En  |  தமி  



කලණ සේනාරත්න

ප්‍රධාන මානව සම්පත් නිලධාරි

සේනාරත්න මහතා විවිධ ආයතනික හා කර්මාන්ත ක්ෂේත්‍රවල මානව සම්පත් උපායමාර්ග සැලසුම් කිරීම හා සාර්ථකව ක්‍රියාත්මක කිරීම, ආයතනික පරිවර්තන ක්‍රියාවලින් සදහා නායකත්වය ලබාදීම සහ නායකත්ව විශිෂ්ටත්වය වර්ධනය කිරීම යන ක්ෂේත්‍රයන් හි වසර 25කට අධික දීර්ඝ පළපුරුද්දක් හිමි ජ්‍යෙෂ්ඨ මානව සම්පත් කළමනාකරණ වෘත්තිකයෙකි.

අධ්‍යක්ෂ – මානව සම්පත්, සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී, උප සභාපති – මානව සම්පත් සහ මානව සම්පත් අංශ ප්‍රධානි ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකත්ව භූමිකාවන්හි වසර 17කට අධික පළපුරුද්දක් ලබා ඇති ඔහු, අධ්‍යක්ෂ මණ්ඩලය සහ විධායක නායකත්ව කණ්ඩායම් සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කරමින් ආයතනික අරමුණු සාක්ෂාත් කිරීම උදෙසා පුරෝගාමී දායකත්වයක් ලබාදී ඇත.

තොරතුරු තාක්ෂණය, FMCG, FMCD, NBFS, දේපළ හා දේපළ වෙළඳාම්, මෝටර් රථ, වැවිලි, පාන වර්ග, ඉදිකිරීම් සහ නිෂ්පාදන ඇතුළු විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි සේවය කර ඇති ඔහු, මානව සම්පත් ක්‍රියාවලි පරිවර්තනය, මානව සම්පත් පද්ධති සංවර්ධනය සහ ස්වයංක්‍රිය කරණය, කුසලතා කළමනාකරණය, අනුප්‍රාප්තික සැලසුම්කරණය සහ ආයතනික සංස්කෘතිය මත පදනම් වූ කාර්ය සාධන කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂඥතාවයක් දක්වයි.

මානව සම්පත් කළමනාකරණය වෘත්තීය ක්ෂේත්‍රයට ලබාදුන් සුවිශේෂී දායකත්වයන් වෙනුවෙන් දේශීය සහ ජාත්‍යන්තර ආයතන මගින් පිරිනමන මානව සම්පත් සම්මාන පහක් ලබාගත් ඔහු, උපායමාර්ගික නායකයෙකු සහ පරිවර්තන සැලසුම්කරුවෙකු ලෙස කීර්තිමත්ය. ඔහු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් සහ මානව සම්පත් කළමනාකරණ විෂය ක්ෂේත්‍රයේ විශේෂ ගෞරව උපාධියක් හිමි වන අතර, ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ වරලත් සාමාජිකයෙකු වේ. තවද, කම්කරු සබඳතා හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා දිත්වයක්ද තම වෘත්තීය ජීවිතයතුල දී සම්පූර්ණ කර ඇත.




අනෙකුත් නායකයින්

චන්න ද සිල්වා

ප්‍රධාන විධායක නිලධාරී

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන චන්න ද සිල්වා මහතා 2015 දෙසැම්බර් මාසයේදී LankaPay (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී...

දිනුක පෙරේරා

නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී

දිනුක පෙරේරා මහතා බැංකුකරණය, ජාතික ගෙවීම් යටිතල පහසුකම්, ව්‍යාපෘති කළමනාකරණය, ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රති-ඉංජිනේරුකරණය, වෙනස්කම් කළමනාකරණය ආදී ක්ෂේත්‍රයන්හි විශිෂ්ට දැනුමක් සහ...

රසික ගලප්පත්ති

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - මූල්‍ය

ගලප්පත්ති මහතා මූල්‍ය උපායමාර්ග, සැලසුම්කරණය හා අයවැය සැකසීම, විශ්ලේෂණය, පාලනය හා වාර්තාකරණය, ආයෝජක සබඳතා, ආයෝජන හා භාණ්ඩාගාර කළමනාකරණය, මූල්‍ය අවදානම්...







නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.