En  |  தமி



ඩබ්ලිව්. පී. ආර්. එච්. ෆොන්සේකා

අධ්‍යක්ෂ

1990 ජනවාරි මස ලංකා බැංකුවේ සේවයට බැඳුණු ෆොන්සේකා මහතා සිය වසර 33ක සේවා කාලය තුළ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවිධ තනතුරුවල සේවය කරමින් අත්දැකීම් සම්භාරයක් රැස්කරගෙන ඇත. ෆොන්සේකා මහතා 2012 වසරේ සිට බැංකුවේ ආයතනික කළමනාකාරිත්වයේ සාමාජිකයෙකු ලෙස කටයුතු අතර, 2023 ජනවාරි මාසයේදී ඔහු සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් විය.

ෆොන්සේකා මහතා බැංකුව තුළ ප්‍රධාන මූල්‍ය නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ආයතනික සහ අක්වෙරළ බැංකුකරණය), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර, භාණ්ඩාගාර, සහ ආයෝජන), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සිල්ලර බැංකුකරණය), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුල්‍ය සහ සැලසුම්) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සිල්ලර බැංකුකරණය) ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් හොබවා ඇත.

ෆොන්සේකා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන උපාධිය (BSc) හා ශ්‍රී ලංකා කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (PIM) ලබා ගෙන ඇත. ඔහු ඕස්ට්‍රේලියාවේ Southern Queensland විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද (MBA) ලබාගෙන ඇත.

ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙක්ද වේ. එමෙන්ම ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් ව්‍යාපාරික පාසලේ ආදි ශිෂ්‍යයෙකි. ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය, LankaPay පුද්ගලික ආයතනය හා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය සහ ලංකා බැංකුවේ තවත් අනුබද්ධ සමාගම් සහ ආශ්‍රිත සමාගම් කිහිපයක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි. ඔහු Property Development PLC සහ LankaPay පුද්ගල ආයතනයෙ හි විගණන කමිටු සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.











නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander