We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
ඔබේ ගනුදෙනුකරුවන්ගේ ගෙවීම් කටයුතු සඳහා නව්‍ය විසඳුමක් ලබාදීමට ඔබට අවශ්‍ය ද? ඍජු හර ගෙවීම් (Direct Debit) සමගින් ඔබේ ගෙවීම් සේවා ඉහළම තලයකට ගෙන යාමට දැන් ඔබට හැකියි.
සෙෆ්ට්ස් ක්ෂනික ගෙවීම් (CEFTS) ක්‍රමයේම දිගුවක් වන, ඍජු හර (Direct Debit) ගෙවීම් මගින් පුනරාවර්ථන ගෙවීම් ස්වයංක්‍රීයව සිදුකිරීමේ පහසුකම ඔබේ ගනුදෙනුකරුවන්ට ලබාදෙන්න. මෙම ඍජු හර ගෙවීම් (Direct Debit) පහසුකම ලබාදෙන මූල්‍ය ආයතනයක් ලෙස, ඔබේ ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව පහසු සහ කාර්යක්ෂම ගෙවීම් අත්දැකීමක් ලබාදීමට ඔබට හැකිවේ.
LankaPay සමඟ ඩිජිටල් ගනුදෙනුවල නව විප්ලවයට සම්බන්ධ වී, ඔබේ ගනුදෙනුකරුවන්ට වේගවත්, පහසු, සහ ආරක්ෂිත ගෙවීම් පහසුකමක් ලබා දෙන්න. උපරිම පාරිභෝගික ගාස්තුව රු. 50/-ක් පමණක් වන නිසා, මෙය ඔබේ ආයතනයට මෙන්ම ඔබේ ගනුදෙනුකරුවන්ටත් ආකර්ශණීය විසඳුමක් වනු ඇත.
LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.