En  |  தமி



LankaPay කාඩ්

LankaPay කාඩ්පත් ශ්‍රී ලංකාවේ නිකුත් කරන තවත් එක් කාඩ්පතක් පමණක් නොවේ. මෙය ජාතික වටිනාකමක් ඇති, රටට විශාල විදේශ විණිමය ඉතුරුවක් කෙරෙන කාඩ්පතක් වේ. ඊට අමතරව මෙම කාඩ්පත, අන්තර්ජාතික ආරක්ෂක ක්‍රමවේදයන් සියල්ල අනුගමනය කරන ද්විත්ව සන්නාමයන් සහිත කඩ්පතකි.

LankaPay කාඩ්පතේ ප්‍රධාන අරමුණ වන්නේ, විශාල වශයෙන් විහිදුනු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) සහ ජාත්‍යන්තර වෙළඳ අලෙවිසැල් හරහා දේශීය මූල්‍ය ආයතන විසින් නිකුත් කරනු ලබන කාඩ්පත් වෙත වැඩි ක්‍රියාකාරීත්වයක් සහ පිළිගැනීමක් ලබා දීමයි. මෙම මුලපිරීම LankaPay කාඩ්පතේ ගෝලීය භාවිතය වැඩි දියුණු කිරීම පමණක් නොව කාඩ්පත භාවිතා කරන්නාගේ අත්දැකීම ද ඉහළ නංවයි. මුදල් රහිත සමාජයක් වෙත ගමන් කිරීමේ ඉදිරි දර්ශනය අනුව, LankaPay කාඩ්පත මූල්‍ය ආයතන සඳහා තීරණාත්මක මෙවලමක් ලෙස හඳුන්වා දිය හැකි අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම්වල අනාගතය සඳහා සැලකිය යුතු වටිනාකමක් එක් කරනු ඇත.

මූල්‍ය ආයතන සඳහා ඇති වාසි

  • ගෝලීය පිළිගැනීම: දැනට, LankaPay කාඩ්පත ලොව පුරා JCB ජාලයේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) සහ වෙළෙන්දන් විසින් පිළිගනු ලැබේ. මෙම ගෝලීය පිළිගැනීම මගින් JCB කාඩ්පත් බහුලව පවතින රටවල් ඇතුළුව ලෝකයේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ගනුදෙනුකරුවන්ට සේවා සැපයීමට ව්‍යාපාරවලට හැකි බව තහවුරු කරයි.
  • EMV සක්‍රීය කර ඇත: EMV සක්‍රීය කර ඇති LankaPay කාඩ්පත, EMVCo විසින් සකසා ඇති ඉහළම ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන්ට අනුගත වේ. මෙමඟින් ව්‍යාපාර හා පාරිභෝගික යන දෙඅංශයේම ගනුදෙනු, වංචාවන් හා අනවසර භාවිතා කිරීම්වලින් සිදුවන අවධානම අඩු කර ආරක්ෂිත කරයි.
  • වැඩිදියුණු කළ පාරිභෝගික අත්දැකීම: JCB International Co, Ltd සමඟ ඇති හවුල්කාරිත්වය කාඩ්පත් හිමියන් සඳහා ජාත්‍යන්තර සේවා සහ ප්‍රවර්ධන මාලාවක් විවෘත කරයි. මෙය ගනුදෙනුකරුවන් සඳහා ගෙවීම් අත්දැකීම වඩාත් පහසු කරනවා පමණක් නොව, විශේෂයෙන්ම සංචාරක අංශයේ වෙළෙන්දන් සඳහා වැඩි ව්‍යාපාර ආකර්ෂණයක් ඇති කරයි.
  • ජාතික ගෙවීම් ජාලයට දායකත්වය: LankaPay කාඩ්පත සමග සම්බන්ධ වීමෙන්, ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලය දියුණු කිරීමට දායක වේ. මෙය මුදල් රහිත සමාජයක් කරා ගමන් කිරීමට රට දරන උත්සාහය සදහා බලපාන අතර ඩිජිටල් ගෙවීම් විසඳුම් භාවිතය ප්‍රවර්ධනය කරයි.

LankaPay කාඩ්පත සමග සම්බන්ධ වී ඇති මූල්‍ය ආයතන

LankaPay කාඩ්පත් - සම සන්නාම හවුල්කාරිත්වයන්

How can we help

Have questions on LankaPay products? We've got you covered

මුල්‍ය ආයතන සඳහා අදාළ වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.

2

Event Calander