භාවිතා කළ හැකිය. මෙය පාරිභෝගිකයින්ට බ්‍රවුසර් පාදක යෙදුම් හරහා ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් සෘජු ගෙවීම් කිරීමට පහසුකම් සැලසීමට විශේෂිත ලෙස සැලසුම් කර ඇත.

පරිශීලක හිතකාමී නිර්මාණය සහ ඉහළ ආරක්ෂාව නිසා, JustPay Web විද්‍යුත් වාණිජ ගනුදෙනු සඳහා සුමට සහ පහසු ගෙවීම් විකල්පයක් සැපයයි. එමෙන්ම, වෙළෙන්දන්ට අඩු ආරම්භක පිරිවැය සමග අවම වෙළඳ වට්ටම් අනුපාතය (MDR) සහිත ලාභදායී තෝරාගැනීමකි. JustPay Web පරිශීලකයින්ට ඩෙස්ක්ටොප්, ලැප්ටොප්, ටැබ්ලට් සහ ස්මාර්ට්ෆෝන් ඇතුළු විවිධ උපාංග මත භාවිතා කළ හැකි අතර, එය කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයක් ලබා දෙයි.

ඔබේ වෙබ් අඩවිය JustPay සමඟ ඒකාබද්ධ කරන්නේ කෙසේද

  1. ඔබේ ජංගම යෙදුම JustPay සමග ඒකාබද්ධ කිරීමට ඔබේ කැමති මූල්‍ය ආයතනය සමග සම්බන්ධ වන්න
  2. ඒකාබද්ධ කිරීම සඳහා සාමාජික අතුරුමුහුණත් ලේඛනයෙහි (MID) පියවර අනුගමනය කරන්න
  3. ඔබේ ජංගම යෙදුම මහ බැංකුව විසින් නිර්වචනය කර ඇති මූලික ආරක්ෂණ ප්‍රමිතීන් සපුරාලන බව සහතික කිරීමට අත්පත් කරගන්නා බැංකුවෙන් අනුකූලතා අනුමැතිය ලබා ගන්න

සංඛ්‍යා දත්ත

2024 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන කාර්තුව සඳහා සංඛ්‍යා දත්ත

724,836

නව ගිණුම්

21,044,087

ගනුදෙනු ප්‍රමාණය

104,892,755,168.88

ගනුදෙනු වටිනාකම (රුපියල්)

104,892,755,168.88

ගනුදෙනු වටිනාකම (රුපියල්)

ඔබටට සහය විය හැක්කේ කෙසේද?

LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!

ඊමේල් ලිපිනය

  |  lankapaysupport@lankapay.net

මුල්‍ය ආයතන සඳහා අදාළ විය හැකි වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander