En  |  தமி



ලංකා රෙමිට් (LankaRemit)

ලෝකය පුරා ශ්‍රී ලාංකිකයින්ගේ විහිදීමත් සමඟ, මුදල් සංසරණය සඳහා විශ්වාසදායී, ආරක්ෂිත හා කාර්යක්ෂම විසඳුම් ලබාදීමට මූල්‍ය ආයතනවලට අවශ්‍ය විය. මෙයට විසඳුමක් ලෙස ලංකා රෙමිට් (LankaRemit), විදේශගතව සිටින අයට ඉක්මනින් හා දැරිය හැකි මුදලකට ඔවුන්ගේ ප්‍රතිලාභීන්ට මුදල් එවීම සිදුකළ හැකි විසඳුමක් ලබා දුන්නේය. නවීන තාක්ෂණය හා දැඩි ආරක්ෂණ පියවර අනුගමනය කරමින් ලංකා රෙමිට් (LankaRemit) ඔබට අසමසම පහසුවක් ලබාදීමට කටයුතු කරයි.

මූල්‍ය ආයතන සඳහා ඇති වාසි

  • පාරිභෝගික පදනම ශක්තිමත් කිරීම: බාධාවකින් තොරව සහ භාවිතා කරන්නාට පහසු අතුරු මුහුණතක් මඟින් මුදල් හුවමාරු සහ විවිධ මූල්‍ය ගනුදෙනු පහසුවෙන් සිදු කිරීමට ඇති හැකියාව, මූල්‍ය ආයතන සඳහා විශේෂ වාසියක් සපයයි. විශේෂයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය හා අවධානය දිනා ගැනීමේ මඟින්, පාරිභෝගික පදනම ශක්තිමත් කිරීමට මෙය බොහෝමයකින් උපකාරී වේ.
  • ගෝලීය හා එසැණ විනිමය අනුපාත : මූල්‍ය ආයතනවලට, ඔවුන්ගේ අන්තර්ජාල ගෙවීම් ක්‍රමයන් හරහා පාරිභෝගිකයන්ට එසැණ විනිමය අනුපාත සහිතව ගෝලීය ගනුදෙනු සිදු කිරීමට අවස්ථාව සලසා දිය හැක. මෙය මූල්‍ය ආයතනවලට තරඟකාරී වාසියක් ලබා දීමටත්, විනිවිදභාවය සහ ආරක්ෂාව උදෙසා වැඩිමනත් පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමටත් උපකාරී වේ.
  • අලෙවිකරණ අවස්ථා : මෙම යෙදුම තුළ ප්‍රචාරක බැනර් පළ කිරීමේ හැකියාව මඟින්, මූල්‍ය ආයතනවලට ඔවුන්ගේ නිෂ්පාදන, සේවා සහ විශේෂ දීමනා සෘජුවම LankaRemit පද්ධතිය භාවිතා කරන පාරිභෝගිකයන්ට ප්‍රචාරය කිරීමට හැකියාව ලැබේ. එමඟින්, අලෙවිකරණ අවස්ථා ව්‍යාප්ත කර ගැනීමටද මූල්‍ය ආයතනවලට හැකියාව උදා වේ.
  • තීරුබදු රහිත ඉල්ලීම් සඳහා පහසුකම් සැලසීම: විදේශීය සේවකයන් සඳහා මූල්‍ය ආයතනවලට තීරු බදු රහිත දීමනා ඉල්ලීමට පහසුකම් සැලසීම මඟින් විදේශීය ගනුදෙනු සහ මුදල් පරිහරණය වඩාම සුමට හා කාර්යක්ෂම කරගත හැකි වීම.

ලංකා රෙමිට් (LankaRemit) සමග සම්බන්ධ වී ඇති මූල්‍ය ආයතන

How can we help

Have questions on LankaPay products? We've got you covered

මුල්‍ය ආයතන සඳහා අදාළ වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.

2

Event Calander