En  |  தமி



සී. පී. එස්. බණ්ඩාර

අධ්‍යක්ෂ

බණ්ඩාර මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වසර 26 කට වැඩි කාලයක් මූල්‍ය පද්ධති ස්ථායිතාව, ආර්ථික සහ මිල ස්ථායිතාව, ආයතනික සේවා, නියෝජිත ආයතන කාර්යයන්, ව්‍යාපාර සැලසුම්, ව්‍යවසායකත්වයකත්වය, අවදානම් කළමනාකරණය සහ උපාය මාර්ගික සැලසුම් ඇතුළු විවිධ තීරණාත්මක අංශ වල සේවය කළ පළපුරුදු වෘත්තිකයෙකි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි වර්තමාන සහකාර අධිපතිවරයා ලෙස බණ්ඩාර මහතා ගෙවීම් සහ පියවීම්, තොරතුරු තාක්ෂණ හා විදේශ විනිමය වැනි තීරණාත්මක දෙපාර්තමේන්තු කිහිපයක් භාරව කටයුතු කරයි. ඔහු ක්‍රියාකාරීව විවිධ අභ්‍යන්තර හා බාහිර කමිටු, මණ්ඩල සමඟ කටයුතු කරන අතර ආයෝජන, අවදානම් කළමනාකරණය, උපාය මාර්ගික සැලසුම් සැකසීම, තොරතුරු තාක්ෂණය, ගෙවීම් සහ පියවීම් සහ ආපදා ප්‍රතිසාධන සැලසුම් ඇතුළු වැදගත් අංශ පාලනය කරයි.

බණ්ඩාර මහතා රටේ මූල්‍ය පද්ධති සන්නිවේදන ජාලය පිහිටුවීම, රජයේ සුරැකුම්පත් සඳහා විද්‍යුත් ලංසු පද්ධති ක්‍රියාත්මක කිරීම, නියාමන වාර්තාකරණය සහ අධීක්ෂණ පද්ධති සංවර්ධනය කිරීම, ජාතික ගෙවීම් සහ සුරැකුම්පත් පියවීම් පද්ධති ක්‍රියාත්මක කිරීම වැනි මුලපිරීම් රාශියක් වෙනුවෙන් සුවිශේෂ කාර්යය භාරයක් ඉටු කර ඇත. ඔහු රටේ මූල්‍ය වෙළඳපොළ ආශ්‍රිත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතිවලටද සම්බන්ධව කටයුතු කර ඇත.

බණ්ඩාර මහතා, තොරතුරු තාක්ෂණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක්, පරිගණක විද්‍යාව පිළිබඳව තාක්ෂණ උපාධියක් හා මහ බැංකුකරණය පිළිබඳව ඩිප්ලෝමාවක් සහිත ඉහළ අධ්‍යාපන මට්ටමක් ලබාගෙන ඇති අතර ඔහුගේ තනතුරට වටිනාකමක් එක් කිරීමට සමත්ව ඇත. ඔහු රටේ මූල්‍ය ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම සඳහා කැපවී කටයුතු කරන්නෙකි.

තවදුරටත් ඔහුගේ වෘත්තීය සුදුසුකම් අතර වෘත්තීය රාජකාරිවලට අමතරව, ඔහු ප්‍රජා සුබසාධනය සඳහා කැපවී සිටින්නෙක් වන අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ජාතික තාක්ෂණ සංවර්ධනය සහ තාක්ෂණික මුලපිරීම් ගැන අවධාන යොමු කරන කමිටු සහ සංවිධානවලට සම්බන්ධ වී කටයුතු කරයි.











නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander