En  |  தமி



රසික ගලප්පත්ති

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මූල්‍ය

ගලප්පත්ති මහතා මූල්‍ය උපායමාර්ග, සැලසුම්කරණය හා අයවැය සැකසීම, විශ්ලේෂණය, පාලනය හා වාර්තාකරණය, ආයෝජක සබඳතා, ආයෝජන හා භාණ්ඩාගාර කළමනාකරණය, මූල්‍ය අවදානම් කළමනාකරණය, අනුකූලතාව හා පාලනය වැනි සංස්ථාපිත මූල්‍ය කළමනාකරණයේ තීරණාත්මක ක්ෂේත්‍ර ආවරණය කරමින් LankaPay (පුද්ගලික) සමාගමට පුළුල් අත්දැකීම් හා විවිධාකාර කුසලතා සමුදායක් ගෙන එයි.

ඔහු එක්සත් රාජධානියේ CIMA ආයතනයේ සාමාජිකයෙකි. මොරටුව විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (දෙවන පන්තිය ඉහළ සාමාර්ථය) සමත් වූ ගලප්පත්ති මහතා, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) ආශ්‍රිත සාමාජිකයෙකි. ඔහු පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් (PIM) MBA උපාධියක් ලබා ඇත.

තම වෘත්තීය ජීවිතය පුරා, රසික ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, Ernest & Young, Acuity Knowledge Partners, Assetline Holdings සහ විදේශයන් හී කැනඩාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ Addison Leasing යන ප්‍රතිෂ්ඨාපිත ආයතනවල ප්‍රධාන තනතුරු දරා ඇත. සංස්ථාපිත මූල්‍ය කළමනාකරණයේ තීරණාත්මක ක්ෂේත්‍ර පුරා මූල්‍ය උපායමාර්ග හැඩගැස්වීම, කාර්යසාධනය ඉහළ නැංවීම සහ දිගුකාලීන තිරසාරභාවය සහතික කිරීම ඔහුගේ වගකීම්වලට ඇතුළත් විය.

තම පුළුල් අත්දැකීම් සමුදාය සමඟින්, රසික LankaPay හි මූල්‍ය කණ්ඩායම ඵලදායී ලෙස මෙහෙයවීමට සූදානම්ව සිටී. මූල්‍ය තීරණ මෙහෙයවීමේදී සහ ආයතනයේ දිගුකාලීන සාර්ථකත්වය සහතික කිරීමේදී ඔහුගේ නායකත්වය තීරණාත්මක වනු ඇත.




අනෙකුත් නායකයින්

චන්න ද සිල්වා

ප්‍රධාන විධායක නිලධාරී

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන චන්න ද සිල්වා මහතා 2015 දෙසැම්බර් මාසයේදී LankaPay (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී...

දිනුක පෙරේරා

නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී

දිනුක පෙරේරා මහතා බැංකුකරණය, ජාතික ගෙවීම් යටිතල පහසුකම්, ව්‍යාපෘති කළමනාකරණය, ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රති-ඉංජිනේරුකරණය, වෙනස්කම් කළමනාකරණය ආදී ක්ෂේත්‍රයන්හි විශිෂ්ට දැනුමක් සහ...

ලක්ෂ්මන් පල්ලියගුරුගේ

ප්‍රධාන පිරිස් නිලධාරී

පල්ලියගුරුගේ මහතා වසර 28කට වැඩි පුළුල් අත්දැකීම් සහිත සාර්ථක මානව සම්පත් හා සංවිධාන සංවර්ධන වෘත්තිකයෙකි. වර්තමානයේ ඔහු LankaPay (පුද්ගලික) සමාගමේ...







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත ලියාපදිංචි වන්න.

0

Event Calander