We use cookies to enhance your experience on our website. By continuing to browse this site, you give consent for cookies to be used. For more information, please review our Cookie Policy
ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. ඔහු ACI Dealing Certificate සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ඇති අතර භාණ්ඩාගාර කළමනාකරණය පිළිබඳ වසර 29 කට වැඩි පළපුරුද්දක්ද ඔහු සතුවේ. ඔහු ඕස්ට්‍රේලියාවේ Certified Management Accountants ආයතනයේ සහතික ලත් සාමාජිකයෙක්ද වේ.
ඔහු 2018 සිට 2020 දක්වා කාලය තුළ ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ලෙස කටයුතු කළ අතර ඊට අමතරව ජාතික ගෙවීම් කවුන්සිලයේ, මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශක කමිටුවේ සහ නව විකල්ප මිනුම් සලකුණු, පොලී අනුපාත අධ්‍යයනය කිරීම සහ සැලසුම් කිරීම සම්බන්ධ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස තනතුරු දැරීය. ඔහු People’s Leasing & Finance PLC, People’s Leasing Property Development Limited, Lankan Alliance Finance Limited සහ LankaPay පුද්ගලික ආයතනයෙහි ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි. මීට අමතරව, ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ IABF/DABF විභාග සඳහා ප්‍රධාන පරීක්ෂකවරයෙකු ලෙසද සේවය කරන ඇත.
ෆොන්සේකා මහතා 2002 වසරේදී මහජන බැංකුවේ සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වූ අතර 2011 නොවැම්බර් මස සිට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ජ්‍යෙෂ්ඨ ආයතනික කළමනාකාරීත්ව කණ්ඩායමේ කටයුතු කරනු ලැබීය. එම භූමිකාව තුළ විදේශ විනිමය, ප්‍රාථමික අලෙවි නියෝජිත ඒකකය, ආයෝජන බැංකු ඒකකය, USD සහ LKR මුදල් වෙළෙඳපොළ මෙහෙයුම් ඇතුළු ප්‍රධාන මෙහෙයුම් අධීක්ෂණය සිදුකරනු ලබයි. මීට අමතරව ඔහු, දේශීය හා විදේශීය වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන සමඟ සබඳතා කළමනාකරණය කරනු ලබයි. මහජන බැංකුවේ සේවයට පැමිණීමට පෙර ඔහු American Express බැංකුවේ සහ Standard Chartered බැංකුවේ සේවය කර තිබේ.
ඔහු 2023 අගෝස්තු 1 වැනිදා මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරීවරයා ලෙස වැඩ භාර ගත්තේය.
නවතම ප්රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay newsletter වෙත ලියාපදිංචි වන්න.