En  |  தமி



චෙක්පත් නිෂ්කාශනය (CITS)

2002 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව, චෙක්පත් නිෂ්කාශන පහසුකම් සැපයීම සඳහා බලය LankaPay (පුද්ගලික) සමාගමට පවරන ලදී. ඉන්පසුව, 2006 මැයි මාසයේදී, චෙක්පත් ඡායාගත පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය (CITS) හඳුන්වාදීමත් සමඟ චෙක්පත් විද්‍යුත් ආකාරයෙන් ඉදිරිපත් කිරීම පහසු වූ අතර භෞතික චෙක්පත් නිෂ්කාශනයේ තිබූ අපහසුතාවය බෙහෙවින් අඩු විය.

චෙක්පතක ඡායාගත පිළිබිඹුව මත පදනම් වූ මෙම ක්‍රියාවලිය නිසා නිෂ්කාශනය සඳහා ගතවන කාලය එක් වැඩකරන දිනයක් දක්වා අඩු වූ අතර, බැංකුවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ පිරිවැය ඉතිරි කරගැනීමට ද උපකාරි විය. එසේම, ගනුදෙනුකරුවන්ට පහසුවක් ලබාදීම සඳහා චෙක්පත් භාරගැනීමේ කාලය දිගු කළ අතර, අගරු චෙක්පත් වාර්තා ඉදිරිපත් කිරීමේ කඩඉම් වේලාව අවම කර තිබේ.

කුමන හෝ හේතුවක් නිසා ගෙවන බැංකුවට චෙක්පතකට මුදල් ලබාදිය නොහැකි නම් ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය හරහා අගරු චෙක්පත් නිවේදනයක් (CRN - Cheque Return Notification) නිකුත් කෙරේ.ශ්‍රී ලංකා මහ බැංකුවේ තත් කාලීන දළ පියවීම් පද්ධතිය හරහා සෑම ව්‍යාපාරික දිනයකදීම, ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතියට අදාළ ශුද්ධ ශේෂ දෙවරක් පියවීම කරනු ලබයි.

මෙවැනි දියුණු මට්ටමේ ඡායාගත පිළිබිඹු නිෂ්කාශන ක්‍රමයක් චෙක්පත් නිෂ්කාශනය සඳහා යොදාගත්, දකුණු ආසියාවේ පළමු සහ ලෝකයේ දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්විය. මෙම පද්ධතිය ශ්‍රි ලංකාවේ 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත මඟින් නියාමනය කරනු ලබන අතර, එමඟින් ගෙවීම්, නිෂ්කාශන සහ පියවීම් පද්ධතිය නියාමනය, අධීක්ෂණය සහ නිරීක්ෂණය කිරීම සඳහා මෙන් ම මූල්‍ය සේවා සපයන්නන් නියාමනය කිරීම සහ චෙක්පත් විද්‍යුත් මාධ්‍යයන් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සලසනු ලබයි.

දත්ත ආරක්ෂාකාරීව ඉදිරිපත් කිරීමේ පහසුකම් සහිත මෙම පද්ධතිය හඳුන්වා දීමෙන්, වංචා අවම කිරීම, ප්‍රමිතිගත චෙක්පත් ආකෘතියක් හඳුන්වා දීම, සහ බැංකු ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් ගෙන ඇත.

මූල්‍ය ආයතන සඳහා ඇති වාසි

  • භෞතික ලියකියවිලි හුවමාරු කරගැනීම් වියදම් අවම වීම.
  • චෙක්පත් නිෂ්කාශනය වේගවත් වීම.
  • චෙක්පතේ මුදල MICR ක්‍රමයෙන් කේතනය කිරීම අවශ්‍ය නොවේ.
  • ඉලෙක්ටොනික සහ ඡායා පිළිබිඹු දත්ත එක්ව හුවමාරු කළ හැක.
  • භූගෝලීය දුරස්ථ තාවය අනුව නිෂ්කාශනය සඳහා ගතවන කාලය වෙනස් නොවේ.
  • වංචාවන්ට එරෙහිව ක්‍රියාත්මක විය හැකි නව නිෂ්පාදන හා සේවා.
  • සම්ප්‍රේෂණය අතරතුරදී දත්ත හා රූප වෙනස් වීමේ හැකියාවක් නොමැත.
  • ඡායා පිළිබිඹු දත්ත භාවිතා වන නිසා එය විධිමත් හා කාර්යක්ෂම වීම.
  • චෙක්පතක ඡායා පිළිබිඹු දත්ත නැවත ලබා ගැනීමේ ඇති හැකියාව.
  • චෙක්පත් කේතන වියදම් නොමැති වීම.
  • චෙක්පත් වලට අදාල තොරතුරු පහසුවෙන් නැවත ලබා ගැනීමට ඇති හැකියාව.

අගරු චෙක්පත් නිවේදනය (Cheque Return Notification)

ශ්‍රි ලංකාවේ 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත මඟින් ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කරන චෙක්පත් ගෙවීම සම්බන්ධ ක්‍රියා පටිපාටිය දක්වා ඇත. පනතේ 34 (1) වගන්තියට අනුව, චෙක්පත දරන්නා විසින් මුදල් ලබාගැනීම සඳහා චෙක්පතක් ඉදිරිපත් කළ බැංකුවට අගරු චෙක්පත් නිවේදනයක් නිකුත් කිරීමේ අවසරය ඇත.

අගරු චෙක්පත් නිවේදනයක ආකෘතිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති සියලුම අවශ්‍යතාවලට අනුකූල වන පරිදි නිර්මාණය කර තිබේ. චෙක්පත් අගරු නිවේදයක් නිකුත් කිරීමට අවසර ලබා දී ඇති බැංකු LankaPay ආයතනය විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව එය සිදුකළ යුතුය.

චෙක්පත් නිෂ්කාශනය (CITS) සමග සම්බන්ධ වී ඇති මූල්‍ය ආයතන

කාර්තුමය සංඛ්‍යා දත්ත

වර්ෂය කාර්තුව දිනකට නිෂ්කාශනය කරන ලද චෙක්පත් වල සාමාන්‍ය ප්‍රමාණය ('000) දිනකට නිෂ්කාශනය කරන ලද චෙක්පත් වල සාමාන්‍ය වටිනාකම (LKR) දිනකට අගරු වන චෙක්පත් වල සාමාන්‍ය ප්‍රමාණය ('000) දිනකට අගරු වන චෙක්පත් වල සාමාන්‍ය වටිනාකම (LKR) නිෂ්කාශනය සඳහා ලැබුණු මුළු චෙක්පත් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස අගරු වන චෙක්පත් ප්‍රමාණය
2021 Q1 160 බිලියන 37 4.0 මිලියන 660 2.5
Q2 129 බිලියන 32 10.4 මිලියන 1333 8.0
Q3 113 බිලියන 31 7.3 මිලියන 1010 6.4
Q4 146 බිලියන 38 3.4 මිලියන 681 2.4
2022 Q1 160 බිලියන 43 3.3 මිලියන 681 2.1
Q2 137 බිලියන 43 4.3 මිලියන 1028 3.2
Q3 117 බිලියන 37 3.0 මිලියන 862 2.5
Q4 139 බිලියන 41 3.6 මිලියන 972 2.6
2023 Q1 141 බිලියන 42 3.9 මිලියන 1068 2.8
Q2 143 බිලියන 44 4.4 මිලියන 1130 3.1
Q3 148 බිලියන 46 4.2 මිලියන 1049 2.8
Q4 149 බිලියන 44 4.4 මිලියන 1092 3.0
2024 Q1 156 බිලියන 48 4.2 මිලියන 1056 2.7
Q2 159 බිලියන 50 4.9 මිලියන 1219 2.7
Q3 156 බිලියන 46 4.1 මිලියන 1024 2.6

නිෂ්කාශන කාලසීමාවන්

අපි නිශ්චිත කාල සීමා තුළදී CITS මෙහෙයුම් සිදු කරන්නෙමු.

නිෂ්කාශන සැසිය නිෂ්කාශන උප සැසිය දත්තා ලබා ගැනීම ආරම්භ කිරීම දත්ත ලබා ගැනීම අවසන් කිරීම ක්‍රියාකාරකම
පියවීම් නිෂ්කාශනය අගරු චෙක්පත් උඩුගත කිරීම 10:00 a.m. 11:30 a.m. අගරු චෙක්පත් වලට අදාල දත්ත LankaPay වෙත සැල කීරීම
අගරු චෙක්පත් බාගත කිරීම 01:15 p.m. 09:30 a.m.(මීළඟ ව්‍යාපාරික දිනය) අගරු චෙක්පත් වලට අදාල දත්ත භාගත කිරීම
මූලික නිෂ්කාශනය චෙක්පත් උඩුගත කිරීම 10:00 a.m. 07:30 p.m. චෙක්පත් වලට අදාල දත්ත LankaPay වෙත සැල කීරීම
චෙක්පත් බාගත කිරීම 12:00 a.m. 09:30 a.m.(මීළඟ ව්‍යාපාරික දිනය) චෙක්පත් වලට අදාල දත්ත භාගත කිරීම

සටහන : හදිසි අවස්ථා වලදී CD/DVD තැටි හරහා දත්ත නිෂ්කාශනයට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. එවැනි අවස්ථා වලදී කරුණාකර LankaPay සහයෝගය ලබාගන්න

නිතර අසන ප්‍රශ්න

සාමාන්‍යයෙන් චෙක්පතක් LankaPay ආයතනය වෙත ළඟා වූ මොහොතේ සිට, එක් ව්‍යාපාරික දිනයක් ඇතුළත එය නිෂ්කාශනය වීම සිදු වේ.

ශ්‍රී ලංකා රුපියල් චෙක්පත් සහ බැංකු අණකර

සම්මත චෙක්පතක දිග අඟල් 7 ක් වන අතර පළල අඟල් 3.5 කි.

ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශනයෙහි , සියලුම චෙක්පත් ඡායාගත පිළිබිඹු ආකාරයෙන් සම්ප්‍රේෂණය වේ. එබැවින් විවිධ ප්‍රමාණවලින් ඉදිරිපත් කරන චෙක්පත්, සත්‍යාපන ක්‍රියාවලියට බාධා පමුනවයි.

නොහැක , රුපියල් මිලියන 100ට වැඩි චෙක්පත් ලබා නිකුත් කල රජයේ දෙපාර්තමේන්තුවලට පමණි.

එකම චෙක්පතේ සෑම අගරු වීමක් සඳහාම නව අගරු නිවේදනයක් නිකුත් කෙරේ. එබැවින්, චෙක්පත් අගරු නිවේදනයක් ඉදිරිපත් කර පසුව ආපසු අගරු වෙයි නම්, නව අගරු වීමේ හේතුවක් සමග තවත් චෙක්පත් අගරු නිවේදනයක් නිකුත් වේ.

ඔබට වෙනම ලැයිස්තුවක් අවශ්‍ය නම්, LankaPay සහාය අමතන්න.

ඔබටට සහය විය හැක්කේ කෙසේද?

LankaPay නිෂ්පාදන පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවාද? අපි සහය වීමට සූදානම්!

ඊමේල් ලිපිනය

  |  lankapaysupport@lankapay.net

මුල්‍ය ආයතන සඳහා අදාළ විය හැකි වෙනත් විසඳුම්







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander