We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
2025 අගෝස්තු 6 වන දින සිට ලංකා බැංකුවේ වැඩබලන සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී ලෙස ජයතිලක මහතා පත් කෙරිණි. ඔහු 2020 පෙබරවාරි මාසයේදී ලංකා බැංකුවේ ආයතනික කළමනාකරණයට පත් කරන ලද අතර එතැන් සිට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (උපකාරක සේවා), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අය කර ගැනීම් - පළාත්), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සංවර්ධන බැංකු කටයුතු හා ශාඛා ණය මෙහෙයුම්) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නිමැවුම් හා බැංකු සංවර්ධන) ඇතුළු ප්‍රධාන තනතුරු දරා ඇත.
ආයතනික කළමනාකාරිත්වයට පත්වීමට පෙර, ජයතිලක මහතා 2015 අප්‍රේල් සිට විධායක කළමනාකාරිත්වයේ සාමාජිකයෙකු ලෙස සේවය කළ අතර, එහිදී ඔහු සහකාර සාමාන්‍යාධිකාරී (Product Development and Business Process Re-Engineering Project) සහකාර සාමාන්‍යාධිකාරී (මධ්‍යම පළාත) සහ සහකාර සාමාන්‍යාධිකාරී (Province Sales Management) වැනි තනතුරු හෙබවීය.
මෙරට බැංකු ක්ෂේත්‍රය ආශ්‍රිත ව වසර 28කට අධික පළපුරුද්දක් සහිත වෘත්තිකයෙකු වන ජයතිලක මහතා, 1997 වසරේ දී කළමනාකරණ අභ්යාසලාභියෙකු ලෙස ලංකා බැංකුව සමඟ එක් වූ අතර, ඒ මහතා, සහකාර මහා කළමනාකරු සහ නියෝජ්ය මහා කළමනාකරු යන ශ්‍රේණිවල දශකයකට වැඩි කාලයක් සේවය කර ඇත. පුළුල් පරාසයක බැංකු මෙහෙයුම් කටයුතු පිළිබඳ ව මනා පළපුරුද්දක් සහිත ජයතිලක මහතා, ශාඛා මෙහෙයුම්, ණය මෙහෙයුම්, සංවර්ධන බැංකුකරණ සහ අය කර ගැනීම් ඇතුළු බැංකු කටයුතු පිළිබඳ ප්‍රවීනයෙකි. විදේශ විනිමය වෙළෙඳපොළ, මූල්ය වෙළෙඳපොළ, ප්රාග්ධන වෙළෙඳපොළ, ආයෝජන කළමනාකරණය, භාණ්ඩාගාර මෙහෙයුම් සහ විදේශීය මෙහෙයුම් කටයුතු පිළිබඳ සිය සේවා කාලය තුළ මනා පළපුරුද්දක් ලබා ඇති ජයතිලක මහතා, මූලික බැංකු පද්ධති, වෙළෙඳ මූල්ය සේවා, වැඩ ප්රවාහ ස්වයංක්රීයකරණය (Workflow Automation) සහ Mobile Banking App ආශ්රිත ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී සිය නායකත්වය ලබා දී ඇති අතර, ඒ මහතා, නිමැවුම් හා සේවා සංවර්ධනය, ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදනය යන අංශ සඳහා ද සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත.
ජයතිලක මහතා ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයෙන් ව්යාපාර පරිපාලනය පිළිබඳ විද්යාවේදී (විශේෂ) උපාධියක් සහ කැලණිය විශ්ව විද්යාලයෙන් ව්යාපාර (මූල්ය) පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත. එමෙන් ම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන ඒ මහතා, බැංකුකරණය හා මූල්ය සේවා පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇත. මීට අමතර ව ජයතිලක මහතා, ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ උපාය මාර්ගික කළමනාකරණය පිළිබඳ උසස් පාඨමාලාව මෙන් ම ප්රංශයේ INSEAD විශ්ව විද්යාලයේ උසස් කළමනාකරණ පාඨමාලාව (AMP) සාර්ථක ව සම්පූර්ණ කර ඇත.
මීට අමතර ව ජයතිලක මහතා, Property Development PLC, Institute of Bankers of Sri Lanka, Credit Information Bureau of Sri Lanka, BoC Property Development & Management (Pvt) Limited, BOC Travels (Pvt) Limited, Hotels Colombo (1963) Limited, Ceybank Holiday Homes (Pvt) Limited සහ BOC IT Solutions (Pvt) Limited යන ආයතනවල අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කරයි.
නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.