En  |  தமி



L.H.A. ලක්ෂ්මන් සිල්වා

සභාපති

එල්.එච්.ඒ. ලක්ෂ්මන් සිල්වා මහතා ක්ෂේත්‍රයේ වසර 35කට වැඩි අත්දැකීම් සහිත කීර්තිමත් බැංකුකරුවෙකි. ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ සිල්වා මහතා 1987 දී DFCC බැංකු සමූහයට එක්විය. 2003 දී ඔහු DFCC වර්ධන බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත්වූ අතර 2010 ජනවාරි මාසයේදී ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂ තනතුරට උසස් විය. 2015 ඔක්තෝබර් මස සිට DFCC බැංකු PLC හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ තනතුර දැරූ ඔහු 2017 අගෝස්තු මාසයේදී ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ ලෙස පත්වූ අතර 2021 දී විශ්‍රාම යනතුරු එම තනතුරේ සේවය කළේය.

තම වෘත්තීය ජීවිතය තුළ, සිල්වා මහතා DFCC බැංකු PLC යටතේ පාලනය වෙන සමාගම් වන DFCC උපදේශන (පුද්) සමාගම, ලංකා කාර්මික නිවාස සමාගම සහ සිනැප්සිස් සමාගමේ සභාපති තනතුර දැරූ අතර ලංකා මූල්‍ය සේවා කාර්යාංශ සමාගමේ සහ ශ්‍රී ලංකා බැංකු සංගමයේ (ඇපකර) සමාගම් සභාපති තනතුරද දැරීය. තවද ඔහු DFCC බැංකු PLC හි හවුල් ව්‍යාපාරයක් වන Acuity Partners (පුද්) සමාගමේ, ලංකා වෙන්චර්ස් සමාගමේ සහ LVL එනර්ජි ෆන්ඩ් PLC හි සභාපති/අධ්‍යක්ෂ තනතුර දැරූ අතර 2021/12/31 දක්වා LankaClear (පුද්) සමාගමේ (LankaPay හි පෙර නම) අධ්‍යක්ෂ මණ්ඩලයේද සේවය කළේය.

සිල්වා මහතා ආසියානු හා පැසිෆික් සංවර්ධන මූල්‍යකරණ ආයතන සංගමයේ (ADFIAP) අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයෙකු විය. වර්තමානයේ, ඔහු Selan Bank PLC, Finetech Consultancy (පුද්) සමාගම සහ HNB Assurance PLC හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන අතරම Panasian Power PLC සහ එහි පාලිත සමාගම්වල සභාපති සහ අධ්‍යක්ෂ ලෙස සේවය කරයි. සිල්වා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ පාර්ශ්වකරුවන්ගේ සම්බන්ධතා කමිටුවේ සාමාජිකයෙකුද වේ.

ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) උපාධියක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් MBA උපාධියක් ලබා ඇති අතර ආසියානු හා පැසිෆික් සංවර්ධන මූල්‍යකරණ ආයතන සංගමයේ (ADFIAP) සාමාජිකයෙකුද වේ.











නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.

2

Event Calander